Divaina - රන්ජන් හිරුණිකාතවත් හඬ පටයක් එළියට - බීබීසී මාධ්‍යවේදියකු සමග කළ හඩ පටයකුත් හෙළිවෙයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020

p1 1රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක තවත් හඬපට දෙකක්  පසුගිය දින දෙක ඇතුළතදී නිකුත්ව තිබේ. එයින් එකක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය සමග කළ හඬ පටයක් වන අතර අනෙක බී.බී.සී. මාධ්‍යවේදී අසාම් අමීන් සමග කළ එකකි.
 
 රන්ජන් රාමනායක හා හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර අතර ඇතිව තිබෙන සංවාදයේදී හිරුණිකා මන්ත‍්‍රීවරිය හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ගමරාළ යනුවෙන් චෝදනා කරයි.
 
 තමාට රජයේ රූපවාහිනි චැනලයක සම්මුඛ සාකච්ඡුාවකට සහභාගි වීමට තිබුණු බවත් එය ‘ගමයා’ විසින් වළකා ඇති බවත් මෙහිදී හිරුණිකා රන්ජන්ට කියයි.
 
 එහිදී රන්ජන් රාමනායක පවසන්නේ ‘අප්පටසිරි ගමයට ඒ කියන්නේ යක්‍ෂයා ආවේසවෙලා ඉන්නැති’ යනුවෙනි.
 
 මෙහිදී හිරුණිකා හිටපු ජනපති ගැන සඳහන් කරමින් පවසන්නේ ‘මම මේ එයා කරපු කැත වැඩ ගැන පුදුමාකාර තරහක් තියනවා’ යනුවෙනි.
 
 මෙම සාකච්ඡුාවේදී හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ ගැනද සඳහන් කෙරේ. මෙහිදී රන්ජන් රාමනායක පවසන්නේ ‘උඹ මොනවා කීවත් මාට්ටු වෙන්නේ අර අහිංසක රනියාවයි’ යනුවෙනි.
 
 හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය මීට පෙර මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වූ හඬපටය විකෘති එකක් යැයි පවසමින් ඇගේ මුහුණුපොතේ වීඩියෝවක් ප‍්‍රචාරය කිරීමෙන් පසු දින මෙම හඬ පටය නිකුත්ව තිබේ.
 
 බී.බී.සී. යේ අසාම් අමීන් රන්ජන් රාමනායක මහතා සමග පවත්වන හඬපටයක්ද මාධ්‍යයට නිකුත්ව ඇත. මෙහිදී අමීන් මහතා ජනතා විමුක්ති පෙරමුණු ඡුන්ද දායකයන්ගේ ඡුන්දයත් එජාප ජනපතිවරණ අපේක්‍ෂකයාට ලබා ගත යුත්තේ කෙසේද යන්න ගැන උපදෙස් දෙයි.
 
 මෙම හඬපටයේ අසාම් අමීන් හිටපු ඇමැති විජිත් විජයමුණි සොයිසා සමගද කතා කරයි.
 
 එහිදී කතා කරන්නේ ජනාධිපතිවරණ සටනේ සජිත් පේ‍්‍රමදාස මහතාට ඇති වාසිය පිළිබඳවය.

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles