Divaina - බස්‌ රථයේ මුහුණට මුහුණ ගැටුණු යතුරුපැදිය මීටර් තුන්සියයක්‌ ඇදගෙන ගිහිල්ලා...... යතුරුපැදිකරු එම ස්‌ථානයේදීම මරුට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

නොච්චියාගම - එම්. එම්. පී. ජී. පෙරේරා

main500
 
 තලාව - එප්පාවල ප්‍රධාන මාර්ගයේ එප්පාවල එළියදිවුල්වැව ප්‍රදේශයේ බස්‌ රථයක්‌ හා යතුරු පැදියක්‌ මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වු අනතුරකින් යතුරු පැදිකරු එම ස්‌ථානයේදීම ජීවිතක්‍ෂයට පත් වූ බව එප්පාවල පොලිසිය පවසයි.
 
 මෙම අනතුර 19 දා පස්‌වරු 2.30 ට පමණ සිදුව ඇති අතර, අනතුරින් ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ එප්පාවල ඇඳගල ප්‍රදේශයේ පදිංචි අසේල කුමාර නමැති 28 හැවිරිදි තරුණයෙකි.
 
 අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය කෙරුණු බස්‌ රථයක මෙලෙස එප්පාවල දෙස සිට තලාව දෙසට ධාවනය වූ යතුරු පැදිය මුහුණට මුහුණ ගැටී ඇත්තේ එප්පාවල එළියදිවුල්වැව ප්‍රදේශයේ පිහිටි වැව අසලදීය. අනතුර සිදු වී මීටර 300 කට වැඩි දුරක්‌ යතුරු පැදිය බස්‌ රථයත් සම`ග ඇදී ගොස්‌ බස්‌ රථය යට නතර වී තිබිණි. බස්‌ රථය හා යතුරුපැදිය පාලනය කර ගත නොහැකි වේගයකින් ගමන් කර ඇතැයි එප්පාවල පොලිසිය පවසයි.
 
 අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් යතුරු පැදිකරු එම ස්‌ථානයේදීම ජීවිතක්‍ෂයට පත්ව තිබේ.
 
 අනතුර සිදු වීමත් සම`ග බස්‌ රථයේ රියෑදුරු හා කොන්දොස්‌තර පළා ගොස්‌ තලාව පොලිසියට භාර වීමෙන් අනතුරුව එප්පාවල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

 

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles