Divaina - මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්න නියෝග කරන්න නීතිපතිට බෑ.... දින දෙකක්‌ ඇතුළත නියෝගය අවලංගු නොකළොත් නීතිඥ සංගමය නීතිපති දෙපාර්තමේන්තුවට යනවා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020

කශුනි රෙබෙකා

vinuis500411

 
 ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්‌ඨාසයට කරන ලද නියෝගය නීතියට පටහැනි බව සඳහන් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නීතිඥ සංගමයේ සාමාජිකයෝ ඊයේ (24 දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වූහ.
 
 එහිදී අදහස්‌ දක්‌වමින් නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා සඳහන් කර සිටියේ නීතිපතිගේ කාර්යභාරය වනුයේ අධිකරණයට මග පෙන්වීම හා සහාය වීම පමණක්‌ බවයි. එසේ තිබියදී විනිසුරුවරුන් අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කිරීම නීතිපතිවරයකුගේ කාර්යභාරය නොවන බවද ඔහු පැවසීය.
 
 පසුගිය (23 දා) නීතිපතිවරයා විසින් නිකුත් කරන ලද නියෝගය දින 2 ක්‌ ඇතුළත අවලංගු කිරීමක්‌ සිදු නොකළහොත් නීතිඥ සංගමයේ නිලධාරීන් කැටුව නීතිපති දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන බවද නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා පවසා සිටියේය.
 
 මේ වන විට නීතිඥ මණ්‌ඩලයේ නිලධාරීන් කණ්‌ඩායම් 2 ක්‌ ජනාධිපති හා අග්‍රාමාත්‍යවරුන් මුණගැසී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව ද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් කීවේය.
 
 මීට මාස කිහිපයකට පෙර නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන ලද සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස්‌ වික්‍රමසිංහ මහත්මිය විසින් හිටපු ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමග සංවාදයේ යෙදුණේ යෑයි පවසමින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද හඬපට සම්බන්ධයෙන් හා දිල්රුක්‍ෂි ඩයස්‌ මහත්මිය සම්බන්ධයෙන් මේ වන විටත් කිසිදු අයුරකින් නීතිය ක්‍රියාත්මක කර නොමැති බව නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා තවදුරටත් කීවේය.
 
 නීතිඥ සංගමයේ සභාපති ප්‍රියදර්ශනි ඉලුක්‌පිටිය මහත්මිය සඳහන් කර සිටියේ තෝරා ගත් පුද්ගලයන් කිහිප දෙනකු පමණක්‌ දඩයම් කිරීමකින් තොරව නීතිය පොදුවේ ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීමක්‌ කරන බවය.

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles