Divaina - මගේ රත්තරන් දුවට මෙහෙම වෙයි කියා හීනෙන්වත් හිතුවේ නෑ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020

doke2
 
 බණ්‌ඩාරගම ආර්. ඒ. එස්‌. ප්‍රේමතිලක
 
 doke1දොස්‌තර නෝන කෙනෙක්‌ වෙන්න ඉගෙන ගත්ත මගේ රත්තරන් දුවට මෙහෙම දෙයක්‌ වෙයි කියලා අපි හීනෙකින් වත් හිතුවේ නැහැ. මගේ රත්තරන් දරුවාව හොරු අරන් ගියා වගෙයි. අනේ අපේ පවුලට මොකද මේ වුණේ යෑයි කේ. වී. ප්‍රේමා මාලනී මහත්මිය හ`ඩා වැටෙමින් පැවසුවාය.
 
 කිළිනොච්චිය පරන්තන් හි 662 වන බළසේනා මූලස්‌ථානයේ වෛද්‍ය බළකායේ සේවය කරන සිය සැමියාගේ පිහි පහරින් සදහටම සමුගත් හපුහෙට්‌ටිගේ දොන් රෝෂනි කාංචනා (29) වෛද්‍ය සිසුවියගේ තොරතුරු සොයා බැලීම ස`දහා බේරුවල වලතර බ`දනගොඩ ප්‍රදේශයේ පිහිටි එම නිවසට යන විට ඇයගේ යහළු යෙහෙළියන් මෙන්ම පවුලේ ඥාති මිත්‍රාදීන් එම නිවසට රැස්‌ව සිටි අතර ඔවුන් සියලු දෙනා මේ ෙ€දවාචකයෙන් කම්පිතව බලාගත් අත බලාගෙන සිටියහ.
 
 මියගිය රෝෂිණී කාංචනා බඳනගොඩ විදුහලෙන් බේරුවල ඩී. එස්‌. සේනානායක විදුහලෙන් සහ මතුගම මධ්‍ය මහ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත්ව අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිට ඇත.
 
 කේ. වී. ප්‍රේමා මාලනී මහත්මිය මෙසේද පැවසුවාය.
 
 මියගොස්‌ සිටින්නේ මගේ වැඩිමහල් දියණිය. හැම අවුරුද්දකටම ඉගෙන ගත්ත ගුරුවරුන්ට බුලත් දෙනවා. ඒ තරම් ගුරු භක්‌තියක්‌ තියෙන මගේ දරුවට මොකද මේ වුණේ. මියගිය දවසේ එකයි තිහට කෝල් කරලා කිව්වා මම කෑම කාලා අම්මට කෝල් කරන්නම් කියලා. කෝල් කරේ නැති නිසා මම කෝල් එකක්‌ ගත්තා. කතා කළේ යාපනයේ පොලිසියෙන්. පොලිසියෙන් කිව්වා මේ ෙµdaන් එක අයිති කාන්තාවගේ බෙල්ල කපලා මරලා කියලා. මගේ පපුව හිරවෙන්න ආවා. කවුද දෙයියනේ මගේ දුවගේ බත් එක එකට කාලා බෙල්ල කපයි කියලා හිතන්නේ' යනුවෙන් ඇය පැවසුවාය.
 
 එච්. ඩී. දයානන්ද මහතා මෙසේ පැවසීය. මියගොස්‌ සිටින්නේ මගේ වැඩිමහල් දියණිය. එයා විවාහ වුණේ 2016.12.31. එයාගේ පවුලේ ප්‍රශ්න තිබුණා. නමුත් මේ වගේ දෙයක්‌ කරයි කියලා අපි හිතුවේ නැහැ. එයා නංගිටයි මල්ලිලා දෙන්නටයි ගොඩක්‌ ආදරෙයි. ලොකු මල්ලිවත් එයාගේම උනන්දුවෙන් වෛද්‍ය විද්‍යාලයට යෑව්වා. නංගිවත් කවදාහරි වෛද්‍ය විද්‍යාලෙට යවනවා කියලා හැමදාම කිව්වා. මම සේවය කරන්නේ කළුතර පොලිස්‌ අධිකාරි කාර්යාලයේ. දරුවාව දොස්‌තර නෝන කෙනෙක්‌ කරන්න මම හීන දැක්‌කා. එයා තුන් වතාවක්‌ උසස්‌ පෙළ කරලා ධෛර්යයෙන්ම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වුණේ වෛද්‍ය සිහිනය සැබෑ කරගන්න. ඒ හීන හැම එකක්‌ම බො`දවෙලා ගියා.
 
 මියගිය රෝෂණී කාංචනාගේ වැඩිමහල් සොයුරු වෛද්‍ය ශිෂ්‍ය රොෂාන් කලණ මහතා - සහෝදර ප්‍රේමය වාවාගත නොහැකිව හැ`ඩූ ක`දුළින් මෙසේ පැවසුවේය. මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ ඉගෙන ගන්නේ. නැන්දා කෙනෙක්‌ කතා කරලා කිව්වම මට අදහා ගන්න බැරි වුණා. අක්‌කයි මමයි දෙන්නම තව මාස ගාණකින් වෛද්‍යවරුන් වෙන්න හිටියේ. මම කළුතර දිස්‌ත්‍රික්‌කයෙන් නව වැනියා. අක්‌කා 21 වැනියා. මාවත් වෛද්‍ය විද්‍යාලයට ගෙනියන්න හිටිය අක්‌කා අපිව දාලා ගියා. අක්‌ක හැමදාම විසි තිස්‌ වතාවක්‌ ගෙදරට කෝල් කරලා දුක සැප අහනවා. අපි කොහොමද මේ දුක දරගන්නේ. අක්‌කා පොඩි කාලේ විවිධ ඇ`දුම් තරගෙට හැමදාම ඇන්දේ වෛද්‍යවරියකට. ඒ හීනය සැබෑ කරගන්න ඇය ගොඩක්‌ දුක්‌ වින්දා. ගිය සෙනසුරාදා පාන්දර හතරට විතර ගෙදර ඇවිත් දවසෙම විවිධ කෑම වර්ග උයලා ගෙදර අයත් එක්‌ක සතුටින් ඉ`දලා ඉරිදා උදේ ගියේ. එයාට සැමියාගෙන් ගොඩක්‌ හිරිහැර තිබුණා. අපේ පවුලත් එක්‌ක තියෙන බැඳීම නවත්වන්න අක්‌කගේ සැමියා අක්‌කගේ phone දෙකක්‌ කුඩු කළා.

dokpiya
 
 අක්‌කට තියෙන්නේ උණුවෙන හදවතක්‌. අක්‌කගේ වම් අතේ අස්‌ථිය පේන්න පිහියෙන් කපලා. ඒකෙන් බේරෙන්න අක්‌කා පිහිය අල්ලලා. එතකොට ඇ`ගිලි කැපිලා. ඊට පස්‌සේ ඒ මිනිහා අක්‌කගේ බෙල්ල ගැඹුරටම කපලා කලපුවට තල්ලු කරලා යෑයි ඔහු හැඬූ ක`දුළින් පැවසුවේය. ඇයගේ බාල සොයුරු ඉසන්ත සසින්ත සහ බාල සොයුරිය ස`දුනි එරන්දි කිසිවක්‌ කරකියා ගත නොහැකිව වික්‌ෂිප්තව බලා සිටින අයුරු දැකගත හැකිවිය. ඥාති මාමා කෙනෙක්‌ වූ එස්‌. අනුරුද්ධ මහතා හැඬූ ක`දුළින් මෙසේ පැවසීය. බේරුවල බඳනගොඩ ගමෙන් බිහිවෙන්න හිටිය පළමු වෛද්‍යවරිය අකාලයේ අපට අහිමි වුණා.
 
 රෝෂණී කාංචනා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (26 දා) සවස දෙකට කාලවිල කන්ද පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.
 

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles