Divaina - මගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හොඳින් කියවන්න... කවුරුවත් ලියා දුන් එකක් නොවෙයි... මගේම සිතුවිලි - මගේම අදහස්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

 ප‍්‍රාදේශීය සභා, පළාත් සභා, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ජනාධිපතිවරයා හරහා  වෙනම විමධ්‍යගත අරමුදල් ලබාදෙනවා
 

 

saaaajt500


 
 * ත‍්‍රිරෝද රථ රියැදුරන්ට ඇපයක්, පොලියක් නැති ණය ලබාදෙනවා
 * පෙර පාසල් ගුරුවරුන්ට රජයෙන් වැටුප් ලබාදෙනවා... එවිට පෙර පාසල් අධ්‍යාපනයත් නිදහස්
 * යුද ජයග‍්‍රහණයේ සැබෑ හිමිකරුවා ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා බව ඒ අයගේ කටින්ම හෙළිවුණා
 
 ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන්ට, පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සිය ප‍්‍රදේශ සංවර්ධනය කිරීම ස`දහා ජනාධිපතිවරයා හරහා වෙනමම විමධ්‍යගත අරමුදල් ලබා දෙන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා කන්දකැටියේදී ඊයේ (06* ප‍්‍රකාශ කළේය.
 
 නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා වියලූව, කන්දකැටිය නගරයේ පැවැති ජනරැලියට එක් වෙමින් මෙසේ ද කීය.
 
 වියලූව මැතිවරණ කොට්ඨාශයේ ”වාසනාගම” කියන උදාගමේ තමයි මගේ පියාගේ භෂ්මාවශේෂ තැන්පත් කර තිබෙන්නේ. මගේ මවගේ මුල් පදනමත් බදුලූ දිස්ත‍්‍රික්කයේ බණ්ඩාරවෙල ප‍්‍රදේශයේයි. එම නිසා මේ ප‍්‍රදේශයේ ජනතාව සමග මාගේ විශාල සම්බන්ධතාවක් තිබෙනවා. ජනාධිපතිවරණ රැස්වීම් මාලාවේ 107 වන ජනරැුලිය තමයි අද පවත්වන්නේ.
 
 වියලූව මැතිවරණ කොට්ඨාශයේ ගොවීන්ට බලපාන රනැල්ල ජලාශය ඉදිකර දෙනවා. ඒ වගේම තල්පිටිගල ජලාශයත්, කෝමාරික ජලාශයත් වියලූව ජනතාව වෙනුවෙන් ඉදිකර දෙනවා. 16 වැනිදා මෙරට ජනාධිපතිවරයා ලෙස පත්වූ පසු ජාතික කෘෂිකර්ම වැඩසටහනක් ආරම්භ කරනවා. එම වැඩසටහන තුළින් අපේ රටේ ආහාර අවශ්‍යතාව අපේම ගොවීන්ගෙන් සපුරා ගැනීමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කරනවා. පිටරටින් ආහාර ආනායනය නතර කොට අපේ ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන අපනයනය කරවනවා.
 
 එලෙස කරන්නට ආහාර නිෂ්පාදනය හා ජාතික නිෂ්පාදනය ඉහළට ගේනවා. එතනදී ගොවියාගේ අතමිට සරු වෙනවා. ජනතාවගේ මුදල් පසුම්බියට මුදල් ගලාගෙන එනවා. ඉතිහාසයේ පළමු වතාවට තේ, පොල්, රබර් වගාව, සුළු අපනයන භෝග වගාව, වී වගාව, එලවළු පළතුරු වගාව යන සෑම වගාවකටම නොමිලේ පොහොර දෙනවා.
 
 වියලූව මැතිවරණ කොට්ඨාශය කියන්නේ දුෂ්කරම මැතිවරණ කොට්ඨාශයයි. දුප්පත්කම මේ ප‍්‍රදේශයේ වැඩියි. දුප්පත්කම නැති කිරීමේ සමෘද්ධි වැඩසටහන ශක්තිමත් කර ප‍්‍රවර්ධනය කර එය තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යනවා. අපේ රටේ දුගී දුප්පත්කම තුරන් කරන්නට තවත් වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන්න ඕනේ. සමෘද්ධියට අමතරව රණසිංහ පේ‍්‍රමදාස මහතා ආරම්භ කළ ජනසවියත් අපි අනිවාර්යයෙන්ම ක‍්‍රියාත්මක කරනවා.
 
 පාසල් ¥ දරුවන්ට නිල ඇ`දුම, දිවා ආහාරය ලබා දුන්නේ දයාබර මගේ පියාණන්. පාසල් දරුවන්ට දුන් දිවා ආහාරය මගේ ප‍්‍රතිවාදියාගේ කණ්ඩායම විසින් ඉවත් කෙරුවා. මා ජනාධිපති වූ පසු මගේ ප‍්‍රතිවාදියාගේ දේශපාලන කල්ලිය අහිමි කළ දිවා ආහාරය යළි ලබා දෙනවා. නිල ඇ`දුම් දෙකක් වගේම සපත්තු කුට්ටමක්ද ලබා දෙනවා.
 
 මෙරට යොවුන් පරපුර ඕනෑකමින් බලා සිටිනවා, කවදද ඩිජිටල් විප්ලවය අපේ රටේ මහපොලවේ ක‍්‍රියාත්මක වෙන්නේ කියලා. ඩිජිටල් විප්ලවය මහපොළොවේ ක‍්‍රියාත්මක කිරීමේ කාර්යභාරය අපි
 
 16 දායින් පසු ආරම්භ කරනවා.
 
 ඒ වෙනුවෙන් සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම නව තාක්ෂණ විද්‍යාල ආරම්භ කරනවා. එයින් නැනෝ තාක්ෂණය, ජීව තාක්ෂණය, නව තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව හා ඉංග‍්‍රීසි සාක්ෂරතාව ජාත්‍යන්තර ප‍්‍රමිතියට නොමිලේ අධ්‍යාපනය ලබා දෙනවා. එයට සමගාමීව තාක්ෂණ උද්‍යානත් හැම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම ආරම්භ කරනවා. තාක්ෂණ විද්‍යාලවලින් සමත්වන දුවා දරුවන්ට ඩිජිටල් විප්ලවයේ කොටස්කරුවන් වන්නට තාක්ෂණ උද්‍යානයේ ඉඩම් ලබා දෙනවා. ඩිජිටල් ව්‍යාපාර කරන්නට මූලික ප‍්‍රාග්ධනයත් ලබා දෙනවා.
 
 ප‍්‍රතිපත්තියක් ලෙස හැම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම කර්මාන්තපුර ආරම්භ කරනවා. කර්මාන්ත ශාලා බිහි වනකොට යොවුන් පරපුරට ගමේ ඉ`දගෙන රැුකියාවට යා හැකි අවස්ථාව නිර්මාණය වෙනවා. අපේ රටේ ත‍්‍රිරෝද රථ රියැදුරන් ලක්ෂ ගණනක් සිටිනවා. ඔවුන්ගේ ජීවනෝපාය ශක්තිමත් කරන්න ඇපයක් පොලියක් නොමැති ණයක් ලබා දෙනවා. එවිට ත‍්‍රිරෝද රථ රියැදුරන්ට තමන්ගේ රැුකියාව තවදුරටත් ශක්තිමත් කර ගන්න පුළුවන්.
 
 පළමු වසරේ සිට තමයි නොමිලේ අධ්‍යාපනය හිමි වන්නේ. පළමු වසර වෙනකම් පෙර පාසල් අධ්‍යාපනය ලබා දෙන්නේ මුදල් ලබා ගෙනයි. එය අසාධාරණ දෙයක්. එම නිසා සෑම පෙර පාසල් ගුරුතුමියකටම, සහාය ගුරුතුමියකටම, සහාය පාලිකාවකටම රජයේ අනුග‍්‍රහයෙන් මින් ඉදිරියට වැටුප් හා දීමනා ලබා දෙනවා. ඊට අමතරව පෙර පාසල් දුවා දරුවන්ට නොමිලේ දිවා ආහාරයත් ලබා දෙනවා.
 
 අපි ඇයි මෙහෙම කරන්නේ. ඊට වැදගත් හේතුවක් තියෙනවා. දරුවෙක් ඉපදුනාම ඔහුගේ මොළය වර්ධනය වන්නේ උපන් දවසේ සිට වයස අවුරුදු පහ දක්වායි. අපේ රටේ වයස අවුරුදු 5 දක්වා දුවා දරුවන්ට නොමිලේ අධ්‍යාපනයත් නැහැ. පෝෂණයත් නැහැ. 25 වසරක මගේ සමාජ සේවාව තුළ මා අවබෝධ කරගත් සත්‍යය මෙයයි. එම නිසා මෙරට පෙර පාසල් අධ්‍යාපනය නොමිලේ ක‍්‍රියාත්මක විය යුතු මයි.
 
 පෙර පාසල් ගුරුවරුන්ට රජයෙන් වැටුප් ලබා දෙන අතර දරුවන්ට දිවා ආහාරයත් ලබාදී පෙර පාසල් භූමිය තුළ පෙර පාසල තුළ වෙනමම ළමා උද්‍යානයක් දෙනවා. භෞතික සම්පත් මානව සම්පත් යන සියල්ල ලබාදී මෙරට පෙර පාසල් අධ්‍යාපනයද නොමිලේ ලබා දෙන නිදහස් නිවහල් අධ්‍යාපනයක් බවට පත් කරනවා.
 
 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන ණය දීලා ව්‍යාපාරිකයන්ගේ ආදායම් වැඩි කර ගැනීමට අවස්ථාව උදා කරනවා. පෞද්ගලික ව්‍යාපාර සාර්ථක කරන්නට අපට දිය හැකි උපරිම ශක්තිය අපි ලබා දෙනවා.
 
 අප වැඩිහිටි පරපුර සුරකින්නට ඕනේ. වැඩිහිටි පරපුරට අපි කළගුණ සලකන්නට ඕනේ. වැඩිහිටි දීමනාව රුපියල් 2000 සිට 3000 දක්වා වැඩි කර තියෙනවා. ඊට අමතරව අප වැඩිහිටි අයට සමාජ ආරක්ෂණය ලබා දුන්නා. අපි රාජ්‍ය සේවක පරපුරට සලකනවා. විශ‍්‍රාමිකයන්ට සලකනවා.
 
 අපි කෝටි ප‍්‍රකෝටි ගණන් මුදල් ගසා කා නැති නිසා බොහොම අමාරුවෙන් තමයි මුදල් හොයා ගෙන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය මුද්‍රණය කර ගත්තේ. ප‍්‍රමාද වී හෝ සෑම නිවසකටම මගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ලැබෙයි. එය හො`දින් කියවන්න. මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මගේම සිතුවිලි මගේම අදහස් තියෙන්නේ. කවුරුත් ලියලා දුන් එකක් නොවෙයි. මොකද වසර 25 ක් පොදු ජනතාව සමග සිටිමින් පොදු ජනතාවගේ දහඩිය සුව`ද හ`දුනාගෙන සාමාන්‍ය ජනතාවගේ සිතුම් පැතුම් අභිලාෂයන් හදවතේ කැකෑරෙන දුක, ක`දුළ, වේදනාව හ`දුනාගෙන ඒකරාශී කරගත් අදහස්වලින් තමයි මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය නිර්මාණය කර තියෙන්නේ.
 
 ජනතාවගේ දුක හ`දුනන ජනාධිපතිවරයා ලෙස මා පත් කළ පසු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ තිබෙන කාරණා මහපොළොවේ ක‍්‍රියාත්මක කරන්න කැප වෙනවා. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සම්බන්ධයෙන් විවාදයක් ස්වාධීන සමබර තැනකදී පවත්වමු කියලා මා යෝජනා කළා. එවිට අපේ රටේ ජනතාවට අපේක්ෂකයන් දෙන්නගේම තරම බලාගෙන තක්සේරුවක් කරලා හො`ද නිගමනයකට එන්න පුළුවන්. නමුත් මගේ ආරාධනාවට තවම පිළිතුරක් නැහැ. තනිවම එන්න බය නම් හිටපු ජනාධිපති අයියත් එක්ක ගෙන එන්න. එහෙමත් බැරි නම් පවුල් පරපුරම අ`ඩගහගෙන එන්න. පන්දහද විසිදහද කියලා නැහැ මම තිනිවම ඊට මුහුණ දෙනවා. මට කාගෙවත් අත්උදව් අවශ්‍ය නැහැ.
 
 ජාතික ආරක්ෂාව ස්ථාපනය කරන්නට, නීතිය හා සාමය ශක්තිමත් කරන්නට ෆිල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාව නීතිය සාමය හා ආරක්ෂක ඇමැතිවරයා බවට පත් කරනවා. එලෙස කරමින් ත‍්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, සිවිල් ආරක්ෂක බළකායේ සුබ සාධනය ජනාධිපතිවරයා යටතේ ක‍්‍රියාත්මක කරනවා.
 
 පහුගිය දවසක මගේ ප‍්‍රතිවාදියා මෑත ඉතිහාසයේ ලොකුම පාවා දීම කළා. විදෙස් මාධ්‍යවේදියෙක් රණබිමේ වූ දේ ගැන ප‍්‍රශ්න කළාම මගේ ප‍්‍රතිවාදියා කිවුවා මම නොවෙයි හමුදාව භාරව හිටියේ කියලා කිවුවා. අයියා නේද කියලා ඇහුවාම අයියත් නොවෙයි කියලා කිව්වා. හමුදාව භාරව හිටියේ හමුදාපති කියලා කිවුවා. අවුරුදු 10 කුත් මාස ගණනාවකට පසුව රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමාගේ අවසන් වචනය වන ”සත්‍ය කවදා හෝ ජයගනී” යන වචනය සනාථ වුණා. අවුරුදු 10 කුත් මාස ගණනාවක් කිව්වේ යුද්දේ දින්නේ රජ පවුලයි කියලා. ඒකට පොත් ගැහුවා. චිත‍්‍රපට කළා. කවි ලිව්වා. ටෙලිනාට්‍ය හැදුවා. ගීත නිර්මාණය කළා පමණක් නොව පොළොවත් ඉම්බා. වසර 10 කට පසු ඒ අයගේ කටින්ම සත්‍ය හෙළි වුණා. එනම් යුද ජයග‍්‍රහණයේ සැබෑ හිමිකරුවා ෆිල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියලා හෙළි වුණා.
 
 ජනාධිපතිවරණ රාශියකට ජනතාව මුහුණ දී සිටිනවා. ජනතාවගේ වටිනා ඡුන්දයෙන් ජනාධිපතිවරු රැුසක් බිහි කර තියෙනවා. ජනතාව ඡුන්දය දෙනවා, අපේක්ෂකයා ජනාධිපති වෙනවා. නමුත් ඡුන්ද දායකයා හා ජනාධිපතිවරයා අතර විශාල පරතරයක් තියෙනවා. මම අලූත් යාන්ත‍්‍රණයක් නිර්මාණය කරනවා ඒ පරතරය සම්පූර්ණයෙන්ම නැති කරන්න. අපි ජනාධිපති ජාතික සංවර්ධන කාර්ය සාධක බළකායක් පිහිටුවනවා. එය පිහිටුවන්නේ මගේ ප‍්‍රධානත්වයෙන්. ජාතික සංවර්ධන ජනාධිපති බළකායේ ඒකක රට වටේම හැම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයකම පිහිටුවනවා.
 
 මේ ප‍්‍රදේශයේ සංවර්ධනය ගැන බලන්න මේ බළකායේ නිලධාරීන් එවනවා. ජනසවිය ලැබෙනවාද කර්මාන්ත ශාලා ටික බිහිවෙනවාද, තාක්ෂණ උද්‍යාන බිහිවෙනවාද, දිවා ආහාරය, නිල ඇ`දුම් ලැබෙනවාද කියලා මට බලා ගන්න පුළුවන්. ඒ වගේම ජනතාවට තමන්ගේ දුක් ගැනවිල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිටින නිලධාරීන් හමුවී ඉදිරිපත් කරන්න පුළුවන්. මගේ සැලැස්ම මගේ ඉලක්කය පැය 24 ක් තුළ ජනතා ප‍්‍රශ්නවලට මේ ඒකක හරහා විස`දුම් ලබා දෙන්නටයි.
 
 ජනතාවගේ දුක හ`දුනන නායකයෙක් නිසා තමයි මම මෙවැනි සැලසුම් ඉදිරිපත් කරන්නේ. පෙර පැවැති තත්ත්වය වුණේ ජනතාව ජනාධිපති පත් කළාට ජනාධිපතිවරයාට දුක් ගැනවිලි ඉදිරිපත් කරන්න ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී, පළාත් සභා මන්ත‍්‍රී පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෝ ඇමැතිවරු හරහා යා යුතු වෙනවා. ඒ ක‍්‍රමය තමයි මම වෙනස් කරන්නේ.
 
 හැබැයි එය එසේ වුවත් මේ මන්ත‍්‍රීවරු මම ශක්තිමත් කරනවා. ඔවුන්ට පළාත, ආසනය සංවර්ධනය කරන්න වෙනමම විමධ්‍යගත අරමුදල් ලබා දෙනවා. ඒ වගේම මේ ජනාධිපතිවරණයේදී හැම මැතිවරණ කොට්ඨාශයකටම එන එකම අපේක්ෂකයා සජිත් පේ‍්‍රමදාසයි.

 

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles