Divaina - ‘කටහඩ මගේ’ - දිල්රුක්‍ෂි පිළිගනී

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

p1 1- සේවය අත්හිටුවා විමර්ශනයක් කරන්න

- නීතිපති අද රාජ්‍ය සේවා කොමිසමට දන්වයි

- ඇවන්ගාර්ඞ් සභාපති සමග දුරකතන සංවාදය

සිංගප්පූරුවේ රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ලබන ඇවන්ගාර්ඞ් නඩුවේ විත්තිකරුවකු වන ඇවන්ගාර්ඞ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති සමග තමා දුරකථන සංවාදයක යෙදුණු බවත්, මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වන හඬපටයේ කටහඬ තමාගේ බවත් සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය පසුගිය සිකුරාදා (20 දා* පස්වරුවේ නීතිපතිවරයා ඉදිරියේ පිළිගෙන ඇත.

රජයේ සේවකයකුව සිටියදී නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ තනතුරක් වන සොලිසිටර් ජනරාල් ධුරය දරමින් සිටියදී මෙලෙස විත්තිකරුවකු සමඟ දුරකථනයෙන් සාකච්ඡුා කිරීම වෘත්තීය ආචාරධර්ම දැඩිව උල්ලංඝනය කිරීමක් මෙන්ම ඉතාම අයුතු සහගත සුළුකොට තැකිය නොහැකි බරපතළ වරදක් බැවින් ඇයට එරෙහිව වහාම පරීක්‍ෂණයක් පවත්වන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අද (23 දා* රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ලිඛිතව දැනුම් දීමට නියමිතව ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ‘දිවයින’ට ප‍්‍රකාශ කළාය.

දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය මේ වන තෙක්ම නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරිවලින් ඉල්ලා අස්වන බවට දැනුම්දීමක් සිදුකර නොමැති නිසා ආයතන සංග‍්‍රහය අනුව එම බරපතළ චෝදනාව සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකරනා තෙක් ඇයගේ සේවය අත්හිටුවා විමර්ශනය සඳහා සුදුසු නිලධාරියකු ද පත් කරන ලෙස නීතිපතිවරයා එමගින් රාජ්‍ය සේවා කොමිසන් සභාවට දැනුම් දීමට නියමිතය.

තමා විසින් මේජර් නිශ්ශංක සේනාධිපති හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු සැකකරුවන්ට එරෙහිව මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවේ යම්කිසි දේශපාලන අවශ්‍යතාවක් මත බව ඇය නිශ්ශංක සේනාධිපති මහතා සමග සිදුකළ දුරකථන සංවාදය මගින් අනාවරණය කර තිබීම මත ඇය අල්ලස් හෝ ¥ෂණ විමර්ශන කොමිසන් සභාවේ අධ්‍යක්‍ෂවරිය ලෙස කටයුතු කළ සමයේ කරනු ලැබූ සෙසු නඩුවලට ද විශාල අගතියක් සිදුවිය හැකි බව ද අල්ලස් කොමිසම් සභා ආරංචි මාර්ග කියයි.

ඒ. ජේ. ඒ. අබේනායක

 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles