Divaina - හාරකෝටියක රන් කකුල් දෙකේ.... ගුවන් තොටින් පිට කිරීමට තැත්කළ ඩියුටිෆ‍්‍රී සාප්පු සේවකයා මාට්ටු....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය


 gold

 

 ප‍්‍රභාත් විතාන - කටුනායක ටී.කේ.ජී.කපිල
 
 රුපියල් හාර කෝටි දස ලක්‍ෂයක් පමණ වටිනා රන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ගුවන් තොටුපළෙන් පිට කිරීමට රැුගෙන යමින් සිටි ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයකු ඊයේ (22 දා* දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලාල් වීරකෝන් මහතා පැවසීය.


 ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ඇති විදුලි උපකරණ භාණ්ඩ අලෙවි කරන සාප්පුවක සේවය කරන 26 හැවිරිදි, වත්තල ප‍්‍රදේශයේ පදිංචි තරුණයකු වන මොහු ඔහු මීට පෙර අවස්ථා දෙකකදී ද මේ ආකාරයට රත්තරන් ගුවන් තොටුපළෙන් පිට කිරීම සම්බන්ධයෙන් රේගු අත් අඩංගුවට පත් වූ අයෙකි.
 
 මෙම තරුණයා තම දෙකකුල්වල, දණහිසට පහළින් ඇති බත් කෙණ්ඩ ප‍්‍රදේශයේ මේ රන් අබරණ පාර්සල් 05 ක් ලෙස සකස් කර, සුදු පැහැති ගම් ටේප් යොදා අලවාගෙන තිබුණි.
 
 මේ ආකාරයට තම සිරුරේ මෙම රත්තරන් ස`ගවා ගෙන ඊයේ උදෑසන 9.00 ට පමණ, ගුවන් තොටුපළෙන් පිටවීම සදහා, තම සාප්පුවෙන් පිටතට පැමිණෙමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබුණි. එහි ග‍්‍රෑම් 100 බැගින් බර වූ රන් බිස්කට් 40 ක් සහ කිලෝ ග‍්‍රෑම් 01 යි, ග‍්‍රෑම් 400 ක් බර ස්වර්ණාභරණ තොගයක් ද තිබූ බව වැඩබලන රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.
 
 ගුවන් මගියකු විසින් තමන්ට මෙම රත්තරන් තොගය ගුවන් තොටුපළෙන් පිට කිරීම සදහා භාර දුන් බවත්, මෙම කටයුතු ඩුබායි සිටින ව්‍යාපාරිකයකු මගින් සම්බන්ධීකරණය කළ බවත්, මෙම තරුණයාගෙන් වැඩිදුරටත් ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණය කරගෙන තිබුණි. බුද්ධි තොරතුරු පදනම් කර ගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක සහ රසික සමන්ජිත් යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි .
 
 මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සමන් රණවන මහතාගේ උපදෙස් මත, කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ ආර්.බී. ගන්කේවෙල මහත්මියගේ අධීක්ෂණය යටතේ, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කේ.එච්.පී.කුමාරසිරි, සහකාර රේගු අධිකාරීවරුන් වන හිරුන් ගුණසිරි, ප‍්‍රසාද් ගුණවර්ධන, ධනුෂ්ක අලහකෝන් සහ මල්ෂාන් පෙරේරා යන නිලධාරීහු සිදු කරති.
 

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles