මෙවර ජනාධිපතිවරණයට අදාළ සියලුම මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඊයේ (13දා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විණි. ඒ අනුව සියලුම අපේක්ෂකයන් සිය අවසන් ප්රචාරක රැලි ඊයේ දිනය පුරාම පැවැති අතර ඒවා සඳහා පාක්ෂිකයන් විශාල ප්‍රමාණයක් ද සහභාගි වී සිටිනු අයුරු දක්නට ලැබිණි.
ප්‍රධාන අපේක්ෂකයන් වන ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දින මොනරාගල, හම්බන්තොට, මාතර, ගාල්ල, කොළඹ යන ස්ථානවලදී සිය අවසන් රැලි පැවැත්වූ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වූ අවසන් රැලි තිස්සමහාරාමය, මාතර, ගාල්ල, හෝමාගම, කැස්බෑව යන ප්‍රදේශවලදී පැවැත්විණි. අනුර කුමාර දිසානායක මහතාගේ අවසන් ජන රැලිය පැවැත්වූයේ මහරගම නගරයේදීය.
මෙම සියලු රැලි සඳහා එම පක්ෂ නායකයන්, ප්‍රධානීන්, ක්‍රියාකාරීන්, සාමාජිකයන් ඉතාමත් උද්යෝගයෙන් සහභාගි වෙමින් සිය අපේක්ෂකයන්ට ජය පතා හඬ නැගූහ.
මෙවර ජනාධිපතිවරණ සමය සාමකාමී වීමද කැපී පෙනේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙවර කිසිදු අපේක්ෂකයකු සහාය නොදීමද විශේෂත්වයක් වේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය පක්ෂයේ නියෝජ්‍ය නායකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ අතර විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය සහෝදරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළේය.
මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ 35 දෙනෙකු තරග කරති.
අකිත පෙරේරා.