Divaina - මේ ආණ්ඩුව අතරමග නතර කළ සියලූ ව්‍යාපෘති සම්පූර්ණ කරනවා...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

gotathanks19

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

අනුර බාලසූරිය - ලසිත දුමින්ද

 

gott500new
 
 වත්මන් රජයේ අදූරදර්ශී ප‍්‍රතිපත්ති හේතුවෙන් අතරමඟ නවතා තිබෙන සියලූම ව්‍යාපෘති ඉදිරි රජයක් යටතේ සම්පූර්ණයෙන් නිම කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක  ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.
 
 ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ‘සාර්ථක දැක්මක් - වැඩ කරන රටක්’ තේමාව ඔස්සේ පෙරේදා (07 වැනිදා* රත්නපුර සංවිධානය කර තිබූ ජනහමුව අමතමින් එසේ කී ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.
 
 අප ඉදිරිපත් කළේ ප‍්‍රායෝගික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක්. එම වැඩපිළිවෙළ සිය ධුර කාලය ඇතුළත කි‍්‍රයාත්මක කරනවා. අපි අභියෝග භාරගත් අභියෝග ජයගත් කණ්ඩායමක්. අපිත් එක්ක වැඩ කළ හැකි කණ්ඩායමක් සිටින්නේ. මම මට භාර දුන්න වැඩ සියල්ලම ඉටු කර තිබෙනවා. ආරක්ෂක ලේකම් වශයෙන්, නාගරික සංවර්ධන ලේකම් වශයෙනුත් මට භාර දුන් වගකීම් ඉටු කළා. මම ඇමැතිවරයෙක් වෙලා හිටියේ නැති වුණත් බාරදුන්න වගකීම් ඉටු කළා. රජයක බලවත් ඇමැතිවරයෙක්ව සිට කියන දේවල් කරන්නේ නැතිව ජනාධිපතිකම ලැබුනොත් ඒවා කරනවා කියනවා නම් ඒක විශ්වාස කරන්න බැරි විහිළුවක්.
 
 ඇමැති මණ්ඩලයේ සාමාජිකයෙක් වී සාමුහික වගකීම් දරන අතරේ පොලිසියේ ප‍්‍රධානතම නිලධාරියා නීතිය නවන්න සූදානම් වන අවස්ථාවක, නීති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් නීති කඩන්නත් හදන්නත් පුළුවන් බව කියන අවස්ථාවක රජයේ ප‍්‍රබල අමාත්‍යවරයෙක් ඇවිත් නීතියේ ආධිපත්‍ය තහවුරු කරනවා කියනවා නම් ඒක විහිළුවක්. අපි මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළා. අපි කතා කළේ ඉදිරියට අනාගතයට කරන වැඩපිළිවෙළ, අපේ ප‍්‍රතිපත්ති ගැන. නමුත් සමාජ මාධ්‍යවල අසත්‍ය චෝදනා කරමින් නැවතත් ජනතාව මුළා කරන්න උත්සාහ කළාට බුද්ධිමත් ජනතාව ඒවාට මුළා වෙන්නේ නැහැ. ඒ වගේම ඉදිරියේදී ඇති කරන රජයක් තුළින් නීතිය ස්ථාපිත කරන බව සහතික කරනවා වගේම පොලිසිය දේශපාලනීකරණයෙන් ඉවත් කරනවා.
 
 පොලිසිය මේ රටේ නීතිය හා සාමය ගෙනෙන්නට ති‍්‍රවිධ හමුදාව හා සිවිල් ආරක්ෂක බළකාය සමග එක්ව විශාල සේවයක් කළා. පොලිසියේ තිබෙන ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ කොට්ඨාසය අපි කිසිදු විටෙක විරුද්ධ පක්‍ෂයෙන් පළිගන්න යොදා ගත්තේ නැහැ. ඒ ආයතන භාවිත කළේ ත‍්‍රස්තවාදීන් අන්තවාදීන් පාතාලය කුඩුකාරයින් අල්ලන්නයි. මේ රජය පැමිණීමෙන් පසුව ඒ ආයතන යොදා ගත්තේ දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කරන්නයි. මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් වූ මූලික වගකීම ඔවුන් නොසලකා හැරියා. අපි ත‍්‍රස්තවාදය අවසන් කරලා නැවතත් එවැනි සිදුවිමක් නොවන විදිහට ආරක්ෂක සැලැස්මක් හදලා තිබුණා. ඒ පළාත්වල නැවත එවැනි දෙයක් සිදු නොවන ලෙස ඔවුන්ගේ මානසිකත්වය හැදුවා. අපිට භාරවුණු හිටපු කොටි ත‍්‍රස්ත සාමාජිකයන් පුනරුත්ථාපනය කරලා ඔවුන්ට ආර්ථික මාර්ග හදා දෙමින් නැවත සමාජගත කළා.
 
 දෙමළ ජාතික සන්ධානය රට බෙදීමට සහාය දෙන අයට සහාය දෙන බව ඔවුන් නිකුත් කර ඇති නිවේදනයෙන් පැහැදිලියි. ඒ වචනවල කිසිදු අර්ථයක් නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ඔවුන් කතා කළාට අපි තමයි වසර 30 ට පසුව උතුරේ පළාත් සභා මැතිවරණය පවත්වලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහතික කළේ. මේවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ පළාත්වල සාමයෙන් ඉන්න, දරුවන්ට පාසල් යන්න, අවස්ථාව ඇති කළා. පුද්ගලික අංශය සමග සම්බන්ධ වෙලා කර්මාන්ත ඇති කළා.
 
 සෑම පළාතකදිම ජනතාව එක්ක කතා කරන කොට, විශේෂයෙන් කාන්තාවන් ඉල්ලා සිටින්නේ ආරක්ෂිත රටක් හදලා දෙන්න කියලයි. තමන්ගේ ස්වාමි පුරුෂයා නිවසට එනතෙක්, දරුවා නිවසට එන තෙක් බියෙන් ඉන්න කාන්තාව බලාපොරොත්තු වෙන්නේ ආරක්ෂිත රටක්. අපිට තමයි ආරක්ෂාව ගැන අවබෝධක් තිබෙන්නේ. විදේශීය බලපෑම්වලට යට වෙන, රණවිරුවන්ට විරුද්ධ, ජාතික ආරක්ෂාව ගැන තැකීමක් නැති, බලපෑම් වලට යට වෙන රජයකට ඒ කාර්යය කරන්න බැහැ. නැවතත් මේ රටේ කිසිදු අන්තවාදී ත‍්‍රස්තවාදයකට හිස ඔසවන්න දෙන්නේ නැති බව සහතික වෙනවා.
 
 අපි ඉදිරිපත් කරලා තියෙන්නේ ජනතා හිතවාදි, සෑම ජන කොටසකටම හොඳින් ජිවත් විය හැකි, ඇති නැති පරතරය නැති කරන, ජනතාව බලගන්වන සැලැස්මක්. අපි විශේෂයෙන් කෘෂිකර්මාන්තය හා වැවිලි කර්මාන්තයට විශේෂ සැලකිල්ලක් යොමු කර තිබෙනවා. මේ රජය දේශීය වැවිලිකරුවා ආරක්ෂා කර ගැනීමට කිසිදු උත්සාහයක් ගත්තේ නැහැ. ඒ නිසයි නැවතත් සහල් පිටරටින් ගෙන්වන්න සිදු වුණේ. තේ රබර් පොල් ගම්මිරිස් වැනි අපනයන බෝග සියල්ලකම මිල කඩා වැටුනේ ඒ නිසයි.
 
 පාරිභෝගිකයාගේ ආහාර සුරක්ෂිතභාවය ඇති කරන්න, රට අහරින් ස්වයංපෝෂිත කරන්න, ගොවියාට පොහොර නොමිලේ දෙන්න, ගොවි ණය කපා හරින්න, ගොවි විශ‍්‍රාම වැටුපක්, රක්ෂණ ක‍්‍රමයක් හඳුන්වා දෙනවා. ගොවියාට තාක්ෂණය ගෙනත් අඩු වියදමකින් වැඩි ආදායමක් ලබන්න ලෝකයේ තිබෙන තාක්ෂණික ක‍්‍රම අපි හඳුන්වා දෙනවා. තේ කියන්නේ අපේ රටේ ප‍්‍රධානතම විදේශීය විනිමය ගෙනාපු වැවිලි කර්මාන්තය. සිලෝන් ටී කිව්වාම ලෝකයේ ඉහළම තැන තිබුණු අපේ තේ අද හතරවැනි තැනට වැටිලා. විදේශයෙන් තේ ගෙනත් කලවම් කිරීම නිසා අපේ තේ වල වටිනාකම නැති වුණා. ප‍්‍රමුඛත්වය දිය යුත්තේ ගුණාත්මකභාවයටයි. අගයක් එකතු කරලා අපනයනය කිරිමයි කළ යුත්තේ. ගුණාත්මක තේ හදන්න තේ පර්යේෂණ ආයතනය පර්යේෂණ කළ යුතුයි. රජයේ මැදිහත්වීමෙන් සිලෝන් ටී වෙළෙඳ නාමයට ප‍්‍රමුඛත්වය දෙමින් අපේ තේවලට නියම මිලක් ලබා දුන්නේ නැත්නම් කම්කරුවාගේ සිට ඉහළට හොඳ ආදායමක් ලබා ගැනීමේ හැකියාව ඇති කළ හැකියි.
 
 මේ සඳහා පැහැදිලි සැලසුම් අපිට තිබෙනවා. සමහරු අලූතින් වගා නොකර තේ වගාකිරීම අතහැර දමනවා. ප‍්‍රාග්ධනය ලබා දී සහන ලබා දෙමින් නැවතත් ඔවුන් තේ වගා කිරීම සඳහා පෙළඹවිය යුතුයි. වෙළෙඳ පොල තහවුරු කරමින් වැසී තිබෙන කර්මාන්ත ශාලා නැවත ආරම්භ කර ගුණාත්මක තේ නිෂ්පාදනය සඳහා ඔවුන් පෙළඹවිය යුතුයි. දිස්ති‍්‍රක්ක රැුසක ගම්මිරිස් වවන්නන් අතරමං වෙලා. දේශීය ව්‍යාපාරිකයන් දිරිමත් කිරීම වෙනුවට ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් වෙනුවෙන් බාල ගම්මිරිස් පිටරටින් ගෙන්වන්න ඉඩ දීලා අපේ ගම්මිරිස් වෙළෙඳ පොළ කඩාවැට්ටුවා. ඔවුන් රජය පසුපස යන්නේ නැතිව ස්ව උත්සාහයෙන් ජීවත් වුණා. බාල බෝග ගෙනත් නැවත ප‍්‍රති අපනයනය කිරිම තහනම් කිරීම මගින් අපි අපේ වැවිලිකරුවා ආරක්ෂා කර ගන්නවා. ලෝකයේ හොඳම ගම්මිරිස් අපි සකස් කළ යුතුයි. රජයක් වශයෙන් මැදිහත් විය යුත්තේ මේ සඳහායි.
 
 අද රබර් ගස් ගලවා දමමින් තිබෙනවා. පිටරටින් රබර් ගෙන්වීම නතර කරලා රබර් නිපදවන කර්මාන්තශාලාවලට අවස්ථාව දිය යුතුයි. අපි ව්‍යාපාරිකයින්ට බදු සහන දෙන්නේ මේ සඳහායි. අනවශ්‍ය විදියට බදු ගෙනත් සංකීර්ණ බදු ක‍්‍රමයක් හඳුන්වා දීම නිසා ව්‍යාපාර කඩා වැටිලා. කළමනාකරණය කරන නිලධාරීන්ට කළමනාකරණය කිරීමේ හැකියාව නැහැ. අනවශ්‍ය බදු ඉවත් කරලා ඉතිරි කිරීම් වැඩි කරලා, බදු ගෙවීමේ පහසුව ඇති කිරීමටත්, කළමනාකරණයේ පහසුව ඇති කරන්නත් පියවර ගන්නවා. අපේ කාලයේ සංවර්ධන ව්‍යාපෘති රැුසක් ඇති කළා. අපේ රජය පරාජය වීමත් සමග ඒ ව්‍යාපෘති නතර වුණා. මේ වෙද්දි කොළඹ රත්නපුර අධිවේගී මාර්ගය නිමා විය යුතුව තිබුණා. අද ඒ වැඩසටහන් විවෘත කරන්නේ වැඩ අවසන් නොකරයි. අපි මේ ව්‍යාපෘති සියල්ල නිමාකර අධිවේගී මාර්ගයෙන් කොළඹ සිට රත්නපුරයට එන්න අවස්ථාව ලබා දෙනවා.
 
 
 
 හිටපු ජනාධිපති, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා
 
 අද නැවතත් පේ‍්‍රමදාස යුගයක් ගැන කතා කරනවා. හැටදහසකට අධික තරුණයන් ටයර් සෑවල පිළිස්සුණේ ඒ යුගයේදියි. ඒ යුගයට ආයෙත් යන්න බැහැ. රත්නපුර දිස්ත‍්‍රික්කයේ පතල් කපන්න පුළුවන්ද? පතල් කපන්නත් බැරි නම්, මැණික් ගලක් හොයා ගන්නත් බැරි නම් මොනවාද කරන්න පුළුවන්. අද රබර්වලට ගම්මිරිස්වලට මිලක් තියෙනවාද? අපේ කාලයේදි රත්නපුරයට අධිවේගී මාර්ගයක් අපි හැදුවා. ඒ වැඩවලට ඕන සියලූ දේ කරලා තිබුණත් අද වෙනතුරු අධිවේගී මාර්ගය ආවේ නැහැ. අපේ ආණ්ඩුවක් තුළ අධිවේගී මාර්ගය රත්නපුරයට එනවා වගේම රත්නපුරය මැණික් පුරයක් කරනවා.
 
 සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රතිපත්තියේ ඉංගි‍්‍රසියෙන් සිංහලෙන් දෙමළෙන් තියෙන්නේ වෙන වෙන දේවල්. සිංහලෙන් ඒකීය. දෙමළෙන් වෙනත් දෙයක්. යුද්ධයක් අවසන් කළේ රට බෙදන්න නෙවෙයි, රට එකට තියා ගන්නයි. වතුකරයේ ජනතාවට රුපියල් 1500ක් දෙනවා කියලා පපුවට අත ගහලා කිව්වාට පොතේ තියෙන්නේ 1000ක් දෙන්නම් කියලා. දීපවාලියට ඇඞ්වාන්ස් එක දෙන්න බැරිවුණ කෙනා කොහොමද 1500ක් දෙන්නේ? ජනතාව රවටමින් බොරු ප‍්‍රචාර ගෙනයමින් රටම මුලා කරමින් සිටිනවා.
 
 ස්වයං රැුකියාවක යෙදී සිටින, බුලත්, මැණික් විකුණන ව්‍යාපාරිකයාගේ සිට ආර්ථීකය ඉහළට යවන වැඩපිළිවෙළක් අපි ගෙන එනවා. ක‍්‍රමානුකුල නිවාස වැඩපිළිවෙළක් අපේ ආණ්ඩුවක් තුළින් ගෙන එනවා. සෑම කාන්තාවක්ම තමන්ගේ ආරක්ෂාව ගැන පවුලේ ආරක්ෂාව ගැන වධ වෙනවා. ආණ්ඩුවේ වැටුප් වැඩි කරන කොට පුද්ගලික අංශයේත් වැටුප් වැඩි කරන වැඩපිළිවෙළක් අපි කි‍්‍රයාත්මක කරනවා.
 
 පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා
 
 ලක් මාතාව බලන් ඉන්නේ මේ රට අලූත්, එඩිතර නායකයෙක්ට මේ රට භාර දෙන්නයි. රත්නපුරේ කෙත්වතු සරුසාර වෙන අනාගතය හදන්න පුළුවන් නායකයෙක්ට, මහ පොළොවේ මැණික්වලට පණ ලැබෙන දිනයක් උදාකළ හැකි නායකයෙක් බිහිකරන්නට බලන් ඉන්නවා. සිංහල දෙමළ මුස්ලිම් අනන්‍යතාවය මොකක් වුවත් ලක් මවගේ දූදරුවන් බලාගන්න පුළුවන් නායකයෙක් අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ නායකයා තමයි 16 වැනිදා රටේත් ජාතියේත් නායකයා බවට පත් වන්නේ.
 
 මේ ආණ්ඩුව රට භාරගත්ත දවසේ ඉඳන් කිසිම වගතුවක් නැහැ. වෙලාවකට නියඟය. නැත්නම් ගංවතුර. රටේ තේ, ගම්මිරිස් මිල පහළ ගියා. වගතුවක් නැති රැුළ එකට තියලා ගෙදර යවන දිනය නොවැම්බර් 16 වැනිදා. සහරාන්ලාගේ බෝම්බවලට පණ දුන්න අන්තවාදීන්ට එරෙහිව ඡුන්දය දෙන දිනය 16 වැනිදා. ජාතික කොඩිය ගහගෙන ජාතිය අමතන්න පුතාණෝ කැමැතියි. ජාතිය අමතනවා කියලා මොනවාදෝ මන්දා කිව්වා. 17 වැනිදාට ජාතික කොඩිය යට ගෝඨාභය මහතා ජාතිය අමතනවා. මේ රටට වෙන්න තියෙන හැම හානියක්ම කළේ මේ පුතාණෝයි රනිලානෝයි තමයි.
 
 අන්තවාදයට විරුද්ධ සිංහල දෙමළ මුස්ලිම් සකල ජනයා එකතු වී සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ළඟයි. 16 වැනිදාට අපි හදන්නේ කවටාධිපති කෙනෙක් නෙවෙයි. තරුණ දරුවන්ගේ අනාගතය හදන නායකයෙක්. කුමන ආකාරයක අන්තවාදය පරදවන කෙනෙක් අපිට අවශ්‍යයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් විදිහට තමන්ගේ වැඬේ හරියට කළා. නාගරික සංවර්ධන අධිකාරයේ ලේකම් විදියට පිරිසිදු නවීන නගරයක් හැදුවා. දුප්පත් මිනිස්සුන්ට මහල් නිවාස සංකීර්ණයක් හැදුවා. පුතණෝ වගේ ණය දීලා හූරං කන නිවාස නෙවෙයි. ජාතියට සින්න වූ අපේක්‍ෂකයා දිනවන දවස දිනෙන් දින ළංවෙමින් තිබෙනවා.
 
 පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය
 
 ඇමරිකන් හමුදාව ලංකාවට ආවම පහසුකම් සපයන ගිවිසුමට අත්සන් කරපු රනිල් රත්නපුරයත් එක්කම ඇමරිකාවට විකුණන ගිවිසුමකුත් අත්සන් කරන්නයි යන්නේ.
 
 ඒ ගිවිසුම අත්හරින බව කිව්වේ නැහැ කල් දැම්මා විතරයි. උඩුදුම්බර කස්සප හාමුදුරුවෝ රට වෙනුවෙන් කළ උපවාසය නිසා අද එජාපය උන් වහන්සේව නිර්දය විදිහට විවේචනය කරනවා. සජිත් ප්‍රේමදාස ආණ්ඩුවක් පිහිටුවන්නටත් පෙර ජාතිය ඇමතුවා. ඒ නිසා ඔබේ ආණ්ඩුවේ මංගල සමරවීර ඉන්න තැනත්, රිෂාඞ් සම්බන්ධන් හකීම් ඉන්න තැනුත් ජාතියට ප‍්‍රකාශ කරන්න.
 
 ලංකා සමසමාජ පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා
 
 ඉදිරි දින කිහිපය තුළ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මැදිහත් වීමෙන් රටේ බෝම්බ පිපිරීමක් සිදුවෙන බවට එරාන් වික‍්‍රමරත්න කියනවා. මේ සූදානම් වෙන්නේ ඒ අය බෝම්බ පුපුරවලා අපේ පිට දාන්නයි. මේ කතාවට එරෙහිව නීත්‍යානුකූලව කි‍්‍රයාත්මක වෙන්න කියලා අපි ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගෙන් ඉල්ලා සිටිනවා.
 
 පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජානක වක්කුඹුර මහතා
 
 ලබන 16 වැනිදා ඔබේ කතිරයෙන් ජයග‍්‍රහණය කරන්නේ පොහොට්ටුවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා කාටවත් බනින්නේ නැහැ. සජිත් පේ‍්‍රමදාස වේදිකාවට ආපුවම මොනවද කියන්නේ. සජිත් පැත්තකින් තියමු. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සුරකින්න ආවා කියන චන්ද්‍රිකා ආච්චි අහනවා මට වයස 76යි. මහින්ද මට වඩා ලස්සනද කියලා අහනවා. එයා ශී‍්‍රලනිපය රකින්න යන්නේ අම්මාගේ ප‍්‍රජා අයිතිය අහිමි කළ එජාපයත් එක්ක එකතු වෙලයි. ශී‍්‍රලනිපය රැුකෙන්නේ අපේ කඳවුර සමඟ එකතු වුණොත් විතරයි.

 

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles