Divaina - ජාතික ආරක්‍ෂාව සම්බන්ධව නිසි පියවර ගත හැකි ගෝඨාභයට පමණයි- මල්වතු මහා නාහිමියෝ පවසති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

p1 4ජාතික ආරක්‍ෂාව සම්බන්ධව රට තුළ ප‍්‍රශ්නයක් ඇති බවත් ඒ සම්බන්ධව නිසි පියවර ගැනීමේ හැකියාව ඇත්තේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට පමණක් බවත් මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ සුමංගල හිමියෝ පැවැසූහ.

උන්වහන්සේ එසේ පැවසුවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (13 වැනිදා) පෙරවරුවේ මහනුවර මල්වතු විහාරයේදී උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් මොහොතේය.

එහිදී වැඩිදුරටත් ආශීර්වාද කරමින් මල්වතු හිමියන් සඳහන් කළේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට මහා සංඝරත්නය හදවතින්ම ආශිර්වාද කරන බවය.

අනතුරුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඤාණරතන හිමියන්ද බැහැදුටුවේය.

මහා නාහිමිවරුනට අමතරව ඒ මහතා මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම, අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද යන නාහිමිවරුද බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය.

මෙම අවස්ථාවනට විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සහ ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පක්‍ෂ නායකයෝ සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුද එක්ව සිටියහ.

සිරිල් විමලසුරේන්ද්‍ර සහ සමන්තී වීරසේකර

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles