Divaina - එදා කාන්තාවන් 100 ක් දූෂණය කර සාද පවත්වන විට අද ජාතික ආරක්‍ෂාව ගැන කතා කරන අය නිහඬව බලා සිටියා...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

ස්තී‍්‍ර දූෂකයින් නීතිය හමුවට ගෙන එන ශිෂ්ට සම්පන්න රටක් උදා කරනවා
 
 අකුරැුස්ස - ප‍්‍රසාද් විද්‍යාරූප, සමන් උපුල් පිනිදිය, දෙනියාය - සසිනි නිලංකා, සුනිල් ගමගේ - පිටබැද්දර, නෙළුව - සිරිසේන ගමගේ, මංගලගම - ගුණපාල කාරියවසම්

 

ssaaaajs500
  සරල බදු ක‍්‍රමයක් හඳුන්වා දී රටේ ව්‍යාපාර ක්‍ෂේත‍්‍රය උසස් මට්ටමකට ගෙන එන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.
 
 හෙතෙම මේ බව කියා සිටියේ පෙරේදා (07 දා* මොරවක පැවති රැුලියේදීය. දෙනියාය, අකුරැුස්ස, තංගල්ල, හබරාදූව, රත්ගම, බලපිටිය යන ප‍්‍රදේශවල ද එදින රැුස්වීම් පැවැතිණි.
 
 දෙනියාය, මොරවක නගරයේ පැවැති ජනරැුලියකට එක්වෙමින් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා මෙසේද කීය.
 
 දෙනියායට ක‍්‍රිඩාංගණයක් නැති බව මට දැනගන්න ලැබුණා. එම නිසා 16 දා ජනාධිපති වූ පසු එම ක‍්‍රිඩාංගණය ලැබෙනවා. ඊට අමතරව දෙනියායට ඇඳන් 600 ක රෝහලක් ලබා දෙනවා. ඊට අදාළ ඉඩම් මේ වන විට අත්පත් කරගෙන හමාරයි. දෙනියාය සුරපුරයක් කරන්න කටයුතු කරනවා.
 
 මේ බලප‍්‍රදේශයේ තේ වගාව, ගම්මිරිස් වගාව සශ‍්‍රීකව ක‍්‍රියාත්මක වෙනවා. අපි වගා ක්‍ෂේත‍්‍රයේ දැවැන්ත පෙරළියක් කරන්නට යනවා. රටේ ජාතික ආහාර නිෂ්පාදනය ඉහළම තලයට ගේන්න කටයුතු කරන මොහොතේ වී වගාව, එළවළු වගාව, තේ පොල් රබර් වගාව, ගොඩ භෝග වගාව, ගම්මිරිස් ඇතුළු සුළු අපනයන භෝග වගාව ආදී සියලූ වගාවන්ට අපි නොමිලේ පොහොර ලබා දෙනවා.
 
 නොමිලේ පොහොර ලබා දෙනකොට නිෂ්පාදන වියදම අඩු වෙනවා. නිෂ්පාදන වියදම අඩු වෙනකොට වැඩි ලාභයක් ගොවියාට ලැබෙනවා. ගම්මිරිස් කියන්නේ සුළු අපනයන භෝග වගාවක්. සුළු අපනයන භෝග වගාව වෙනුවෙන් රජයේ ආයතනයක් තිබුණේ නැහැ. ඒ නිසා අපි වෙනමම සුළු අපනයන භෝග වගා අධිකාරියක් පිහිටුවනවා. ආරම්භ කරලා ගම්මිරිස්, කරාබුනැටි, කුරුඳු වැනි සුළු අපනයන භෝග වෙනුවෙන් නිශ්චිත මිලක් ලබා දෙනවා. එතනින් නතර නොවී 16 දා ජයග‍්‍රහණය කිරීමෙන් පසු 17 දාම ගම්මිරිස් ප‍්‍රතිඅපනයනය තහනම් කරනවා. එතනින් අපට සුළු අපනයන භෝග වගාකරුවා ආරක්ෂා කරන්න පුළුවන්.
 
 තේ වගාව ගත්තහම නැවත වගාව වෙනුවෙන් අපි වෙනමම වැඩසටහනක් ආරම්භ කරනවා. සමහර තැන්වල තේ කර්මාන්ත ශාලා වැසී ගිහින්. ඒ හැම තේ කර්මාන්ත ශාලාවක්ම ගොඩ නගන්නට අවශ්‍ය මුල්‍ය ප‍්‍රතිපාදන අපි ලබා දෙනවා. තේ කර්මාන්තය ප‍්‍රතිසංස්කරණය කොට ප‍්‍රතිව්‍යුහගත කොට තේ කර්මාන්තය ඉහළ එද්දී දෙනියායේ තේ ගොවියාත් ඉහළට එනවා.
 
 සංචාරක කර්මාන්තයත් මේ ප‍්‍රදේශයේ වැඩි දියුණු කරන්න අපි බලා පොරොත්තු වෙනවා. හෝම්ස්ටේ ව්‍යාපෘති සමාජශාලා ව්‍යාපෘති ඇතුළු දෙනියායේ සැරිසරන විදේශීය සංචාරකයෝ වෙනමම මේ ප‍්‍රදේශයට ආකර්ෂණීය කරවීමේ සැලැස්මක් අපි ක‍්‍රියාත්මක කරනවා.
 
 යොවුන් සම්පත අපේ රටේ උතුම්ම සම්පතක්. ඔවුන් තමයි අපේ රටේ අනාතය බාර ගන්න ඉන්නේ. යොවුන් පරපුර වෙනුවෙන් අපි සංවර්ධන ව්‍යාපෘති 3 ක් ආරම්භ කරනවා. සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම නව තාක්ෂණ විද්‍යාල බැගින් ආරම්භ කරනවා. ඒ හරහා නැනෝ තාක්ෂණය, ජීව තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව හා උසස් මට්ටමේ ඉංග‍්‍රීසි භාෂා සාක්ෂරතාවය ලබා දෙනවා. ගමේ නගරයේ යොවුන් පරපුරට ඩිජිටල් විප්ලවයේ ඉදිරි ගමන යන්න ශක්තිය දෙනවා. තාක්ෂණ විද්‍යාල සමග තාක්ෂණ උද්‍යාන හැම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම ආරම්භ කරනවා. තාක්ෂණ විද්‍යාලයෙන් සමත්වෙන දරුවන්ට තාක්ෂණ උද්‍යානයේ ඩිජිටල් ව්‍යාපාරය ආරම්භ කරන්න පුළුවන්. එම ඩිජිටල් ව්‍යාපෘතිය ආරම්භ කරන්න රජයෙන් මූලික ප‍්‍රග්ධනයක් ලබා දෙනවා.
 
 දෙනියාය බලප‍්‍රදේශයේ ලෝකයේ තාරුණ්‍යය ශක්තිමත් වන ඩිජිටල් විප්ලවය රැුගෙන එනවා. ඊට අමතරව ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් කර්මාන්තපුර ආරම්භ කරනවා. එවිට යොවුන් පරපුරට ගමේම ඉඳගෙන රැුකියා කරන්න අවස්ථාව ලැබෙනවා.
 
 දුගී දුප්පත්කම තුරන් කිරීමට සමෘද්ධි වැඩසටහන ක‍්‍රියාත්මක කරනවා. ඒ වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරලා තව තව ප‍්‍රතිපාදන දීලා එය වැඩිදියුණු කරනවා. දුප්පත්කම කෙටි කාලයක් තුළ අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දුප්පත්කමේ තැලිලා පොඩිවෙලා මිරිකිලා සිටින ජනතාව අපි ඉහළ මට්ටමකට ගෙන එන්න ඕනේ. ඒක අපේ සමාජ වගකීම. එය අපේ සමාජ යුතුකම. සමෘද්ධිය එලෙස ක‍්‍රියාත්මක වන අතර රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමා ක‍්‍රියාත්මක කළ ජනසවියත් ක‍්‍රියාත්මක කරනවා.
 
 රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමා පාසල් යන 43 ලක්ෂයක ජනතාවට නිල ඇඳුමයි දිවා ආහාරයයි ලබා දුන්නා. මගේ ප‍්‍රතිවාදියාගේ දේශපාලන කල්ලිය තමයි මෙරට පාසල් දුවා දරුවන්ට ලැබෙන දිවා ආහාරය නැති කළේ. පාසල් යන දූ දරුවන් තමයි මේ රටේ කොඳු නාරටිය, අපේ රටේ ශක්තිය. පාසල් යන දූ දරුවන් වෙනුවෙන් 16 දා මෙරට පොදු ජන ජනාධිපති ලෙස පත් කළ පසු මා නිල ඇඳුම් දෙකයි දිවා ආහාරයයි සපත්තු කුට්ටමයි ලබා දෙනවා.
 
 මෙරට පෙරපාසල් දූ දරුවන් අපට අමතක කරන්න බැහැ. මෙරට පෙර පාසල් 19000 ක් තියෙනවා. ඒවා කිසිදු නියාමනයක් නැහැ. කිසිම කළමනාකරණයක්, ශක්තිමත් වැඩපිළිවෙලක් නැහැ. රජයේ අනුග‍්‍රහයෙන් පෙර පාසල් ගුරුතුමියන්ට, සහායක ගුරුතුමියන්ලාය, පාලිකාවන්ට, සාහයක පාලිකාවන්ට රජයෙන් වැටුප් ගෙවනවා. ඊට අමතරව පෙර පාසල් අධ්‍යාපනය ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් වෙනමම ගොඩනැගිලි වෙනමම උද්‍යාන, මානව පහසුකම් හා භෞතික පහසුකම් ලබා දෙනවා. වයස අවුරුදු 3 ත් 5 ත් අතර දරුවන්ට නොමිලේ දිවා ආහාරයත් ලබා දෙනවා. නිදහස් නිවහල් නොමිලේ අධ්‍යපානයට පෙර පැසලූත් එක් කරනවා.
 
 දෙනියාය නගරයේ සියලූ නගර හා උප නගර සංවර්ධනය කරන්න කියලා සාගල රත්නායක ඇමැතිතුමා මගෙන් ඉල්ලීමක් කලා. සාගල රත්නායක මැතිතුමාත් මමත් පාර්ලිමේන්තු ජීවිතය ආරම්භ කළේ එකට. ඒ 2000 වසරේදියි. අපි බොහෝම සහෝදරත්වයෙන් බොහෝම හිතෛෂිත්වයෙන් කටයුතු කරලා තියෙනවා. එම නිසා දෙනියායේ සෑම නගරයක්ම උප නගරයක්ම වැඩි දියුණු කරනවා.
 
 මගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ අඩංගු වී තිබෙන්නේ මම 25 වසරක දේශපාලන ජිවිතය තුළ අත්දැකපු දේවල්. මේ කාලය තුළ රට වටේම ගිහිල්ලා ගම් නියම්ගම්වල ජනතාව ඇසුරු කරන කොට මගේ හදවතට ගැටලූ සංකල්ප සිතුවිලි සොඳුරු අදහස් තමයි මගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ තියෙන්නේ. ත‍්‍රිවිල්රථ රියදුරන් ඇපයක් පොලියක් නැතුව ණයක් ලබා දෙනවා.
 
 ඒ වගේම විශේෂයෙන්ම සුළු හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත වැඩි දියුණු කරනවා. සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවා තමයි අපේ රටේ ජීවය හා ප‍්‍රාණය. ඒ ආර්ථික එන්ජිම ශක්තිමත් කරන සුළු හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන් බදු බරින් මිරිකී සිටින නිසා ඔවුන් ඒ බදු බරින් මුදා සරල බදු ක‍්‍රමයක් තුළ මේ රටේ ව්‍යාපාර ක්‍ෂේත‍්‍රය උසස් මට්ටමකට ගේන්න කටයුතු කරනවා.
 
 මගේ ප‍්‍රතිවාදී අපේක්ෂකයාට ආරාධනයක් කළා අපි දෙන්නගෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ගැන විවාදයකට එන්න කියලා. නමුත් තාම උත්තරයක් නැහැ. මම එතුමාට තිනි පංගලමේ එන්න බරිනම් ජනාධිපති අයියාව එක්කගෙන එන්න. ඒත් බරිනම් පවුල් ගහේ සියලූ සාමාජිකයන් අරගෙන එන්න. ඒ කව්රු අරන් ආවත් මම එන්නේ තනියමයි. මම තනියම විවාදයට තනියම මුහුණ දීලා අපි විවාදයත් දිනනවා ජනාධිපතිවරණයත් දිනනවා.
 
 වීරෝදාර සෙන්පති සරත් ෆොන්සේකා මහතාට අපි නීතිය සාමය හා ජාතික ආරක්ෂාව බාර දීලා තියෙනවා. ඔහු තමයි සැබෑ යුද වීරයා, සැබෑ සෙන්පතියා. එතුමා සමග එකතු වී මෙරට ත‍්‍රස්තවාදිය විනාශ කරනවා. කප්පම් වෙළෙඳාම විනාශ කරනවා. කුඩු ව්‍යාපාරිකයෝ විනාශ කරනවා. ළමා අපචාරකරුවෝ විනාශ කරනවා. ස්ත‍්‍රී දුෂකයොත් විනාශ කරනවා. කාන්තාවන් 100 ක් දුෂණය කරපු මහ කප්පිත්තා ඉන්නේ මාතර. අද ජාතික ආරක්ෂාව ගැන කතා කරන ඇත්තෝ තමයි 100 වෙනි කාන්තාව දූෂණය කරලා නිවසේ සාදයක් පවත්වන කොට අහක බලා ගත්තේ. සරත් ෆොන්සේකා මැතිතුමාගේ නායකත්වයෙන් මේ අපරාධකරුවන් නීතිය හමුවට ගෙනවිත් යුක්තිය සාධාරණාත්වය රජයන ශිෂ්ට සම්පන්න මාතෘ භූමියක් බිහි කරනවා.
 
 අපේ නාවික කර්මාන්තයේ නියැලී සිටින අයට අගතියක් වෙන ලෙස යම් යම් ලිහිලි කිරීමක් කරන්න යනවා කියලා. දේශීය නාවික කර්මාන්තකරුවන්
 
 රැුකගෙන තමයි අපි අපේ නාවික කර්මාන්තය ඉදිරියට ගෙන යන්නේ.
 
 දෙනිියාය මොරවක පැරණි බස් නැවතුම්පළ භූමියේ 07 සවස පැවති ජන හමුවට සහභාගිවෙමින් ඒ මහතා තව දුරටත් මෙසේද කීය.
 
 පිටබැද්දර, කොටපොළ, පස්ගොඩ කොට්ඨාශවලටත් තාක්ෂණ විද්‍යාල, තාක්ෂණ උද්‍යාන ලැබෙනවා. ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල බලප‍්‍රදේශවල යොවුන් පරපුර වෙනුවෙන් කර්මාන්ත පුරවරවල් ආරම්භ කරනවා. පිටබැද්දරට, කොටපොළට, පස්ගොඩට කර්මාන්ත පුරවරවල් තුනක් ඇතිකරනවා. එතකොට ගමේ ඉන්න යොවුන් පරපුරට ගමේම ඉදන් රැුකියාව කරන්න පුළුවන්. මීලග පාර මම දෙණියායට එනකොට මේ කර්මාන්ත පුරවල් තුනම ආරම්භ කරන්න මුල්ගල් තියනවා.
 
 දෙණියායේ සෑම නගරයක්ම උප නගරයක්ම දියුණු කරනවා. ත‍්‍රීරෝද රථ රියැදුරන්ට ඇප රහිත රුපියල් ලක්ෂ තුනක ණයක් ලබාදෙනවා. කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන් බදු බරින් මුදවලා සරල බදු ක‍්‍රමයක් තුළින් උසස් තත්ත්වයට ගෙන එනවා. මේ රටේ ත‍්‍රස්තවාදය, කප්පම් වෙළෙඳාම, කුඩු වෙළෙඳාම, සුත‍්‍රී දූෂකයන් විනාශ කරනවා. කාන්තාවන් 100 ක් දූෂණය කරපු කප්පිත්තා ඉන්නේ මේ පළාතේ. ජාතික ආරක්ෂාව ගැන කතාකරන අය තමයි ඔහු 100 වෙනි කාන්තාව දූෂණය කරලා සාද පවත්වනකොට අහක බලන් හිටියේ. මේ අය තමයි රටේ අනාගතය භාරගන්න කටයුතු කරන්නේ. සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් මේ ස්ත‍්‍රී දූෂකයන් නීතිය හමුවට ගෙනැත් යුක්තිය, සාධාරණය රජයන ශිෂ්ඨ සම්පන්න මාතෘ භූමියක් බිහිකරනවා.
 
 මෙහිදී අදහස් දැක්වූ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා
 
 දැන් එළඹිලා තියෙන්නේ නැවතත් අපේ ආණ්ඩුවක් ඇති කරන අවස්ථාවක්. 16 දා ඡුන්දේ දෙන්නේ අපේ අනාගතය වෙනුවෙන්. සංවර්ධනය, නිදහස ඉදිරියට ගෙනියනවද? එහෙම නැත්නම් ආපසු අඳුරු යුගයකට යනවද? කියලා එදාට තීරණය කරන්න. සමහරු අහනවා මේ ආණ්ඩුව කළේ මොනවද කියලා. අමුතුවෙන් කියන්න දෙයක් නෑ. අපි සමෘද්ධි මුදල් වැඩිකළා. මහපොළ ශිෂ්‍යාධාරය වැඩිකළා. පාසැල් සිසුන්ට නොමිලේ රක්ෂණයක් දුන්නා. භික්ෂූන් වහන්සේලාට නොමිලේ රක්ෂණයක් දුන්නා. රන්මාවත් වැඩසටහනෙන් මං මාවත් දියුණු කළා. ගම්පෙරලිය යටතේ ගමේ සංවර්ධනයක් ඇති කළා.
 
 අපි මේ රටට එන සංචාරකයන් දෙගුණයක් කළා. ළඟම පාසල හොඳම පාසල යටතේ අළුත් ගොඩනැගිලි ලබාදුන්නා. උපකරණ ලබාදුන්නා. පුහුණු ගුරුවරු ලබාදුන්නා. පාසැල් අධ්‍යාපනය දියුණු කළා. අලූත් පීඨ 13ක් ආරම්භ කළා. විශ්වවිද්‍යාල ශිෂ්‍ය නේවාසිකාගාර 400ක් ලබා දුන්නා. මේ විදියට කාටත් බලපාන කටයුතු වැඩි කළා. අධිකරණ, පොලිසි, මැතිවරණ කොමිසමට නිදහස දුන්නා. මාධ්‍ය නිදහස ඇතිකළා. දැන් නිදහස් සමාජයක් ඇතිවෙලා තිබෙන නිසා නිදහස් සාධාරණ මැතිවරණයක් පවත්වනවා. සුදු වෑන් නැවැත්තුවා.
 
 අද ජීවන වියදම ගැන සමහරු කතා කරනවා. එදා 162 ට තිබුණ පෙට‍්‍රල් ලීටරය අද 137යි. එදා 110 තිබුණ ඞීසල් අද 104 යි. එදා 110 තිබුණ භූමිතෙල් අද 90 යි. එදා පරිප්පු 240 යි. අද 120යි. ග‍්‍රෑම් 400 කිරිපිටි එදා 470යි. අද 345 යි. සීනි එදා 120 යි අද 100 යි. සැමන් 275 යි අද 190 යි. එදා තෙල් මිළ, බඩු මිල අඩුකරන්න බැරුව හිටපු පොහොට්ටුව අද බඩු මිල අඩුකරන්න කතා කරනවා. අපි බඩු මිල අඩු කරපු නිසා ඉල්ලූම වැඩි වෙලා බඩුවල හිඟයක් තියෙනවා. අපි ගෑස් මිල අඩුකරපු නිසා ඉල්ලූම වැඩිවෙලා ගෑස් හිඟයක් ඇතිවුණා. ඒ නිසා අපි වැඩිපුර ගෑස් ගේනවා.
 
 රජයේ සේවකයන්ගේ පුද්ගලික අංශයේ පඩි අපි වැඩි කළා. ස්වයං රැුකියා කරන අයගේ ආදායම වැඩිවුණා. අවුරුදු 10 ක් ඉදලත් මහින්දටත්, ගෝඨාභයටත්, බැසිල් රාජපක්ෂටත් මේක කරන්න බැරිවුණා. බඩු මිල අඩුකරන්න බැරිවුණා. මේ අය බඩු මිල අඩු නොකර ඔබේ බඩට පහර ගැහුවා. අද මොකක්ද ජීවන වියදම ගැන කතා කරන්නේ කියලා පොහොට්ටුවෙන් අහන්න කැමතියි. වෙනත් භාණ්ඩ තියෙනවා. අපි ඊළඟ අවුරුදු පහේදී ඒවායේ මිලත් පාලනය කරනවා. සාධාරණ මිලකට ලබා දෙනවා.
 
 හම්බන්තොට වරාය අද කිසිම ණය බරක් නැතුව කරගෙන යනවා. අපිට අනාගතයට යන්නට අවශ්‍යයි. අපි සංචාරක ව්‍යාපාරය දියුණු කළා. මහනුවර ඉදන් හම්බන්තොටට මාර්ග පද්ධතියක් ඇතිකලා. කඩාවැටුන ආර්ථිකය හදලා ස්ථාවර තත්ත්වයක් ඇති කරලා ඔබේ අනාගතය වෙනුවෙන් වැඩසටහන් කරගෙන යන්නේ.
 
 තේ කර්මාන්තය දියුණු කරන්න තියෙනවා. ආපසු යළි වගාව කරන්න තියෙනවා. සහනාධාරය දෙන්න තියෙනවා. සහනාධාරය වැඩි කරන්න තියෙනවා. මිල වැඩි කරන්න තියෙනවා. විද්‍යානුකූලව තේ වගා කරන්න, තේ නිෂ්පාදනය කරන්න තියෙනවා. කෘෂිකර්මාන්තය වගේම කර්මාන්තත් දියුණු කරන්න ඕන. සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න විශාල වැඩසටහන් ආරම්භ කරලා තියෙනවා. මහනුවර ඉඳන් කොළඹට, කොළඹ ඉඳන් හම්බන්තොටට මාර්ග පද්ධතිය ඉදිවෙනවා. දකුණේ අධිවේගී මාර්ගය අපියි පටන් ගත්තේ. අපියි මුදල් හොයලා දුන්නේ. මහින්ද රාජපක්ෂ යෝජනා කළාට.
 
 දැනටමත් බිංගිරියේ කර්මාන්ත පුරවරයකට අක්කර 1000ක් වෙන් කරලා තියෙනවා. දැනටමත් මෙහි කර්මන්ත 10ක් ආරම්භ කරලා තියෙනවා. හම්බන්තොට අක්කර 10000ක් අරන් තිබෙනවා. විශාල වෙළෙඳ කලාප ඇතිකරලා රැුකිය අවස්ථා වැඩි කරලා, යටිතල පහසුකම් ඇතිකරලා සංවර්ධනය ඇතිකරන්න පුළුවන්. සංචාරක කලාප දැනටමත් ඉරණවිල දකුණේ දෙද්දුව, දකුණේ අකුරල තිබෙනවා. මත්තල ගුවන් තොටුපළ ලබන වසරේ අපි ආරම්භ කළාම මේ පැත්තට සංචාරකයෝ එනකොට මේ පැත්තත් දියුණු වෙනවා. රට ඉදිරියට ගෙනියන්න පුළුවන් සැලැස්මක් තිබෙන්නේ අපිට විතරයි. බලය ගන්න ඉස්සර මිනිස්සුන්ට වෙඩි තියන්න පුළුවන් නම් බලය ගත්තම මොකද වෙන්නේ. ඒ නිසා වෙඩි කන්න ඕන නම් පොහොට්ටුවට ඡුන්දේ දෙන්න. බත් කන්න ඕන නම් හංසයාට ඡුන්දේ දෙන්න.
 
 වරාය හා නාවික කටයුතු ඇමරති සාගල රත්නායක මහතා - 2015 මැතිවරණයේදීත් අපිට විශාල බලපෑම් තිබුණා. එදා අපිට භීෂණයක් තිබුණා. රැුස්වීමක් තියන්න කාර්යාලයක් දාන්න දුන්නේ නෑ. මහින්ද රාජපක්ෂ පාලනය ආයිත් මේ රටින් කවදාවත් එලවන්න බෑ කියපු වෙලාවක 2015 ජනවාරි 9 දා අපි ජයග‍්‍රහණයක් ලැබුවා. අපි එදා ඒ සතුට භුක්ති වින්දේ කාටවත් හිරිහැරයක් කරන්නේ නැතුව. අද හැමෝටම නිදහසේ දේශපාලනය කරන්න පුළුවන්. හැමෝටම නිදහසේ ජීවිතය ගෙනියන්න පුළුවන්.
 
 අපි පොලිස් නිලධාරීන්ට බලපෑම් නැතුව රාජකාරි කරන්න හැකි තත්ත්වයක් ඇති කළා. රාජ්‍ය සේවය ස්වාධීන කළා. තාමත් සමහර කොට්ඨාස තිබෙනවා දේශපාලන වශයෙන් කටයුතු කරන. සජිත් සමග ඉදිරියට යද්දී අපිට පුළුවන් ඒ තත්ත්වයත් නැති කරන්න. අපි 2015 ආණ්ඩුව ගන්නකොට තේ දලූවලට රුපියල් 60 ක් ලැබුණේ නෑ. අපි කිව්වා මේ මිල හදලා දෙන්නම් කියලා. එතකන් අපි රුපියල් 80 ක ස්ථාවර මිලක් දුන්නා. පස්සේ තේ මිල රුපියල් 100 ටත් වැඩිය වැඩිවුණා. ආයිත් මිල අඩුවුණා. දැන් ආයෙත් වැඩිවෙමින් තිබෙනවා.
 
 අපිට නැතිවුණ ඇඟලූම් කර්මාන්තය ලැබුණා. අලූත් කර්මාන්ත ඇතිිවුණා. රැුකියා වැඩිවුණා. අපේ පළමු වසර තුන තුළ පෞද්ගලික අංශයේ රැුකියා ලක්ෂ හතරක් වැඩිවෙලා තිබුණා. එදා ලෙඩෙක් වුණාම වාහනයක් හොයන්න හැම තැනම යන්න ඕන. දැන් තියෙන්නේ 1990 අමතන්න විතරයි. වාහනය ගෙදරටම එනවා. අපි පාරවල් හදනකොට ඒ වාහනේ තවත් වේගෙන් ගෙදරට එනවා. අපිට නොයෙක් බාධා ඇතිවුණා. අපි පත් කරපු ජනාධිපතිත් අපේ කකුලෙන් අදින්න පටන් ගත්තා. සජිත් ජනාධිපති වුණාම අපිට බාධා නැතුව ජනතාව වෙනුවෙන් ශත්කිමත්ව වැඩ කරන්න පුළුවන් වෙනවා.

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles