Divaina - රන්ජන්ගේ ඇප ඉල්ලීම ඉවතට.... සැකකරු කළ යුත්තේ චර්යාව නිවැරදි කර ගැනීම මිස මාධ්‍ය වාරණ ඉල්ලීම නොවේ...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020

 ඒ. ඡේ. ඒ. අබේනායක

 

ra500 
 සැකකාර රන්ජන් රාමනායක මහතාට ඇප ලබාදෙන ලෙසට ඔහුගේ නීතිඥවරුන් ඊයේ (17 දා) කළ ඉල්ලීම නුගේගොඩ අතිරේක මහෙස්‌ත්‍රාත් හැරිස්‌ පැල්පොල මහතා විසින් ප්‍රතික්‍ෂේප කරන ලදී.
 
 පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මාදිවෙල පිහිටි නිල නිවසේ තිබී අත්අඩංගුවට ගත් අසභ්‍ය ඡායාරූප ඇතුළත් සී. ඩී. පට 36 ක්‌ හා ලැප්ටොප් පරිගණක දෙකක්‌, ජංගම දුරකථන දෙකක්‌ ඇතුළු නඩු භාණ්‌ඩ කිහිපයක්‌ ද කොළඹ අපරාධ කොට්‌ඨාසය විසින් ඊයේ (17 දා) නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයට භාරදෙනු ලැබීය.
 
 රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තා ඇතුළු පිටු 300 කට අධික එකී නඩුවට අදාළ විස්‌තර ගොනුවක්‌ ද පසුගිය 05 වැනිදා බස්‌නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්‌ඨාසය විසින් එම නිවසේ තිබී අත්අඩංගුවට ගෙන තිබූ අතර එම ලේඛන ගොනුව ද විමර්ශන නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
 
 සිය සේවාදායකයාගේ නිවසේ තිබියදී අත්අඩංගුවට ගත් දුරකථන සංවාද ඇතුළත් හඬපට මාධ්‍යයට නිකුත් කර ඇත්තේ ඒවා අත්අංගුවට ගෙන ඇත්තේ පොලිසිය විසින් බවත් ඒවා මාධ්‍ය මගින් විකෘති කොට විකාශනය කර ඇති බවත් සැකකාර රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආශා කහවත්ත මහත්මිය එහිදී අධිකරණයට කීවාය.
 
 වැටලීම් සිදුකළ විමර්ශන නිලධාරීන් විසින් වැටලීමේදී අත්අඩංගුවට ගත් පරිගණක, සී. ඩී. පට ඇතුළු සියලු නඩු භාණ්‌ඩ ඔහු ඉදිරියේදීම මුද්‍රd තබා ඔහුගේ අත්සන් ලබාගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් ඒවා අධිකරණය භාරයේ තිබියදීම අධිකරණයේ නියෝග මත මේ වනවිටත් රස පරීක්‍ෂකවරයා වෙත ඉදිරිපත් කොට ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්‌ මහතා එහිදී අධිකරණයට කීවේය. එබැවින් ඒවා පිටස්‌තර පුද්ගලයන්ට ලබාදීමේ හැකියාවක්‌ පොලිස්‌ නිලධාරීන්ට නොමැති බව ද එහිදී අධිකරණයට පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා යම් හෙයකින් කිසියම් පොලිස්‌ නිලධාරියෙක්‌ එවැනි වැරදි ක්‍රියාවක්‌ සිදුකර ඇති බව අනාවරණය වන්නේ නම් එවැනි නිලධාරීන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ද අධිකරණයට කීවේය.
 
 එකී හඬපට මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම වළක්‌වන නියෝගයක්‌ නිකුත් කරන ලෙස ඉල්ලා රන්ජන් රාමනායක මහතාගේ නීතිඥවරුන් ගොනු කර තිබූ මෝසම එහිදී කැඳවූ අවස්‌ථාවේදී දිලීප පීරිස්‌ මහතා එලෙස ප්‍රකාශ කළේය. ජනමාධ්‍ය නිදහසට බාධාවක්‌ වන පරිදි නියෝග නිකුත් කිරීමේ හැකියාවක්‌ අධිකරණයට නොමැති බව එහිදී පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සැකකරු කළ යුත්තේ සිය අයහපත් චර්යාව නිවැරදි කර ගැනීම මිස මාධ්‍ය වාරණ ඉල්ලා සිටීම නොවන බව ද කීවේය.
 
 සිය චර්යාවේ ඇති දුර්වලතා පිළිගැනීමට තරම් ආත්ම ශක්‌තියක්‌ නොමැති එවැනි සැකකරුවකු වෙනුවෙන් කරන මාධ්‍ය වාරණ ඉල්ලීම් අධිකරණය සලකා බැලීමක්‌ හෝ සිදු නොකළ යුතු බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට වැඩිදුරටත් කීවේය.
 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles