Divaina - ශානිගේ බරපතළ අක‍්‍රමිකතා ගැන විමර්ශන ඇරඹේ

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

delta

shani

* මැගසින් එකක් නැති වෙලා
* ජීව උණ්ඩ වැඩි වෙලා

හේමන්ත රන්දුණු

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහතා වැඩ තහනමට ලක් කිරීමෙන් පසු පොලිස් දෙපාර්තමේන්තුව වෙත සිය රාජකාරි ගිනි අවි භාරදීමේදී සිදු වී ඇති බව කියන බරපතළ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. පොලිස් දෙපාර්තමේන්තුව විසින් ශානි අබේසේකර මහතා වෙත බ‍්‍රවුනින් වර්ගයේ පිස්තෝලයක්, මැගසින් දෙකක් සහ ජීව උණ්ඩ 30 ක් නිකුත් කර තිබී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.

එහෙත් වැඩ තහනමට ලක් වීමෙන් පසුව ශානි අබේසේකර මහතා පොලිස් අවි ගබඩාව වෙත සිය රාජකාරි ගිනි අවි භාරදීමේදී බ‍්‍රවුනින් පිස්තෝලයක්, එක් මැගසිනයක් සහ ජීව උණ්ඩ 50 ක් භාරදී ඇත. ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුව විසින් ශානි අබේසේකර මහතාට නිකුත් කර තිබූ මැගසින් දෙකෙන් එකක් අතුරුදන් වී ඇති අතර ජීව උණ්ඩ 30 වෙනුවට උණ්ඩ 50 ක් ඒ මහතා විසින් අවි ගබඩාව වෙත භාරදී ඇති බව හෙළි වී තිබේ.

මෙම අවි භාරදීමේදී සිදු වී ඇති අතිරික්තතාව සහ ඌණතාව සම්බන්ධයෙන් පොලිස් අවි ගබඩාව විසින් පොලිස් මූලස්ථාන බලධාරීන් දැනුවත් කර ඇත.මේ ආකාරයට රාජකාරි ගිනි අවිවල අක‍්‍රමිකතා පැවතීම බරපතළ වරදක් බවත් එම අක‍්‍රමිකතා සම්බන්ධයෙන් වාර්තා නොකිරීම ද රාජකාරිය පැහැර හැරීමක් බවත් පොලිස් මූලස්ථානය පවසයි.

මේ සම්බන්ධයෙන් පොලිස් අවි ගබඩාවේ නිලධාරීන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව තොරතුරු ඉල්ලා ඇති අතර ඔවුන් පවසා ඇත්තේ ශානි අබේසේකර මහතාට පිස්තෝලයක්, මැගසින් දෙකක් සහ ජීව උණ්ඩ 30 ක් පමණක් නිකුත් කර තිබූ බවයි.
මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය ඊයේ (13 දා) සිට විමර්ශන ආරම්භ කර ඇත.

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles