Divaina - නීතිපතිගේ මාධ්‍ය නිවේදනය ගැන අවධානය යොමු කරන්න - පූජිත්ගේ නීතිඥ උසාවියෙන් ඉල්ලයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

p1 4මුස්ලිම් අන්තවාදි සංවිධානයක් විසින් මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒවා මැඩපැවැත්වීමට අවශ්‍ය පියවර නොගැනීමෙන් රාජකාරිය පැහැර හැරියේ යැයි චෝදනා එල්ල වී ඇති හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු හා මේ වනවිට අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනා ඊයේ (22 දා) පළමුවරට අධිකරණය හමුවේ පෙනී සිටියහ.
 
 පළමු වන සැකකාර හේමසිරි ප‍්‍රනාන්දු මහතාගෙන් පසුගිය 15 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රකාශ සටහන් කර අවසන් කර ඇති බවත් දෙවන සැකකාර පූජිත් ජයසුන්දර මහතාගෙන් පසුගිය 18 සහ 19 යන දින දෙකේ දී ප‍්‍රකාශ සටහන් කර ගෙන ඇති බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය. පූජිත් ජයසුන්දර මහතාගෙන් වැඩිදුර ප‍්‍රකාශ ලබා ගැනීම සඳහා ඊයේ (22දා) ඔහු අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවද එහිදී පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එකී ප‍්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව අනාවරණය වන කරුණු ඔස්සේ ඉදිරි විමර්ශන සිදු කරන බවද අධිකරණයට පෙන්වා දුන්නේය.
 
 එම සැකකරුවන් දෙදෙනාට පසුගිය 9 වැනිදා අධිකරණය විසින් ඇප ලබාදීමට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණයට ප‍්‍රතිශෝධන අයැදුම්පතක් ගොනු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති බවත් පෙන්වා දුන් දෙවන සැකකාර පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඩිල්ෂාන් ජයසූරිය මහතා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
 රාජ්‍ය නිලධාරියකු හෝ වේවා ආයතන සංග‍්‍රහය යටතේ කටයුතු කළ යුතුව ඇතැයි එම ප‍්‍රකාශයට පිළිතුරු දෙමින් පෙන්වා දුන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා තොරතුරු දැනගැනීමේ පනත යටතේ යමකු තොරතුරු ඉල්ලා සිටි විට ආයතන ප‍්‍රධානියාගේ අනුමැතිය ඇතිව ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමේ හැකියාව පවතින බවද පෙන්වා දුන්නේය. විත්තියේ නීතිඥවරයා පෙන්වා දෙන ලද කරුණු සම්බන්ධයෙන් තමා දැනුවත් නොමැති බවද එහිදී පෙන්වා දුන් දිලීප පීරිස් මහතා කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ පෞද්ගලික අවධානය යොමු කිරීමට පියවර ගන්නා බවද අධිකරණය හමුවේදී ප‍්‍රකාශ කළේය.
 
 විමර්ශන නිලධාරීන් විසින් ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරුණ ජයසුන්දර මහතාගෙන් ලබාගෙන ඇති ප‍්‍රකාශ මගින් සහරාන් හෂීම් නමැත්තා සම්බන්ධයෙන් අනාවරණය කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ද උද්‍යෝගයෙන් විමර්ශනය කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතා එහිදී ප‍්‍රකාශ කළේය.
 
 විමර්ශන නිලධාරීන් සෑම සාක්‍ෂියක් සම්බන්ධයෙන්ම අවධානය යොමු කර විවෘත මනසකින් යුතුව කටයුතු කරන බවද නියොජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය. විමර්ශන නිලධාරීන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු ඇතුළු සාක්‍ෂිකරුවන් රැසකගෙන් ප‍්‍රකාශ සටහන් කර විමර්ශන කරනා බවද දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.
 
 විමර්ශනවල ප‍්‍රගතිය ලබන ඔක්තෝබර් 3 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස එහිදී විමර්ශන නිලධාරීන්ට නියෝග කළ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එදින දක්වා නඩුව කල්තැබීමට නියෝග කළාය.
 
 ඒ. ජේ. ඒ. අබේනායක
 ඡායාරූපය - කමල් බෝගොඩ

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles