Divaina - එළැfඔන 16 වැනිදායින් පසු පාලකයෝ දුක් විඳින ජනතාව සැප විඳින යුගය උදාකරනවා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

p9 2- හංසයාගේ ජනාධිපති ධුර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මොණරාගලදී කියයි

රාජ්‍ය ආයතනවලින් සිදුකරන නාස්තිකාර වියදම් නවත්වා ඒ හැම ශතයක්ම ජනතාවගේ යහපත වෙනුවෙන් යොදවන බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තමන් ජනාධිපති වූ පසුව ජනතා බදු මුදලින් නඩත්තු වීම ඉතාම අවම මට්ටමකට ගෙන එන බවත් මොණරාගලදී ඊයේ (13 දා) පැවැති අවසන් ජන රැලියකදී කීය. මොණරාගල, හම්බන්තොට, මාතර, වැලිගම, ගාල්ල, කළුතර, මොරටුවදී සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දිනය පුරාම සිය අවසන්  රැලි පවත්වනු ලැබිණ.

මොණරාගලදී පැවැති රැලියේදී සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.

මම මේ ජනාධිපතිවරණයේදී ජන රැලි 153 ක් ආමන්ත්‍රණය කළා. කිසිම ජනාධිපති අපේක්ෂකයෙක් පොදු ජනතාවගේ දෙපතුළ ළඟට ඇවිත් මේ තරම් ජන රැලි අමතලා නෑ. ලබන 16 වැනිදාට අපි ලබන ජයග්‍රහණයෙන් පසුව මම නැවතත් මේ ප්‍රදේශවලට එනවා. ඒ එන්නේ මේ ප්‍රදේශවලට දැවැන්තම සංවර්ධනය අරගෙන බව කිව යුතුයි. මම ජනාධිපති ධුරයට පත්වූ ගමන්ම මුල් මාස කිහිපය තුළදීම රටේ සංවර්ධන කටයුතු ආරම්භ කරනවා. මේ ඌව වෙල්ලස්සට අවශ්‍ය සංවර්ධනය ගේනවා. සියලුම භවභෝගවලට නොමිලේ පොහොර සහනාධාරය ලබාදීලා වගා සංග්‍රාමයක් මම ආරම්භ කරනවා. වී වලට රුපියල් 50 ක සහතික මිලක් මම ලබාදෙනවා. ගම්මිරිස්වලටත් හොඳ මිලක් ලබාදෙනවා වගේම මම ජනාධිපති වී පහු වැනිදාටම ගම්මිරිස් ප්‍රතිඅපනයනය තහනම් කරනවා.

ලබන 16 වැනිදාට මම ජනාධිපති වූ විට ඔබේ ප්‍රදේශවල පවතින උප නගර සංවර්ධනය කිරීමට කැප වෙනවා. පූජනීය ස්ථාන සංවර්ධනය කිරීම, සංචාරක කර්මාන්තය දියුණු කිරීම කරනවා. මේ මොණරාගල යපස් නිධි තිබෙනවා. එය මනා කළමනාකාරීත්වයක් ඇතිව ජනතාවගේ අතමිට සරු කරන ආකාරයට අපි ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. දුප්පත් ජනතාව වෙනුවෙන් අපි කඩිනම් ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. අපි ජනසවිය ආරම්භ කරනවා. සමෘද්ධිය මඟින් ලබාදෙන මුදල වැඩි කරනවා. එම ව්‍යාපෘතිය ශක්තිමත් කරනවා. මගේ පියා ආරම්භ කළ ඒ ජනසවි 25000 ව්‍යාපෘති නැවත ආරම්භ කරනවා. පාසල් දරුවන්ට නිල ඇඳුමයි, සපත්තු කුට්ටමයි, දිවා ආහාරයයි නොමිලේ ලබා දෙනවා.

අපි එහෙම කියනකොට ප්‍රතිවාදීන් අහනවා මගෙන් සජිත්ට මේවාට සල්ලි කොහෙන්ද කියලා. එතකොට මම අහනවා ඒ අයගෙන් නෙළුම් කුලුන, නෙළුම් පොකුණ හදන්න ඒ අයට සල්ලි කොහෙන්ද කියලා. ඒ ව්‍යාපෘතිද හොඳ? දුප්පත් ජනතාවට සහන දෙන එකද? පොහොට්ටුවේ අය පොට වරද්දා ගත්තා. එයාලා යාපනයේ විශාල ජනාධිපති මන්දිරයක් හදලා. මුහුද මට්ටමට නාන තටාකයකුත් හදලා. ඒවා හදන්න සල්ලි තියෙනවා නම් පොහොර නොමිලේ දෙන්න සල්ලි නැද්ද. රාජ්‍ය ආයතනවලින් සිදුකරන නාස්තිකාර වියදම් නවත්වලා ඒ හැම තඹ ශතයක්ම අපි ජනතාවගේ යහපත වෙනුවෙන් ගොවීන් වෙනුවෙන් පාසල් දරුවන් වෙනුවෙන් වැය කරනවා.

අපි හදන අලුත් ආණුඩුවෙන් මැති ඇමැතිවරුන්ට වාහන පර්මිට් දෙන්නේ නෑ. ඒ හැම මුදලක්ම අපේ මාතෘභූමියේ සංවර්ධනයට යොදවනවා. අමාත්‍යාංශවලට ඉදිරි අවුරුදු පහට වාහන ගෙන්වන්නේ නෑ. ඒ මුදල් රටේ සංවර්ධනයට යොදවනවා. 16 වැනිදායින් පසුව බිහිකරන්නේ පාලකයෝ දුක් විඳින යුගයයි. රටේ ජනතාව රජසැප විඳින යුගයයි. වෙනදාට වෙන්නේ පාලකයාට සුරසැප ජනතාවට කුඩම්මාගේ සැලකිලි. මෙදා පාර එහෙම වෙන්නේ නෑ.

ඒ වගේම අපේ රටේ තරුණ පරපුර වෙනුවෙන් ඉතා වැදගත් ව්‍යාපෘති තුනක් ආරම්භ කරනවා. අපි සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම නව කර්මාන්ත පුරයක් ආරම්භ කරනවා. හැම ගමකම දූ දරුවන්ට තම ගමේම ඉඳගෙන

රැකියාවට යන්න පුළුවන් පරිසරය අපි හදනවා. හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම නවීන තාක්ෂණික ගම්මානයක් හදලා නැනෝ, ඩිජිටල්, ජීව තාක්ෂණය හඳුන්වා දෙනවා. පරිගණක විiාව, තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි භාෂාව හඳුන්වා දෙනවා. තොරතුරු තාක්ෂණ විiාල අපි හදනවා.

ඒ දැනුම ලබාදීලා අපි එතනින් නවතින්නේ නෑ. රජයේ මැදිහත්වීමෙන් අපි ඩිජිටල් විප්ලවය රටේ ආරම්භ කරනවා, ඒ දැනුම අපි ගමට ගේනවා. කර්මාන්ත පුරවර, තාක්ෂණික විiාල, තොරතුරු තාක්ෂණ උiාන ගමට ගේනවා. මට කනගාටුයි කියන්න, අපේ රටේ නිදහස් අධ්‍යාපනය ආරම්භ වෙන්නේ පළමු වසරෙන්. එය ආරම්භ විය යුත්තේ පෙර පාසලෙන්. පෙර පාසල් ගුරුවරුන්ට රජයෙන් දීමනා, වැටුප් දීලා අංගසම්පූර්ණ පෙර පාසල් ගොඩනැඟිලි, ක්‍රීඩා උiාන වගේම පෙර පාසල් දරුවන්ට දිවා ආහාරයත් ලබාදීලා මේ රටේ පෙර පාසල් දහනම දාහෙම නිදහස් අධ්‍යාපනය ලබාදීමේ වැඩපිළිවෙළ අපි ආරම්භ කරනවා.

අපේ ප්‍රතිවාදීන් මේ වගේ ගම ගැන හිතන්නේ නෑ. පොදු ජනතාව ගැන හිතන්නේ නෑ. ඒ අය හිතන්නේ තම පවුල ගැන දැන් ඒ අය බලාගෙන ඇති 16 වැනිදාට රජ ගෙදර යන්න, මම කියනවා 16 දිනන්නේ සජිත් ප්‍රේමදාසයි, හංසයායි. අපි එහෙම දිනලා රජ ගෙදර යන්නේ නෑ. මම මගේ පුද්ගලික නිවසේ ඉඳලා රාජකාරි කරනවා. අපි ජනතාවට බදු බර දෙන්නේ නෑ. ජනතා බදු මුදලින් මම නඩත්තුවෙන්නේ නෑ. ජනතා මුදල් අඩුවෙන්ම වියදම් කරන ජනාධිපති බවට මම බලාපොරොත්තු වෙනවා. මම ආදර්ශය දෙනවා. වෙඩි නොවදින වාහන මම ගෙන්වන්නේ නෑ. ඒ මුදල් මම පෙර පාසල් දරුවන්ට දිවා ආහාරය දෙන්න යොදවනවා. මට වාහන ඕනේ නෑ. මම ගමන් කරන්නේ මගේ පුද්ගලික වාහනයෙන් කියා මම කිව යුතුයි.

අපි මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා. මේ ක්‍රමය අපි උඩු යටිකුරු කරනවා.

මම මගේ ප්‍රතිපත්ති ගැන කියලා සඟරාවත් නිකුත් කළා. එහි අඩංගු වන්නේ වසර 25 ක් මා දේශපාලන ක්ෂේත්‍රයේ ලබපු අත්දැකීම්. එය වෙන කවුරුවත් ලිව්වේ නෑ. එහි තිබෙන්නේ මගේ අදහස්. මම මගේ ප්‍රතිවාදී අපේක්ෂකයාට විවාදයකට එන්න කියලා කිව්වා. අද අන්තිම දවස එතුමා ආවේ නෑ. ඔහු කරන්නේ පච වාහිනී දෙකක් අල්ලාගෙන දෙපැත්තේ වීදුරු කෑලි දෙකක් තියාගෙන ගිරවා වගේ කවුරු හරි ලියලා දීපු දෙයක් කියවන එක. අපිට දර්ශනයක් තිබෙනවා. ප්‍රතිපත්ති තිබෙනවා. අපි පොදුජන හදවත, පොදුජන කැක්කුම අපි දන්නවා.

ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඔබ හැමෝගෙන්ම ජාති, ආගම්, පක්ෂ බේදවලින් තොරව අපි ලබාදෙන ප්‍රතිපත්ති ජයග්‍රහණය කරවන්න කටයුතු කරන්න. මට හයිය තිබෙනවා. අපි මේ රටට දැවැන්තම සංවර්ධනය සිද්ධ කරන්න ඒ සඳහා රණසිංහ ප්‍රේමදාසගේ පුතාව දිනවන්න. අපි මේ රට දිනවන්නම්.

ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා-

මොණරාගල ගමක් ගමක් ගානේ සිටින ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අපිත් සමග අද එකතු වෙනවා. එදා පසමිතුරන් වුණු මමත් විජිතමුණි සොයිසාත් අද සජිත් දිනවන්න එකම වේදිකාවක ඉන්නවා. අද වනවිට මොණරාගල දිස්ත්‍රික්කයේ

ශ්‍රී ලනිප බල කඳවුර කඩාගෙන වැටිලා. එදා අපි මේ මොණරාගල දිනුවා වගේම මෙවර අපිට මොණරාගල දිනන්න ඓතිහාසික අවස්ථාවක් උදාවෙලා තිබෙනවා. මේ දිස්ත්‍රික්කයේම සිටින මහා සංඝරත්නයේ ආශිර්වාදයත් සජිත් ප්‍රේමදාස මහතාට තිබෙනවා. එතුමා නායකත්වයට ගේන්න, ජනාධිපති අපේක්ෂකත්වය ගන්න අපි කැපවෙලා වැඩ කළා වගේම අපි එතුමාව වැඩි ඡන්ද දශලක්ෂයකින් මේ රටේ ජනාධිපති ධුරයට පත් කරනවා.

මොණරාගල - නයන ඉහළගෙදර
 

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles