Divaina - මහින්ද සහ ගෝඨා ශී‍්‍ර මහ බෝධිය අබියස.. අටමස්ථානය වැඳ පුදාගෙන ආශීර්වාද ලබා ගනිති!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

gota555
 
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (13 දා* අනුරාධපුරයේදී ජය ශී‍්‍ර මහ බෝ සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගත් අයුරු. හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද එම අවස්ථාවට එක් විය. ඡායාරූපය - කමල් බෝගොඩ
 
  අනුර බාලසූරිය අනුරාධපුරයේ සිට
 
 ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හා එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වයට නම් කෙරුණු ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (13 දා* උදෑසන අනුරාධපුර ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශීර්වාද ලබා ගත්හ.
 
 එම දෙදෙනා පෙරේදා (12 දා* සන්ධ්‍යා කාලයේ අනුරාධපුර ඓතිහාසික රුවන්වැලිසෑය අබියස පැවැති බුද්ධ වන්දනා හා ආශීර්වාද පූජාවකට ද එක්වූහ.
 
 විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට පෙර අටමස්ථානාධිපති උතුරුමැද දෙදිසාවේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ බැහැදුටුවෝය.
 
 ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව අටමස්ථානාධිපති හිමිපාණන් විසින් පංචශිලයෙහි පිහිටුවූහ.
 
 ඉන් අනතුරුව අනුරාධපුර සම්බුද්ධ ජයන්ති විහාරාධිපති උතුරුමැද පළාතේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමිපාණන් වහන්සේ විසින් බුද්ධ පූජාව හා ආශීර්වාද පූජාව සිදු කරනු ලැබූහ. අනතුරුව වැඩමකර සිටි මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කළහ.
 
 මහා සංඝරත්නයට අපහාස කරමින්, නින්දා කරමින් කටයුතු කරන වත්මන් පාලනය අවසන් කර මේ රටත් ජාතියත් සමෘද්ධිමත් කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට ශක්තිය, ධෛර්යය ලැබේවායි අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියෝ අනුශාසනාවක් කරමින් පැවසූහ.
 
 හෙට දවසේ මේ ලංකාද්වීපය විකසිත කිරීමට ජාතියේ පිනට පහළ වූ ගෝඨාභය රාජපක්ෂ නම් වූ ශ්‍රේෂ්ඨ පුත‍්‍රයාට හැකි වේවායි ද උන්වහන්සේ ප‍්‍රාර්ථනා කළහ. විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව අටමස්ථානයට අයත් මිරිසවැටිය වැඳපුදා ගැනීමට ගොස් විහාරාධිපති ඊතල වැටුණු වැවේ ඥානතිලක හිමිපාණෝ බැහැ දැක ආශීර්වාද ලබා ගත්හ.
 
 අනතුරුව ලංකාරාමය චෛත්‍යය වන්දනාමාන කර විහාරාධිපති රළපනාවේ ධම්මජෝති හිමිපාණන් බැහැදැක ආශීර්වාද ලබාගෙන අභයගිරි රාජමහා විහාරාධිපති කල්ලන්චියේ රතනසිරි නාහිමි බැහැදැක ආශීර්වාද ලබා ගත්හ.
 
 ලංකාරාමය වන්දනාමාන කිරීමෙන් පසු ජේතවනාරාම විහාරාධිපති ඉහළ හල්මිල්ලෑවේ රතනපාල නාහිමි හා ජයන්තිපුර විහාර රාජමහා විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමිපාණන් බැහැදැක චෛත්‍යය වන්දනාමාන කර ආශීර්වාද ලබා ගත්හ.
 
 අටමස්ථානය වැඳපුදා ගැනීමෙන් පසු අනතුරුව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරු ඇතුළු පිරිස පස්වරුවේ රිය පෙරහැරකින් මහනුවර බලා ගමන් ආරම්භ කළහ.
 
 රථ පෙළපාලිය අනුරාධුපර පසු කරගෙන යෑමේදී නගර කිහිපයකදී පිළිගැනීමේ උත්සව පැවැති අතර රථ පෙළපාළිය ගමන් ගත් මග දෙපස ජනතාව මහින්ද රාජපක්ෂ මහතාගේ හා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡුායාරූප ප‍්‍රදර්ශනය කරමින් ආචාර කළහ.
 

 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles