Divaina - ලෝකයේ දිගම කේක්‌ ගෙඩිය හදයි... දිග කිලෝමීටර් 6.5ක්‌ බර කිලෝ 27000 ක්‌

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020

ඒමන්ති මාරඹේ

 

cake500දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ බේකරිකරුවන් හා සූපවේදීන් 1500 ක්‌ පමණ දෙනා එක්‌ව ඉකුත් බදාදා (15 දා) ලොව දිගැතිම කේක්‌ ගෙඩිය වශයෙන් කිලෝමීටර් 6.5 ක්‌ දිගැති කේක්‌ ගෙඩියක්‌ තනා තිබේ. මෙම කේක්‌ ගෙඩිය ලොව දිගැතිම කේක්‌ ගෙඩිය ලෙස ගිනස්‌ වාර්තා පොතට එක්‌ කිරීමට කේක්‌ ගෙඩිය තැනීම සංවිධානය කළ කේරළ බේකරිකරුවන්ගේ සංගමය විසින් ගිනස්‌ සංවිධායකයන්ගෙන් ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ.
 
 වැනිලා කේක්‌ ගෙඩියක්‌ වන මෙහි බර කිලෝග්‍රෑම් 27,000 කි. එය තැනීම සඳහා සීනි හා පිටි කිලෝ 12,000 ක්‌ (රාත්තල් 26,455 ක්‌) යොදාගෙන තිබේ. සුදු පැහැති ඒප්‍රන් හා හිස්‌ වැසුම් පැළඳගත් කේරළ ප්‍රාන්තයේ බේකරිකරුවන් හා සුපවේදීන් පැය හතරක කාලයක්‌ මෙම කේක්‌ ගෙඩිය සකස්‌ කිරීම සඳහා වැය කර තිබේ.
 
 චොකලට්‌ හා ක්‍රීම් මිශ්‍රණයක්‌ වන "චොකලට්‌ ගෙනච්" හා "ඩෙසර්ට්‌ සර්පන්ටයින්" නමැති අතුරුපසින් මතුපිට සරසා තිබූ මෙම කේක්‌ ගෙඩිය සෙන්ටිමීටර් 10 ක්‌ පළලැති බව කේරළ බේකරිකරුවන්ගේ සංගමය පවසයි.
 
 කේරළ ප්‍රාන්තයේ "ත්‍රිස්‌සුර්" නගරයේ පිට්‌ටනියක යොදා තිබූ මේස දහස්‌ ගණනක්‌ මත මෙම කේක්‌ ගෙඩිය තබා තිබූ අතර කේක්‌ ගෙඩිය තැනීමේ අවස්‌ථාවට විශාල ජනකායක්‌ එක්‌ව සිටියහ. මෙහිදී මාධ්‍යයට අදහස්‌ දැක්‌වූ කේරළ බේකරිකරුවන්ගේ සංගමයේ මහ ලේකම් නෞෂාඩ්ට අනුව මෙය සිය බේකරිකරුවන්ගේ දක්‍ෂතා ලොවට පෙන්වා දීමේ අවස්‌ථාවකි. "මෙම කේක්‌ ගෙඩිය ඉතාමත් හොඳ සෞඛ්‍යාරක්‌ෂිත බවකින් හා ඉහළ රසයකින් නිපදවා තිබෙනවා" යෑයි ඔහු කීවේය.
 
 මෙයට පෙර ලොව දිගැතිම කේක්‌ ගෙඩිය වශයෙන් ගිනස්‌ වාර්තා පොතට එක්‌ව තිබුණේ චීනයේ සික්‌සි ප්‍රාන්තයේ බේකරිකරුවන් පිරිසක්‌ විසින් 2018 වසරේදී පුළුස්‌සන ලද කිලෝමීටර් 3.2 ක්‌ දිගැති පලතුරු කේක්‌ ගෙඩියකි.
 

 
 

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles