Divaina - වඳවී ගිය කළු කොටියෙක් මධ්‍යම කදුකරයේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

p1 3ශ‍්‍රී ලංකාවේ ජීවත්ව සිට වඳවී ගිය බවට සැලකූ කළු කොටි වර්ගයේ සතෙකු පිළිබ`දව යළිත් වාර්තා කරන්නට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සමත්වී ඇත.

ශ‍්‍රී ලංකාවේ වනජීවී ආරක්‍ෂණ කාලප තුළ දිවිගෙවන කොටියන් (ශ‍්‍රී ලංකානු දිවියා) පිළිබඳව සිදුකෙරෙන පර්යේෂණයකදී මෙසේ මෙම කළු කොටියා වාර්තා වී ඇත්තේ ස`ගවන ලද කැමරාවකින් (ඔර්ච ක්‍්පැර්) ලැබී ඇති වීඩියෝ සහ ඡුායාරූප මගිනි.

මෙම නවතම කළු කොටියා පිරිමි සාමාජිකයකු බවත්, මධ්‍යම කඳුකරයේ සුවිශේෂී ස්ථානයක ස්ථානගත කර තිබූ කැමරාවක් මගින් ඡුායාරූප සටහන් කරගත් බවත් පර්යේෂණයේ නියුතු වනජීවී පශු වෛi නිලධාරි මාලක අබේවර්ධන මහතා ‘දිවයින’ට සඳහන් කළේය.

ශ‍්‍රී ලංකාවේ මධ්‍ය කඳුකර ප‍්‍රදේශ කිහිපයක හා සිංහරාජ අඩවියේ කළු කොටින් වාසය කරන බවට තොරතුරු ලැබී ඇති බවද එම විශ්වාසගත තොරතුරු අනුව අදාළ සැ`ගවුණු කැමරා (ඔර්ච ක්‍්පැර්) සවිකරන ලද බවද සඳහන් කළ වෛi අබේවර්ධන මහතා තමන්ගේ විමර්ශනය ඵලදායක වූ බවද පැවසීය.

මීට පෙර සිංහරාජ පිටදෙණිය ප‍්‍රදේශයේදී දඩයක්කරුවන් විසින් මරා දමන ලද කළු කොටින් දෙදෙනකුගේ ශරීර කොටස් හමුවූ අතර තවත් අවස්ථාවකදී මන්දකට හසුවී මියගිය කළු කොටියෙකුගේ පූර්ණ සිරුරක් සොයාගන්නා ලදී.

මෙම සත්ත්වයා බළල් පවුලේ වෙනම සාමාජිකයකු නොව ශ‍්‍රී ලංකාවට ආවේණික ශ‍්‍රී ලංකානු දිවියා නොහොත් කොටියා (ඡු්බඑයැර් ඡු්රාබි ණදඑසහ්) ගේම වර්ණ ප‍්‍රභේදයක් බවද වෛi මාලක අබේවර්ධන මහතා ‘දිවයින’ට පැවසීය.

ජගත් කණහැරආරච්චි
 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

gold250

මීවිත

inspect250

More Articles