Divaina - පාස්‌කු දා ප්‍රහාරය වළක්‌වා නොගැනීමඃ පෙත්සම්කරුවන්ට කරුණු තහවුරු කරන්න දින දෙකක්‌!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new


 
 සරත් ධර්මසේන

 

mainnew500

 මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ ගොනු කළ එම බෝම්බ ප්‍රහාරයට ලක්‌ව ජීවිතය බේරා ගත් නීතිඥ මෝදිත ඒකනායක මහතා, කතෝලික ආගමික නියෝජිත පිරිසක්‌ සහ නීතිපති දප්පුල ද ලිවේරා මහතා ශේ්‍රෂ්ඨාධිකරණයට පැමිණි අයුරු. ඡායාරූප - කමල් බෝගොඩ
 
 ඉකුත් පාස්‌කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය වැළැක්‌වීමට ප්‍රමාණවත් සැලකිල්ලක්‌ යොමු නොකිරීම ගැන ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ප්‍රථම වතාවට හත් පුද්ගල ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක්‌ හමුවේ ඊයේ (12 දා) කැඳවූ අතර පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට පෙත්සම්වල කරුණු තහවුරු කිරීම සඳහා පෙත්සම් ලබන 25 සහ 26 යන දිනයන්හි යළි කැඳවීමට නියෝග කරන ලදී.පෙත්සම්වලින් කර තිබෙන ඉල්ලීම්වලට සහ එල්ල කර ඇති චෝදනාවලට වගඋත්තරකරුවන් කිසිවෙකු විරුද්ධ වනවා නම් ඒ සඳහා කරුණු ඉදිරිපත් කිරීමට ඔවුන්ගේ නීතිඥවරුන්ටද අවස්‌ථාව ලබා දෙන බව ශේ්‍රෂ්ඨාධිකරණය සඳහන් කළේය.
 
 පෙත්සම් පිළිබඳ සම්පූර්ණ විභාගයක්‌ පැවැත්වීමට නියෝග කරනවාද නැද්ද යන්න ගැන දෙපාර්ශ්වයේම කරුණු සලකා බලා විනිසුරු මඬුල්ල විසින් තීරණයක්‌ ගනු ඇත.
 
 අගවිනිසුරු ජයන්ත ජයසූරිය, සිසිර ද ආබෲ, බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, එල්. ටී. ඩී. දෙහිදෙනිය සහ මුර්දු ප්‍රනාන්දු හත් පුද්ගල විනිසුරු මඬුල්ලට ඇතුළත්ය.
 
 පෙත්සම්වලින් කීපයක්‌ හිටපු පොලිස්‌පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්‌ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව ගොනු කර ඇති අතර තවත් පෙත්සම් කීපයක්‌ ඒ දෙදෙනාට සහ ජනාධිපති, අගමැති ඇතුළු රජයට එරෙහිව ගොනු කර තිබේ.
 
 හිටපු පොලිස්‌පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්‌ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටියේ නැත.
 
 නීතිපති දප්පුල ද ලිවේරා මහතා මුලින්ම සඳහන් කළේ පෙත්සමේ 03 වැනි වගඋත්තරකරු වන නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රියලාල් දිසානායක සහ සෙසු වගඋත්තරකරුවන් වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ඇමැති මණ්‌ඩලයට රජයේ නීතිඥවරුන් කණ්‌ඩායමක්‌ සමඟ තමා පෙනී සිටින බවයි.
 
 අන්තවාදී මුස්‌ලිම් කල්ලියක්‌ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට බුද්ධි අංශවලින් තොරතුරු සහ අනතුරු ඇඟවීම් ලැබී තිබියදීත් ජනතාවගේ ආරක්‌ෂාවට නිසි පියවර නොගැනීම ගැන චෝදනා කරමින් ශේ්‍රෂ්ඨාධිකරණයට පෙත්සම් 12 ක්‌ ගොනු කර තිබේ.
 
 පෙත්සම්කරුවන් සියලු දෙනාම වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු තම සේවාදායකයන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට සූදානම්ව ඊයේ උසාවියට පැමිණ සිටියහ.
 
 පෙත්සම්වලට විරෝධතා ගොනු කරන බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා කීය.
 
 ශැංගි්‍රලා හෝටලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ නීතිඥ වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහරාද සිල්වා මහතා පෙනී සිටියේය. නීතිඥ මහතා පෙත්සම ගොනු කළේ දින 02 කට උඩදී බව පැවසූ ජනාධිපති නීතිඥ මනෝහරාද සිල්වා මහතා පෙත්සම්කරු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට අපේක්‌ෂා කරන බව ඔහු කීය.
 
 හිටපු පොලිස්‌පති ඇතුළු වගඋත්තරකරුවන් කීප දෙනෙක්‌ පෙත්සම්වලට විරෝධතා ගොනු කර ඇති බව පැවසුවත් තමාට ඒවායේ පිටපත් කිසිවක්‌ ලැබී නැතැයි පෙත්සම්කරුවන් දෙදෙනෙක්‌ වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගාමිණී පෙරේරා මහතා මුලින්ම විනිසුqරු මඬුල්ලට දැනුම් දුන්නේය.
 
 නීතිඥ ගාමිණී පෙරේරා පෙනී සිටියේ සමන් නන්දන සිරිමාන්න හා ජනත් එස්‌. විදානගේ යන පෙත්සම්aකරුවන් දෙදෙනාටය. සිරිමාන්න මහතාගේ දරුවන් දෙදෙනකු කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි බෝම්බයෙන් මියගොස්‌ ඇත.
 
 අධිනීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්‌, අධිනීතිඥ ගාමිණී පෙරේරා, ජනාධිපති නීතිඥ පයිස්‌ මුස්‌තාපා, නීතිඥ ප්‍රභාත් කොළඹගේ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.
 
 නීතිපති දප්පුල ද ලිවේරා, අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දික දේමනී ද සිල්වා, පර්ෂානා ජමාල්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ, අසාඩ් නවාවි, ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ ආචාර්ය අයන්ති පෙරේරා, සුරේන් ඥනරාඡ්, රජයේ අධිනීතිඥ ඉද්‍රdනි පුංචිහේවා, නිෂාර ජයරත්න, කලන කොතලාවල, ඉමේෂා ධර්මදාස, ජනාධිපති, අගමැති ඇතුළු ඇමැති මණ්‌ඩලය වෙනුවෙන් පෙනී සිටියහ.
 
 කාදිනල්තුමා එක්‌ පෙත්සමක වගඋත්තරකරුවෙක්‌ ලෙස නම් කර තිබිණි. ජනාධිපති නීතිඥ ෂමීල් පෙරේරා සහ අධිනීතිඥවරුන් වන සන්ධීර අකිත පෙරේරා, චමත් ප්‍රනාන්දු උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටියහ.
 
 
 
 
 
 
 
 
 
 
 

 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles