Divaina - ගුවන්තොටුපළ ආරක්‍ෂක වැඩවලින් මගීන්ට කරදරයක් වෙන්න බැහැ - ජනපති ගෝඨාභය රාජපක්‍ෂ කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

p5 1රටින් පිටවීමේදී සහ මෙරටට පැමිණීමේදී කිසිදු ගුවන් මගියකු අපහසුතාවකට හෝ ප‍්‍රමාදයකට ලක් නොවන ආකාරයෙන් කි‍්‍රයා කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගුවන්තොටුපළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ගුවන්තොටුපළ ආශි‍්‍රත ආරක්‍ෂක වැඩපිළිවෙළ මහජනතාව අපහසුතාවට ලක් නොවන ආකාරයෙන් සිදුවිය යුතු බවද (16 දා* පස්වරුවේ කටුනායක අන්තර් ජාතික ගුවන්තොටුපළේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙමින් ජනාධිපතිවරයා ඒ බව අවධාරණය කළේය.

ආගමන විගමන පරීක්‍ෂණ කටයුතු සඳහා ප‍්‍රමාණවත් නිලධාරීන් යොදවා මගීන්ට සිදුවන ප‍්‍රාමාදය හැකි උපරිමයෙන් අවම කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා ආගමන විගමන අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.

පැමිණීම සහ පිටවීම සඳහා අංගණ දෙකක් නිර්මාණය කිරීමෙන් කාර්යක්‍ෂම සේවාවක් මගීන්ට ලබාදිය හැකි බව පෙන්වාදුන් ජනාධිපතිවරයා නව මගී පර්යන්තයේ වැඩ කඩිනමින් නිමකර ජනතා අයිතියට පත්කරන ලෙසද උපදෙස් දුන්නේය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පිටත්වීමේ පර්යන්තය වෙතින් ගුවන්තොටුපළ තුළට ඊයේ සවස 3.45 ට පමණ පිවිසි ජනාධිපතිවරයා එතැන් සිට සිය නිරීක්‍ෂණ චාරිකාව ආරම්භ කරමින් තීරුබදු රහිත සාප්පු සංකීර්ණය, ආගමන විගමන පරිශ‍්‍ර, රේගු පරිශ‍්‍ර, කුලී රථ කවුළු, බැංකු පරිශ‍්‍ර, මගී ගමන් මලූ හුවමාරු අංශ, සංක‍්‍රමණික ගුවන් මගී පර්යන්තය, ගුවන් යානා වෙත පිවිසෙන දොරටු සහ එම පරිශ‍්‍ර සහ පැමිණීමේ පර්යන්තය පරීක්‍ෂාවට ලක් කළේය.

ඒ අතරතුර ගුවන්තොටුපළ වෙත පැමිණ සිටි දෙස් විදෙස් සංචාරකයන් සමග සුහද පිළිසඳරක ද නිරත විය.

මෙම චාරිකාව අතරතුර විවිධ රජයේ සහ පෞද්ගලික අංශයේ කාර්යාල සහ ව්‍යාපාරික ස්ථානවල නිලධාරීන් සමගද අදහස් හුවමාරු කර ගනිමින්, ඒ ඒ ආයතනවල කාර්යක්‍ෂමතාවය ඉහළ නංවා ගැනීමටත්, ගුවන් මගීන්ට සහ ගුවන්තොටුපළ වෙත පිවිසෙන සාමාන්‍ය ජනතාවට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට ද උපදෙස් දීම සිදුකෙරුණි.

මෙම සංචාරය ආරම්භ කරමින් ගුවන්තොටුපළ පර්යන්ත  ගොඩනැඟිල්ල තුළට ජනාධිපතිවරයා පිවිසෙන තෙක්ම, මෙම හදිසි නිරීක්‍ෂණ චාරිකාව පිළිබඳව ගුවන්තොටුපළ නිලධාරීන් කිසිවෙකුත් කල්තියා දැනුවත් වී නොසිටීම විශේෂ ලක්‍ෂණයක් වී තිබුණි.

පසුව මෙම සංචාරය සවස 4.50 ට පමණ නිමා කරමින් ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයෙන් එතුමා පිටත්ව ගියේය.

ලසිත දුමින්ද, කටුනායක - ටී. කේ. ජී. කපිල

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

gold250

මීවිත

inspect250

More Articles