Divaina - සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ගත යුතු සියලූ පියවර ගන්නවා - සජිත් පේ‍්‍රමදාස කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

P1 2මා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින මොහොතේ මහානායක හිමිපාණන් ප‍්‍රමුඛ මහා සංඝරත්නයේ ආශීර්වාද ලැබ ශී‍්‍ර සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස අප විසින් කළ යුතු සියලූ කටයුතු නොපිරිහෙලා ඉටු කරනු ලබන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ ඊයේ (9 දා) දින ගල්කිස්ස ශී‍්‍ර ධර්මපාලාරාමාධිපති ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ් උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යාය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගැනීමට විහාරස්ථානය වෙත පැමිණි අවස්ථාවේදීය.

එහිදී පේ‍්‍රමදාස මහතා මෙසේ ද කීය.

ශී‍්‍ර සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ලබාදිය යුතු ඉහළම රාජ්‍ය ආශීර්වාදය, අනුග‍්‍රහය ලබා දෙමින් ඉදිරියේදී ශී‍්‍ර ලංකාවේ බුදු සසුන බැබලවීමට ගත යුතු සියලූ කි‍්‍රයා මාර්ග ගන්නවා.

ඒ අනුව අද දිනයේ අමරපුර මහා නිකායේ සියලූ විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන මෙහි වැඩම වූ මහා සංඝරත්නය අප වෙනුවෙන් වැදගත් කාර්යබහුල කාලයක් වෙන්කර ආශීර්වාද පැතීම අප බෙහෙවින්ම අගය කරනු ලබනවා.

ඒ ආශීර්වාදය මටත් මෙවර ජනාධිපතිවරණයෙන් අනතුරුව මාගේ පාලන කාලයක් තුළ අප රටේ ශී‍්‍ර සම්බුද්ධත්ව ශාසනය ආරක්ෂා කරමින් ජනතා සිතුම් පැතුම් ද ඉටු කරමින් බුදු සසුන බැබලවීමට කටයුතු කරනු ලබන බවත් ගෞරවනීය මහා සංඝරත්නය හා ඔබ ඉදිරියේ සපථ කර සිටිනු ලබනවා.

මෙහිදී ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යාය කොටුගොඩ ධම්මවාස නාහිමි ඇතුළු සංඝරත්නය ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා වෙත සෙත් පිරිත් සජ්ඣායනයක් සිදුකරමින් ආශීර්වාද කරනු ලැබූහ.

මෙම අවස්ථාවට මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, පාර්ලිමේන්තු මන්ති‍්‍රනී රත්මලාන (එ. ජා. ප.) ප‍්‍රධාන සංවිධායිකා හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර, මොරටුව (එ. ජා. ප.) ප‍්‍රධාන සංවිධායක බස්නාහිර පළාත් සභා හිටපු මන්තී‍්‍ර සේනක දමයන්ත යන මහත්ම මහත්මීන් ඇතුළු පළාත් සභා හා නගර සභා මන්තී‍්‍රවරු ඇතුළු පාක්ෂික හිතවතුන් සහභාගි වී සිටියහ.

රත්මලාන - පින්සිරි ආරියරත්න
 

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles