Divaina - නිධන් හොරු ජේතවනාරාම චෛත්‍යයට හානි කරලා... අකුණු සන්නායකය ගැලවීමේ අදහසින් කළාදැයි සැකයක්‌...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

 

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

 

jatha555i
 
 අනුරාධපුර ජේතවනාරාම චෛත්‍යයේ ඉපැරිණි පහළම පේෂාව සහ සලපතළ මළුව අතර ඉදිකොට තිබෙන මෝල්ඩිමට (වැලි කොන්ද* සහ එම විහාර භූමියේ ඉදිකොට ඇති යතුරු ළිඳ වශයෙන් හැඳින්වෙන ගඩොලින් සහ ගලින් නිම කළ ළිඳට කිසියම් පුද්ගලයකු හෝ පිරිසක විසින් කැණීම් උපකරණ ආධාරයෙන් පහර දී අලාභහානි සිදු කොට ඇත.
 
 ඉකුත් 05 වැනිදා රාත‍්‍රී ජේතවන පූජා භූමිය සහ ඒ අවට ප‍්‍රදේශයට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව පැවැති අවස්ථාවේ මෙම හානිය සිදු කොට ඇති බව අනුරාධපුර ජේතවන ව්‍යාපෘතියේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
 

 ජේතවන චෛත්‍යයට එල්ලවිය හැකි අකුණුසර වැළැක්වීම සඳහා එහි කොත මුදුනේ සිට චෛත්‍ය ගර්භයට පිටින් පහළම පේෂාව සහ සලපතල මළුවට සම්බන්ධ  වන සේ ඉදි කොට ඇති මෝල්ඩිම අභ්‍යන්තරයෙන් සලපතළ මළුවේ සිට අඩි නවයක් ගැඹුරට සවි කොට තිබෙන අකුණු සන්නායකය ගැලවීමේ අදහසින් මෙලෙස මෝල්ඩිමට සහ අකුණු සන්නායකයට හානි කොට ඇති බව එම ප‍්‍රකාශකයා කීය.
 
 මේ අතර එම උත්සාහය අසාර්ථක වූ පසු පුරා වස්තුවලට හානි සිදු කළ පුද්ගලයින් නිධන් සෙවීමේ අරමුණින් ඉපැරිණි යතුරු ළිඳ මතුපිට සිට ළිං පතුල තෙක් පහළට ගමන් කළ හැකි වන සේ ඉදි කොට තිබෙන පිය ගැට පෙළේ පාදමේ පිහිටි ගල්පුවරුවට පහර දී හානි සිදු කොට ඇති බවත් එම ප‍්‍රකාශකයා කීවේය.
 
 මේ සම්බන්ධයෙන් ජේතවන ව්‍යාපෘති කාර්යාලයේ නිලධාරීන් විසින් අනුරාධපුර පොලිසියේ පුරාවිද්‍යා ඒකකයට සහ අපරාධ විමර්ශන අංශයට ඉදිරිපත් කර තිබූ පැමිණිලිවලට අනුව පෙරේදා (07 දා* එම ඒකකවල නිලධාරීන් විසින් එහි ගොස් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට ඇත.
 
 මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ජේතවන පුදබිමේ ආරක්ෂාව සඳහා රාත‍්‍රී කාලයේ නිසි ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක නොකිරීම මෙවැනි අපරාධ සිදුවීමට හේතුව බව පවසන එහි සේවකයෝ මින් ඉදිරියටවත් එහි ආරක්ෂාවට නිසි ක‍්‍රමවේදයක්
 
 අනුගමනය නොකළහොත් ඉපැරිණි පුරාවස්තු අනතුරට පත්වීම නොවැළැක්විය හැකි බව පවසති.


 

jatha555

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles