Divaina - ලොව වේගවත්ම පන්දුව 17 හැවිරිදි මතීෂගෙන්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

p16 1දකුණු අප‍්‍රිකාවේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවැති තරගයේදී ලොව වේගවත්ම පන්දුව යොමු කිරීමට 17 හැවිරිදි ශ‍්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක මතීෂ පතිරණ සමත්ව තිබේ.
 
 ඉන්දියාව සමග පෙරේදා පැවැති තරගය ශ‍්‍රී ලංකාව ලකුණු 90 කින් පරාජය වුවද ඔහු විසින් සිව්වැනි පන්දුවාරයේ පස්වැනි පන්දුව පැයට කි.මී. 175 ක වේගයකින් යැවූ බව වේග මාපක දර්ශකයේ සටහන් විය. එම පන්දුව සම්බන්ධයෙන් ලොව අවධානයට යොමු වෙද්දී මෙතෙක් කල් ලොව වේගවත්ම පන්දු යැවූ පාකිස්තාන්යේ ෂොයිබ් අක්තාර්ගේ වාර්තාවද බිඳ වැටුණි.
 
 අක්තාර් විසින් 2003 වසරේදී පැයට කි.මී. 161.3 කින් එංගලන්තයට එරෙහිව මීට පෙර ලොව වේගවත්ම පන්දුව යවා තිබුණි. මතීෂ විසින් යැවූ පන්දුව වයිට් පන්දුවක් වුවද එය වාර්තාගත පන්දුවක් වශයෙන් සටහන් වේ.
 
 මහනුවර ත‍්‍රිත්ව විදුහල නියෝජනය කරන මතීෂගේ පන්දු යැවීමේ ඉරියව්ව සාමාන්‍ය පන්දු යවන්නකුට වඩා වෙනස් වන අතර එය ලසිත් මාලිංගගේ ඉරියව්වට සමාන වේ.
 
 මතීෂට පෙර ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේ ලොව වේගවත්ම පන්දුව සටහන් කළ පන්දු යවන්නන්
 
 1. ෂොයිබ් අක්තාර් (පාකිස්තානය) පැ.කි. 161.3
 
 2. බ්‍රෙට් ලී (ඔස්ටේ‍්‍රලියාව) පැ.කි. 161.1
 
 3. ෂෝන් ටයිට් (ඔස්ටේ‍්‍රලියාව) පැ.කි. 161.1
 
 4. ජෙෆ්රි තෝමස් (ඔස්ටේ‍්‍රලියාව) පැ.කි. 160.6
 
 5. මිචෙල් ස්ටාක් (ඔස්ටේ‍්‍රලියාව) පැ.කි. 160.4
 
 6. ඇන්ඩි රොබට්ස් (බ.ඉ.කොදෙව්) පැ.කි. 159.5
 
 7. ෆිඩෙල් එඞ්වර්ඞ් (බ.ඉ.කොදෙව්) පැ.කි. 157.7
 
 8. මිචෙල් ජොන්සන් (ඔස්ටේ‍්‍රලියාව) පැ.කි. 156.8
 
 9. මොහොමඞ් සාමි (පාකිස්තානය) පැ.කි. 156.4
 
 10. ෂේන් බොන්ඞ් (නවසීලන්තය) පැ.කි. 156.4

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

gold250

මීවිත

inspect250

More Articles