Divaina - කළගෙඩිහේනේදී වෑන් රියකට පහර දුන් ගණිත දේශක ඇතුළු 8 ක් රිමාන්ඞ්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

p1 1කොළඹ නුවර ප‍්‍රධාන මාර්ගයේ කළගෙඩිහේන ප‍්‍රදේශයේදී වෑන් රථ රියැදුරකුට තර්ජනය කර එම වෑන් රථයට පහර දුන් සහ ඊට ආධාර අනුබල දුන්

ගණිත දේශක දිනේෂ් නුවන් අමරතුංග ඇතුළු සැකකරුවන් 08 දෙනකු මෙම මස 29 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙසට අත්තනගල්ල මහෙස්ත‍්‍රාත් තරංගා රාජපක්‍ෂ මහත්මිය ඊයේ (22 වැනිදා) නියෝග කළාය.

කොළඹ අපරාධ විර්ශන කොට්ඨාසයට භාරවීමෙන් අනතුරුව 20 වැනිදා අත්තනගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ (22 වැනිදා) දක්වා රිමාන්ඞ් භාරයට පත් කර සිටි තල්ගස්දොළ, මාගම්පිටිය පදිංචි සඳුන් පුෂ්පකුමාර (44), කළුතර ලාගොස්වත්තේ පදිංචි මාකස් පීටර් රුවන් ප‍්‍රසන්න (26), මතුගම බදුගම පදිංචි ගාමිණී විජේසූරිය (45), සහ පොලොන්නරුව, අරලගංවිල පදිංචි ප‍්‍රසන්න බංඩාර (32) යන සැකකරුවන් සිව් දෙනා සහ එම නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණය හමුවේ නීතීඥයන් මගින් පෙනී සිටි ගණිත දේශක මෙන්ම නීතීඥයකු වන දිනේෂ් නුවන් අමරතුංග නමැති සැකකරු සහ තවත් සැකකරුවන් තිදෙනකු ඇතුළු සැකකරුවන් 08 දෙනකු මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

ඉකුත් 20 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඞ් භාරයට පත්වූ සැකකරුවන් සිව් දෙනා සම්බන්ධයෙන් ඊයේ (22දා) හඳුනා ගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීමට නියමිතව තිබූ අතර සැකකරුවන්ගේ නීතිඥයන් ඉදිරිපත් කළ විරෝධතා හේතුවෙන් එම හඳුනාගැනීමේ පෙරට්ටුව අවලංගු කෙරුණි.

ඉකුත් 16 වැනිදා නුවර දෙසට ගමන් කරමින් තිබු වෑන් රථයක් එම දෙසටම ගමන් කළ ඩිපෙන්ඩර් රථයකට සහ ප‍්‍රාඩෝ රථයකට ඉස්සර කර ධාවනය කිරීමට ඉඩ නොදුන්නැයි උරණවී ඇති සැකකරුවන් මග හරස්කොට එම වෑන් රිය නවතා රියැදුරුට තර්ජනය කරමින් එම වෑන් රථයට පහරදී පලාගොස් තිබිණි.

ප‍්‍රභූ රැකවලූන්ගේ ඇඳුම්වලට සමාන ඇඳුම්වලින් සැරසී සිටි සැකකරුවන් සම්බන්ධයෙන් කොළඹ අපරාධ නිවාරණ කොට්ඨාසය මගින් පරික්‍ෂණ ඇරඹීමෙන් අනතුරුව සැකකරුවන් සිව් දෙනකු පොලිසියට භාරවී තිබූ අතර තවත් සැකකරුවන් සිව් දෙනකු ඊයේ (22 දා) අත්තනගල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබිණි. සැකකරුවන් 08 දෙනා රිමාන්ඞ් භාරයට පත් කළ අතර නඩුව නැවත 29 වැනිදාට කැඳවීමට නියම කෙරුණි.

මිනුවන්ගොඩ -  ටෝනි කරුණානායක

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles