Divaina - ගුණාත්මක අධ්‍යාපනයක් ඇති කිරීමට අපි හතේ පන්තියේ සිට නිපුණතා ලබා දෙනවා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

අනුර බාලසූරිය, කෑගල්ල - එම්. බී පහළවත්ත, බුලත්කොහුපිටිය - වසන්ත සමරවර්ධන,
නිවිතිගල - ධර්මසිරි ජයවර්ධන, රත්නපුර - අසිත ඉන්දික වීරවර්ධන

 

goooot500
 
 තම ජයග‍්‍රහණයෙන් පසුව පිහිටුවන රජයක් යටතේ ත‍්‍රස්තවාදයට නැවතත් හිස එසැවීමට ඉඩ නොතබන බවට සහතික වන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
 
 ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ සාර්ථක දැක්මක් වැඩ කරන රටක් තේමාව ඔස්සේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ කෑගල්ල දිස්ත‍්‍රික් විජයග‍්‍රාහී ජනරැුලියට කෑගල්ල නිදහස් මාවතේ දී ඊයේ (07 දා* එක්වෙමිනි. ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප‍්‍රකාශ කළේය.
 
 පානීය ජල ප‍්‍රශ්නය විසඳා  වකුගඩු රෝගය තුරන් කරනවා.....
  ජාතියේ අනාගතය රැකගැනීමට ගෝඨාභය රාජපක්‍ෂට රට භාරදෙන්න
 
 අපි තමුන්නාන්සේලාට රට හදන සෞභාග්‍යයේ දැක්ම අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය පසුගිය 25 වැනි දා එළිදැක්වූවා. ඒ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මගින් අපි ඉදිරිපත් කරලා තියෙන්නේ ප‍්‍රායෝගික වැඩපිළිවෙළක්. එය වෘත්තිකයන්, බුද්ධිමතුන් සමඟ සාකච්ඡුා කරලා හදපු වැඩසටහනක්. ගම සමඟ පිළිසඳරක් තුළින් තමුන්නාන්සේලාගේ අදහස් එයට එක් කර තිබෙනවා. මෙම ප‍්‍රායෝගික වැඩපිළිවෙළ මගේ ධුර කාලය තුළ සම්පූර්ණයෙන් නිමා කරනවා. අපි විශේෂයෙන් රටේ ජාතික ආරක්ෂාවට මුල්තැන දෙන්න ප‍්‍රතිඥා දීලා තිබෙනවා. ඒ වගේම රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරනවා. ත‍්‍රස්තවාදය අවසන් කර රට සංවර්ධනය කරන්න වාතාවරණය අපි හැදුවා. ත‍්‍රස්තවාදය යළිත් බිහිනොවන්න අපි ආරක්ෂක සැලැස්මක් හැදුවා. උතුරු නැගෙනහිර සංවර්ධනය කළා. හමුදාවට භාර වුණු ත‍්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කරලා සමාජගත කළා.
 
 අපි පළාත් සභා මැතිවරණ තියලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කළා. යළිත් එවැනි වාතාවරණයක් ඇති නොවන්නයි අපි ඒ කටයුතු කළේ. වත්මන් රජය බලයට ඇවිත් ඒ සියලූ දේ විනාශ කළා. රණවිරුවන්ගේ මානසිකත්වය කඩලා දාලා ඔවුන් ජාත්‍යන්තර අධිකරණවලට ගෙනගියා. රටකට බුද්ධි අංශ ඉතා වැදගත්. ත‍්‍රිවිධ හමුදා බුද්ධි අංශ විශාල රාජකාරියක් කළා. ඔවුන් අභූත චෝදනා නඟලා හිරගෙවල්වලට ගාල් කළා. ත‍්‍රස්ත විමර්ශන, අපරාධ විමර්ශන කොට්ඨාස අපි භාවිත කළේ පාතාලය, ත‍්‍රස්තවාදය, කුඩු ජාවාරම පාලනය කරන්නයි. අපි ඒ ආයතන යොදලා දේශපාලනඥයන් පසුපස හඹා ගියේ නැහැ. නමුත් මේ රජය එම ආයතන යොදා ගත්තේ දේශපාලන විරුද්ධවාදීන් මර්දනයටයි. ඒ නිසයි රටේ ආරක්ෂාව නැතිව ගියේ.
 
 මේ ඇමැති මණ්ඩලය විදේශ බලපෑම්වලට යට වුණු ඇමැති මණ්ඩලයක්. රණවිරුවන් මානුෂික මෙහෙයුම කරනවිට ඊට විරුද්ධ වුණු, රාජ්‍ය නොවන සංවිධානවලට යටවුණු ඇමැති මණ්ඩලයක්. ඒ අය ජාතික ආරක්ෂාවට ප‍්‍රමුඛතාව දුන්නේ නැහැ. මේ රටේ නැවත පහරදීම් වෙනවා, ඒ දිනය, වෙලාව, නම්, ලිපින සියලූ දේ ලබාදී තිබුණත් ආණ්ඩුවට ඒක වළක්වන්න පුළුවන් වුණේ නැහැ. ඒ තරම් අකාර්යක්ෂම, රාජ්‍ය ආරක්ෂාව ගැන කිසිම තැකීමක් නැති ඇමැති මණ්ඩලයක්. එවැනි රජයකට මේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන්කමක් නැහැ.
 
 අපි ජයග‍්‍රහණයෙන් පසුව හදන රජයක් යටතේ මේ රටේ කිසිම අවස්ථාවක ත‍්‍රස්තවාදයට නැවත හිස ඔසවන්න දෙන්නේ නැහැ. අපි ඊට අවශ්‍ය ත‍්‍රිවිධ හමුදාව, පොලිසිය වැනි ආයතන දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව ක‍්‍රියාවට නංවනවා. අපි එදා විශාල සංවර්ධන වැඩ ප‍්‍රමාණයක් ආරම්භ කළා. නමුත් මේ රජය ආවට පස්සේ ඒ සියලූ සංවර්ධන ව්‍යාපෘති නතර කළා. ඒ නිසයි රටේ ආර්ථිකය කඩාවැටිලා
 
 විරැුකියාව ඇති වුණේ. අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සඳහන් කර තිබෙනවා ආර්ථිකය නංවන හැටි.
 
 අපේ රටේ ඉන්න තරුණ තරුණියන් විශාල අසහනයකට පත්ව සිටිනවා. ගුණාත්මක අධ්‍යාපනයක් නොමැතිවීම, රැුකියා නොමැතිවීම නිසා ඒ තත්ත්වය ඇති වෙලා තිබෙනවා. අපි පැහැදිලි දැක්මක් යටතේ ඒ ප‍්‍රශ්න විසඳනවා. අපි ජාතික ප‍්‍රතිපත්තියක් ලෙසට හතේ පන්තියේ සිට නිපුණතා ලබාදෙන්න කටයුතු කරනවා. අද විශ්වවිද්‍යාලවලට ඇතුළුවන්න බැරි තරුණ තරුණියන් උදෙසා උසස් පෙළ සමත් සියලූම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදෙනවා. කලා අංශයෙන් විශ්වවිද්‍යාලයට ඇතුළු වන අයට කාර්මික දැනුම ලබාදෙන්න, තොරතුරු තාක්ෂණය වගේ විෂයන් පාඨමාලාවලට ඇතුළු කරනවා.
 
 අද ලෝකය පුරා කෙටිකාලීනව, මාස හයක් අවුරුද්දක් ඇතුළත තොරතුරු තාක්ෂණය පුහුණු කරලා හොඳ රැුකියාවකට යොදවන්න ක‍්‍රමවේද තිබෙනවා. මෙ රටේ තොරතුරු තාක්ෂණ ක්‍ෂේත‍්‍රයේ සිටින සමාගම් සමඟ අපි කතා කළා. දැනට ඒ අය ඩොලර් බිලියනයක විදේශ විනිමයක් ගේනවා. ඒක පහසුවෙන්ම ඩොලර් බිලියන තුනක් කරන්න පුළුවන්. නමුත් ඒ සඳහා පුහුණු ශ‍්‍රමිකයන් අවශ්‍යයි. ඒ නිසා රජය මැදිහත් වෙලා ඒක කරන්න ඕනේ. ඉන්දියාව වගේ රටවල මේක සිදුවෙනවා. ඉන්දියාවේ සිට චීනය දක්වා රටවල් අද දියුණු වෙලා තියෙනවා. ඒ අය දියුණු වෙලා තියෙන්නේ තාක්ෂණය මුල්කරගෙනයි. ඒ නිසයි අපි ඒ කෙරෙහි අවධානය යොමුකරලා තියෙන්නේ.
 
 මහජන එක්සත් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා
 
 අපේ රටේ ඵෙතිහාසික වෙනසකට තව දින කිහිපයයි. ලක් ඉතිහාසයේ අලූතෙන් ලියැවෙන මහා වගකීම ඉටු කරන ඡුන්දදායකයන් බවට තමුන්නාන්සේලා පත්වෙලා තිබෙනවා. මාතෘභූමියට උරුමයක් තිබෙනවා. රටේ පැවැත්මට කොඳු නාරටියක් තිබෙනවා. ඒ වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම් සම්භාරය ඔබ අවබෝධ කරගෙන තිබෙනවා. ඊට අභියෝග කරන රනිල් සහ සජිත් ඇතුළු කණ්ඩායම රට බංකොළොත් කළා. එදා රනිල් කොටින් එක්ක ගිවිසුම් ගහන විට සජිත් අත ඉස්සුවා. නියෝජ්‍ය නායකයා වශයෙන් සජිත් මේ සියල්ලේ සම වගඋත්තරකාරයා බවට පත්ව තිබෙනවා. දෙමළ සන්ධානය සජිත්ට සහයෝගය දෙන විට අපට පැහැදිලියි රටට වෙන්න යන ව්‍යසනය. ඒකට උත්තර දීම තිබෙන්නේ ඡුන්දදායකයන් අතෙයි. රට අපට දිනා දුන්නු මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් අපි එයට පිළිතුරු දෙමු. දේශද්‍රෝහී රනිල්, සජිත්, මංගලගේ රට බෙදන ගිවිසුම් නතර කරන්න පුළුවන් එකම මඟ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය පමණයි.
 
 ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ
 
 ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපති අපේක්ෂකයෙක් අද ජාතිය ඇමතුවා. ඒක පුතාණෝගේ සතුට. 16 වැනිදායින් පස්සේ ජාතිය අමතන්නේ ගෝඨාභය රාජපක්ෂ මිසක් සජිත් පේ‍්‍රමදාස නෙමෙයි. ජනාධිපතිවරයාට හැර වෙනත් අයකුට ජාතික කොඩි පිටුපස තබාගෙන ජාතිය අමතන්න බැහැ. මේ රටට අවශ්‍ය වන්නේ එවැනි හීනමානයකින් ඔත්පල වුණු නායකයෙක් නෙමෙයි.
 
 එදා මාවනැල්ලේ බුදු පිළිම කඩන විට ඔත්තුව දීපු කබීර් හෂීම්ගේ ලේකම්වරයාට සහරාන්ලා ඇවිත් වෙඩි තියලා ගියා. අදටත් ඒ පුද්ගලයා ඔත්පල වෙලා ඉන්නේ. කබීර් හෂීම්ලා අහක බලන් හිටියා. හකීම්ලා යනවා සහරාන්ගේ මල්ලි බෝම්බ හදලා තුවාල වෙලා රෝහලේ ප‍්‍රතිකාර ගන්න විට බලන්න ගියා. හැබැයි හකීම්ලා කවදාවත් ඔත්තු දීලා වෙඩි කාපු තරුණයා බලන්න ගියේ නැහැ. අපට අවශ්‍ය වෙලා තියෙන්නේ බෝම්බ හදලා තුවාල වෙච්ච අන්තවාදීන් බලන්න යන නායකයෙක් නෙමෙයි. අද අවශ්‍ය වෙලා තියෙන්නේ රටේ ජාතික සමගිය ඇති කරන්න පුළුවන් නායකයෙක්.
 
 පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා
 
 අද සිට දින දහයකින් මේ රට පාලනය කරන්නේ අපේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි. මේ පරගැති, වැඩබැරි ආණ්ඩුව ගෙදර යැවීම සමරන්න කිරිබත් උයන්න පටන් ගන්න. ජාතියේ නිදහස සමරන්න පටන් ගන්න. මැකො නම් කියන්නේ ඡුන්ද පත‍්‍රිකාව දිග වැඩි නිසා 17ම ප‍්‍රතිඵල දෙන්න බැහැලූ. නමුත් අපට කියන්න තියෙන්නේ තවත් නම් ඉවසන්න බැහැ කියලයි. පුතාණෝ හීනෙන් දැකලා ඊයේ ජනාධිපති විදියට දිවුරුම් දෙනවා. ජාතික කොඩි පිටිපස්සේ දාගෙන අද ජාතිය අමතලා කියනවා ¥ෂණයෙන් තොර ආණ්ඩුවක් හදනවලූ. රිෂාඞ්ලා, කිරිඇල්ලලා, පාඨලීලා, රවීලා එක්ක කොහොමද මෙයා ¥ෂණයෙන් තොර ආණ්ඩුවක් හදන්නේ? මේ ආණ්ඩුවේ වංචා ¥ෂණ හොයන ජනාධිපති කොමිසමේ වාර්තාවේ තියෙනවා සජිත් පේ‍්‍රමදාස පුතාණෝගේ කෙරුවාව. ඒ වාර්තාවේ තියෙනවා නිවාස අධිකාරියට සේවකයන් බඳවා ගෙන මහජන මුදල් කෝටි 65ක් අවභාවිත කළා කියලා. ¥ෂණය කියන වරදට එරෙහිව නඩු පවරන්න කියලා මේ විනිසුරුතුමන්ලා නිර්දේශ කර තිබෙනවා. ඒ නිසා සජිත් හදන ¥ෂණයෙන් තොර ආණ්ඩුවේ සජිත්ටවත් ඉන්න බැහැ.
 
 
 
 මේ රජය යටතේ වැවිලි ක්‍ෂේත‍්‍රයේ ජනතාව පමණක් නොව සෑම ක්‍ෂේත‍්‍රයකම ජනතාව අද අසීරුතාවට පත්ව සිටිනවා. අපේ රජයක් යටතේ ජනතාවට යහපත් ආර්ථිකයක් මෙන් සුරක්‍ෂිත රටක් බිහිකරන බැව්
 
 ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙරේදා (06 දා* පෙරවරුවේ නිවිතිගල පැවති රැුලියේදී ප‍්‍රකාශ කළේය.
 
 සාර්ථක දැක්මක් වැඩකරන රටක් යටතේ පැවති මෙම ජන රැුලිය සංවිධානය කළේ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිවිතිගල පොහොට්ටුවේ සංවිධායක හිටපු නියෝජ්‍ය ඇමැති පේ‍්‍රමලාල් ජයසේකර මහතා විසිනි.
 
 අති විශාල ජනකායක් සහභාගි වූ මෙම ජන රැුලි ඇමතූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා තවදුරටත් මෙසේ ද කීය,
 
 අපි අපගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය පසුගියදා ඉදිරිපත් කළා. එය පසුගිය වසර හතරක පමණ කාලයක් රටේ ජනතාවගේ අදහස් ලබාගනිමින් විද්වතුන්, වෘත්තීයවේදීන් එක්ව මේ රටේ ආරක්‍ෂාව මෙන්ම රට හදන දැක්ම වශයෙන් මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ඉදිරිපත් කිරීමත් ඒවාට නිසි විසඳුම් එමඟින් ලබාදී තිබෙනවා. එම සියලූ දේ ඉදිරි පාලන කාලයේදී ඉටු කිරීමට හැකිවෙනවා. අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ කෘෂිකර්ම, ආර්ථික, ආරක්‍ෂාව ආදී සියලූම අංශ කෙරෙහි අවධානයට ලක් කොට තිබෙනවා. විශේෂයෙන් අද රටේ කෘෂිකර්ම ප‍්‍රජාව දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. ඒවාට නියමිත මිලක් නොමැතිකමින් අපේ ප‍්‍රධාන වැවිලි භෝග වන තේ, රබර්, පොල් වගාකරුවන් අසහනයට පත්වෙලා. මේ නිසා එම කර්මාන්තයේ කම්කරුවන් මෙන්ම ඒවා අයිතිකරුවන්, කර්මාන්තශාලාකරුවන් ද මේ තත්ත්වයෙන් අපහසුතාවට පත්ව සිටිනවා. ගුණාත්මක භාවයෙන් අඩු තේ ගෙන්වා ඒවා ශ‍්‍රී ලංකා තේ ලේබලය යටතේ ප‍්‍රති අපනයනය කිරීම නිසා අපේ තේවල ඉල්ලූම පහත වැටුණා. එදා පළමු තැනට තිබූ අපේ තේ සිවුවැනි ස්ථානයට පත්ව තිබෙනවා. ඉදිරියේදී තේ නව වෙළෙඳපොළවල් සොයාගෙන ප‍්‍රති අපනයන නතර කොට තේවලට නියමිත මිලක් ලබාගැනීමට පියවර ගන්නවා. තාක්‍ෂණය උපයෝගී කරගනිමින් මේවා ඇසුරුම් කිරීම් පවා තාක්‍ෂණිකව ක‍්‍රියා කොට එහි වැඩිදියුණුවක් ඇති කළ යුතු වෙනවා.
 
 සුළු හා මධ්‍යම වගාකරුවන් දිරිමත් කොට නව වගාවන් සඳහා සහන ලබාදී වැඩි භූමි ප‍්‍රමාණයක් නැවත තේ, රබර්, පොල් වගා කටයුතුවලට යොදවාගෙන එමඟින් රටේ ආදායම තේ වගාකරුවන් මෙන් ඒ ආශ‍්‍රිත කම්කරු ප‍්‍රජාවගේ ආදායම් තත්ත්වය නඟාසිටුවීමට හැකිවෙනවා.
 
 රබර්, තේ, ගම්මිරිස් මෙරටට විදේශ රටවලින් පෙන්වීම සම්පූර්ණයෙන් තහනම් කොට මේ රටේ ගොවීන් මඟින් ඒවා වගා කිරීම තුළින් සැපයුම වැඩි කිරීමට අපේක්‍ෂාවයි. මෙරට වගාකරන කිසිම වැවිලි භෝගයක් පිටරටින් ගෙන්වා මෙරට එම නිෂ්පාදන සමග ප‍්‍රති අපනයන කිරීමට මාගේ රජයක් යටතේ ඉඩ ලබාදෙන්නේ නැහැ.
 
 රත්නපුර ප‍්‍රදේශයේ විශාල රැුකියා ප‍්‍රමාණයක් ඇතිකර තිබෙන මැණික් කර්මාන්තය මේ වනවිට කඩා වැටී තිබෙනවා. එය යළි ප‍්‍රකෘති තත්ත්වයට පත් කිරීම සඳහා රජය හරහා ප‍්‍රතිපත්ති මාලාවක් යටතේ මැණික් කර්මාන්තය දියුණු කිරීමට සෑම පියවරක්ම ගන්නවා. එමඟින් පතල් කම්කරුවාගේ සිට ඔපකරුවන්, විකුණුම්කරුවන් දක්වා ඇති මැණික් ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ පිරිසට විශාල ආදායමක් හා රැුකියා අවස්ථා බිහිකරලීමට ද පතල් කර්මාන්තය සඳහා පහසුවෙන් බලපත‍්‍ර ලබාගැනීමේ ක‍්‍රමවේදයක් ඇති කරනවා. රත්නපුර නගරය කේන්ද්‍ර කොට මැණික් පිළිබඳ මධ්‍යස්ථානයක් ඇති කරන බවත් පතල්කම්කරුවන් කෙරෙහි මානුෂිකව සලකා බලා පරිසරය ආරක්‍ෂා වන පරිදි පතල් කර්මාන්තය ගෙන යෑමට වැඩපිළිවෙළක් රාජ්‍ය අනුග‍්‍රහය යටතේ බිහිකරන බැව් ද සඳහන් කළේය.
 
 රටේ ජනතාවගෙන් සීයට හැත්තෑවක් ජීවත්වන්නේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල බැවින් ග‍්‍රාමීය සංවර්ධනය සඳහා විශාල අවධානයක් යොමු කිරීම අපගේ ප‍්‍රතිපත්තිය වෙනවා. එදා අප විසින් මේ රටේ ප‍්‍රධාන නගර මෙන්ම විවිධ ප‍්‍රදේශවල නගර නිර්මාණය කර සංවර්ධනය කළා. ග‍්‍රාමීය ප‍්‍රදේශවල මාර්ග පහසුකම් ඇති කළා. බොහෝ ග‍්‍රාමීය ප‍්‍රදේශවල පානීය ජල ප‍්‍රශ්නය ඇති වී තිබෙනවා පළාත් පාලන ආයතන උපයෝගී කරගනිමින් රාජ්‍ය අනුග‍්‍රහය යටතේ එම ප‍්‍රදේශවල පානීය ජල ව්‍යාපෘතීන් ආරම්භ කොට පිරිසිදු ජලය ලබාදී වකුගඩු රෝගය තුරන් කිරීමට පියවර ගැනීමට ද පළාත් පාලන ආයතන මඟින් කසළ කළමනාකරණය කොට ග‍්‍රාමීය ප‍්‍රදේශවල නගර ගම් පවිත‍්‍රතාව
 
 රැුකගෙන ඩෙංගු වැනි රෝගයක් පැතිර යෑම වළක්වා ගැනීමට ද සැලසුම් කර තිබෙනවා.
 
 ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමට මුල් වසරේදීම අපි විශාල ආයෝජනයක් සිදුකරනවා. උසස් පෙළ සමත් සෑම දරුවකුම විශ්වවිiාලයට ඇතුළත් කොට ගෙන දිගුකාලීන, කෙටිකාලීන ශිෂ්‍යභාවයක් ලබාදීමට යොමුකරනවා. උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලබන දරු දැරියන් අතරමං කරන්නේ නෑ. මෙම අයට රැුකියාවන් තුළින් ආදායම් ලබාගැනීමට අවස්ථාවකට යොමු කරනවා. කලා අංශයේ ඉගෙනීම ලබන දරුවන්ට පවා තාක්‍ෂණ දැනුම ලබාදී ඉහළ වැටුපක්
 
 ලබාගැනීමට හැකි පාඨමාලාව ඇති කොට පුහුණුව ලබාදීමට ක‍්‍රමවේදයක් සකස් කරනවා.
 
 රටේ සෑම ජනතාවකටම අවශ්‍ය වී ඇත්තේ රට ආරක්‍ෂා කර ගැනීමට බැව් ඉල්ලීමයි. එදා තිස් අවුරුදු ත‍්‍රස්තවාදයෙන් මුදාගෙන සුරක්‍ෂිත රටක් නිර්මාණය කළ අපට ජාතික ආරක්‍ෂාවට ප‍්‍රමුඛත්වය දී රට ආරක්‍ෂා කර ගැනීමට හැකියාව පවතිනවා. නැවත මේ රටේ ආගමික හෝ වෙනයම් ත‍්‍රස්තවාදයක් හිස එසවීමට ඉඩ නොතබන බැව් අනාගත පරපුර වෙනුවෙන්ම එම යුතුකම ඉටු කිරීමට පොහොට්ටුව ඉදිරියේ මෙවර ජනාධිපතිවරණයේ ඔබගේ විශ්වාසය තහවුරු කරන්න. එය මේ රටේ සුරක්‍ෂිතභාවයට, ජාතික ආරක්‍ෂාවට මතු පරපුර වෙනුවෙන් ඔබට කළ හැකි එකම යුතුකම වෙනවා. සුරක්‍ෂිත රටක් අභිමානවත් රටක් ලබාදීමට මම ක‍්‍රියා කරනවා.
 
 පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා,
 
 නිවිතිගල ප‍්‍රදේශයේ ඉතිහාසයේ පැවති විශාලම ජන සහභාගිත්වයෙන් පැවති ජන හමුව මෙය වෙනවා. මේ රජයට කුඩා පතල්කරුවන්ට උදැල්ලෙන් - කූඩයෙන් මැණික් ගරන්න අවස්ථාව අපි ඉල්ලා සිටියා ආණ්ඩුව පිළිගත්තා. නමුත් ක‍්‍රියාත්මක කළේ නෑ. මේ නිසා අද මැණික් කර්මාන්ත ප‍්‍රපාතයට වැටී තිබෙනවා. ජනතාවගේ ආදායමට බෙහෙවින්ම එය මේ ප‍්‍රදේශයේ බලපා තිබෙනවා.
 
 මැණික් කර්මාන්තයට කණකොකා හඬලා. කුඩා තේවතු හිමියන්, ගම්මිරිස්
 
 වගාකරුවන් ඇතුළු භෝග වගාකරුවන් මේ රජයේ ක‍්‍රියා කලාපය නිසා අද අඳුරෙන් අඳුරට වැටිලා. පරිහානියෙන් පරිහානියට පත්වෙලා. මේ තත්ත්වයෙන් බේරාගැනීමට
 
 ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග‍්‍රහණය කරවා දීම අපේ යුතුකම 16 වැනිදා නියත වශයෙන් සිදුකිරීමට ජනතාව දින ගනිමින් සිටිනවා.
 
 
 
 පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුනේෂ් ගන්කන්ද මහතා,
 
 පැල්මඬුල්ල ඉතිහාසයේ පාරම්පරික එක්සත් ජාතික පාක්‍ෂිකයන් වූයේ ගන්කන්ද පරපුරයි. පක්‍ෂයට වඩා රටට ආදරය කරන නිසා මේ රටේ අනාගතය වෙනුවෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය දීමට එක්වුණා. එජාපය මන්ත‍්‍රීවරු වශයෙන් අපිත් මුලා කළා. ජනතාවත් මුලා කළා. පොරොන්දු වූ සංවර්ධන කළේ නෑ. රැුකියා දුන්නේ නෑ. රාජපක්‍ෂවරුන්ගෙන් බිලිගත්තා. සොරුන් අල්ලාගෙන කෑගහනවා. රටට බොරු කළා, ජනතාවට බොරු කළා, උතුරු නැගෙනහිර දේශපාලන නායකයන්ගේ ඉල්ලීම් ඉටු කළා.
 
 පාර්ලිමේන්තු මන්ත‍්‍රී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය,
 
 ජාතියේ අනාගතය රැුකගැනීමට ගෝඨාභය රාජපක්‍ෂ මහතාට මේ රට භාරදිය යුතුයි. අද එ. ජා. ප. මාතෘභූමිය පාවා දීමට කටයුතු කරනවා. අලූත් ව්‍යවස්ථාවක් යුද අධිකරණ මඟින් සම්බන්ධන්ලා, විග්නේෂ්ලා, සජිත්, රනිල්ලා සාකච්ඡුා කරනවා. රටේ අක්කර ලක්‍ෂ 12 ක් ඇමෙරිකාවට දෙන්න හදනවා. එයට සබරගමුවෙත් බිම් අයිති වෙනවා.
 
 පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර මහතා,
 
 මෙදා පුංචි අත්තනගල්ලෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට වැඩි ඡුන්ද තිස්දාහකට අධික ප‍්‍රමාණයක් ලබාදෙනවා. එදා මෙම භූමිය පවරා ගැනීමට කටයුතු කළේ අපි ප‍්‍රාදේශීය සභාව සිටින කාලයේදී එදා විශාල මුදලක් මෙකී සංවර්ධනයට ලැබුණා. වැඩ ආරම්භ කළා. නමුත් එය ඉටු කළේ නෑ. මුදල් ආපසු භාණ්ඩාගාරයට ගියා. අද මේ ප‍්‍රදේශයේ මැණික් ව්‍යාපාරික ජනතාවගේ ආර්ථිකය පහළට වැටිලා. එය නැවත යථා තත්ත්වයට පත් කිරීමට ඔබතුමාට භාර කරනවා. යහපාලනය නිවිතිගලට නීතියක් නෑ කිව්වා. නමුත් අද බස්නැවතුම්පළක් ගානේ මත්ද්‍රව්‍ය. නිවිතිගල - කහවත්ත නගර සංවර්ධන කළ යුතුයි. කුඩා නගර වැඩිදියුණු කළ යුතුයි. ඒ සඳහා ලබන 16 මාගේ උපන්දින දවසේ ඔබතුමාට නිවිතිගල ජනතාවගේ උපරිම සහයෝගය කිසිදාක නොතිබූ ආකාරයෙන් ලබාදෙනවා.
 
 රාවණා බලය මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර, ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂයේ ඞී. ඇම්. කරුණාපාල, රම්‍යකුමාර වීරසිංහ, නිලන්ත ජයකොඩි යන පළාත් සභා හිටපු මන්ත‍්‍රීවරුන් ද රෝහණ බැද්දගේ ඇතුළු කලාකරුවන් කිහිපදෙනකු ද සභාව ඇමතීය.
 

 

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles