Divaina - ‘ඔස්ටේ‍්‍රලියාවේ දැවැන්ත ලැව් ගිනි’

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

auslaw1


 
 ඔස්ටේ‍්‍රලියාවේ ක්වීන්ස්ලන්තය හා නිව් සවුත් වේල්ස් යන ප‍්‍රාන්තවල හට ගෙන ඇති සියයකට ආසන්න දැවැන්ත ලැව්ගිනි හේතුවෙන් නිවාස හා ඉඩම් විශාල සංඛ්‍යාවක් විනාශ වී ගොස් ඇති අතර විශාල පිරිසක් සිය නිවාසවලින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා ගෙන යෑමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. .
 
 නියමිත කාලයට පෙර හට ගෙන ඇති මෙම ලැව්ගිනි හේතුවෙන් මිනිසුන්ගේ මෙන්ම කැලෑවල වෙසෙන සතුන්ගේද ජීවිත අවදානමකට පත්ව තිබේන බව වාර්ථා වේ.
 
 ක්වීන්ස්ලන්ත ප‍්‍රාන්තයේ පමණක් ලැව් ගිනි 70 කට අධික සංඛ්‍යාවක් ඇවිළෙමින් පවතින අතර මෙම ගිනි නිවීම සඳහා ගිනි නිවන භටයින් සිය ගණනක් යොදවා ඇතත් එම ගිනි පාලනයකින් තොරව ශීඝ‍්‍රයෙන් පැතිර යෑම හේතුවෙන් ඒවා නිවීම අසීරු වී තිබේ. මෙම ලැව්ගිනි වලින් වැඩිම හානියක් සිදුව ඇති ක්වීන්ස්ලන්ත ප‍්‍රාන්තයේ සන්ෂයින් වෙරළ තීරයේ ‘පෙරේගියන්’ වෙරළ ප‍්‍රදේශය ආශ‍්‍රිතව ‘හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබේ.
 
 ලැව්ගිනි පැතිර ඇති ප‍්‍රදේශවල බොහෝ නිවැසියන් ආරක්ෂාව පතා එම ප‍්‍රදේශවලින් පලා ගොස් ඇති අතර පාසල් හා වෙනත් ආයතන ලැව් ගිනි අවදානම හේතුවෙන් වසා දමා තිබේ.
 
 නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්තයේද බොහෝ ප‍්‍රදේශවල ලැව් ගිනි ඇවිළෙමින් පවතින අතර ඒවාද පාලනයකින් තොරව පැතිර යෑම හේතුවෙන් නිවා දැමීම අසීරු වී තිබේ. මෙම ගිනි හේතුවෙන් ප‍්‍රාන්තයේ ‘යුරයිගිර්’ ජාතික උද්‍යානයේ හා ‘ෂාර්ක් ක‍්‍රීක්’ යන ප‍්‍රදේශවල මේ වන විට හෙක්ටයාර් 7300ක ප‍්‍රමාණයක් විනාශ වී ගොස් ඇත. දකුණු දිග ක්වීන්ස්ලන්ත ප‍්‍රාන්තයේ හා ඊසාන දිග නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්තයේ මෙම ලැව් ගිනි වැඩි වශයෙන් හට ගෙන තිබේ.

 

auslaw2

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles