Divaina - සහරාන් ගැන මම කරපු පැමිණිලි ගැන ක‍්‍රියාමාර්ග ගත්තා නම් ප‍්‍රහාරයක් වෙන්නේ නෑ; රටේ ආණ්ඩුවක් තියෙනවාද ජනාධිපතිවරයෙක් සිටිනවාද කියා ප‍්‍රශ්නයක් ඇතිවෙලා...... සහරාන් සහ කණ්ඩායම ඉස්ලාම් දහමට සම්බන්ධයක් නෑ...... කඩු මුගුරු පාවිච්චි කළ සහරාන්ට ප‍්‍රබල අවි ආයුධ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

ත‍්‍රස්තවාදයට විරුද්ධව වැඩ කළ අපිව ත‍්‍රස්තවාදීන් කරනවා
 
 පාස්කු ප‍්‍රහාරයේ තේරීම් කාරක සභාව
 
 අජිත් අලහකෝන්

 

saba500
 
 ජාතික තවුහිද් ජමාත් සංවිධානය සහ සහරාන් පිළිබඳ පසුගිය කාලයේ ආරක්ෂක ලේකම්වරුන් කිහිප දෙනෙකුටම වරින් වර කළ පැමිණිලි පිළිබඳ ක‍්‍රියාමාර්ග ගත්තා නම් අපේ‍්‍රල් 21 වැනිදා ප‍්‍රහාරය සිදු නොවන්න තිබුණා යැයි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ඊයේ (11 දා* විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්කි දෙමින් ප‍්‍රකාශ කළේය.
 
 පාස්කු දින සිදු වූ ප‍්‍රහාරය පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ විශේෂ තේරීම් කාරක සභාව සිවුවැනි දිනයටත් ඊයේ පාර්ලිමේන්තු කමිටු ශාලාවේදී රැුස්විණි.
 
 ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතාගේ මුලසුන යටතේ රැුස්වූ කාරක සභාව එහි සාමාජිකයන් වන රාජිත සේනාරත්න, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රවි කරුණානායක, මහාචාර්ය ආශු මාරසිංහ, වෛi නලින්ද ජයතිස්ස සහ එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි. සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි සහ රවුෆ් හකීම් මහතාට ඊයේ කාරක සභා රැුස්වීමට සහභාගි වීමට නොහැකි වන බව දන්වා එවා ඇතැයි මුලසුන විසින් දැනුම් දුන්නේය.
 
 බස්නාහිර පළාත් සභාවේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සාක්කි දෙමින් මෙසේද කීය.
 
 රටේ ආණ්ඩුවක් තියෙනවද නැද්ද කියා හිතෙන වෙලාවක මා මෙම කමිටුවට කැඳවීම ගැන මා ස්තුතිය පුද කරනවා.
 
 මා අවසන් වශයෙන් මාස පහක් ආණ්ඩුකාර වුණා. අවසානයේ කහ සිවුරුධාරී හිමිවරුන්ගේ අන්තගාමී චෝදනා මත එම තනතුරෙන් ඉල්ලා අස් වුණා.
 
 ඒක ආණ්ඩුව කළ මෝඩ ක‍්‍රියාවක්. සමස්ත මුස්ලිම් ජනයාටම ඉන් වන්දි ගෙවන්න වුණා. රටේ ආණ්ඩුවක් තියෙනවද? ජනාධිපතිවරයෙක් ඉන්නවද කියා ප‍්‍රශ්නයක් ඇති වෙලා. 1994 සිට සිටි ආණ්ඩු මේකට වග කියන්න ඕනෑ. එදා සිට ආරක්ෂක ලේකම්වරුන් ගණනාවකට තවුහිද් ජමාත් ගැන අප කරුණු හෙළි කළා. 2010 තමයි මුස්ලිම් ජනතාව පීඩාවට පත්වූ කාලය. පල්ලිවලට ගැහුවා.
 
 ජයම්පති වික‍්‍රමරත්න මහතා - කවුද ගැහුවේ...
 
 සාක්කිකරු - ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අහන්න ඕනේ. කිසිම දෙයක් කළේ නෑ. අපි නම් ලැයිස්තු දුන්නා. 2017 මාර්තු 15 යනවා මගේ වීඩියෝවක් ඇයි සහරාන්ව අත්අඩංගුවට ගන්නේ නැත්තේ කියා. නැගෙනහිර අයිඑස්අයිඑස් කොඩි අරගෙන පෙළපාලි ගියා.
 
 අලූත්ගම සිද්ධිය වෙද්දී රාජිත සේනාරත්න මන්ත‍්‍රීතුමාට දිගටම කිව්වා. පොලිස් මූලස්ථානයටත් පැමිණිලි කළා අලූත්ගම රැුස්වීම තිබ්බොත් අනිවාර්යයෙන්ම ගිනි තියාවි මහින්ද රාජපක්‍ෂ මහතා වගකියන්න වෙනවා, රැුස්වීම තියන්න එපා කියා. ඒකත් එක්ක අසරණ වුණා. පීඩාවට පත් ජනතාවට කිසිවක් ලැබුණේ නෑ. මේ රජය පත්වෙද්දී අලූත්ගමට කොමිසමක් දෙනවා කීවා. අදටත් කොමිසම නෑ.
 
 කුඩු ජාතියක් ගෙනැත් ඒවායෙන් ගිනි තිබ්බා කියා මිනිස්සු කීවා. ඉන් පස්සේ දිගනට, ගාල්ලට,
 
 මිනුවන්ගොඩට ගියා. 21 ප‍්‍රහාරය වෙන්න කලින් ආරක්‍ෂක නිලධාරීන් මට කිව්වා නම් එක්ක. මම කීවා මෙයා ගැන කලින් කියලනේ කියා කීවා. සිද්ධියට සතියකට කලින් මේ ගැන මා හේමසිරි ප‍්‍රනාන්දු මහතාට පැවසුවා. එතුමා සියලූම නිලධාරීන් සමග රැුස්වීමක් කැඳවූවා.
 
 මුස්ලිම් ගෙවල් 120 ක් සහරාන් විසින් 2017 දී කාත්තන්කුඩියේදී ගිනිතැබුවා. පොලිසිය සහරාන්ව අත්අඩංගුවට ගත්තේ නෑ. අත්අඩංගුවට ගන්න සූදානම් වූ කාත්තන්කුඩි පොලිස් ස්ථානාධිපතිව මාරු කළා. පොලිසිය සහ තවුහිද් ජමාත් සංවිධානය එකට වැඩ කළේ. පාරම්පරික මුස්ලිම් ජනතාව වෙනුවෙන් පැමිණිලි භාර ගත්තේ නෑ. සහරාන් අත්අඩංගුවට ගන්න කියා මිනිස්සු උද්ඝෝෂණ කළා.
 
 ජනාධිපතිතුමා මඩකලපු ගියා පොලිස්පතිවරයාත් හිටියා ශී‍්‍ර ලංකා තවුහිද් ජමාත් දෙකට කැඩිලා මල්වානේ මුස්ලිම් අයට පහරදී තිබෙනවා කියා මා කිව්වා. මේක නවත්වන්න කිව්වා කිසිවකුත් කරන කිසිවක් නතර කරන්න බෑ කියා පොලිස් අධිකාරිවරයාට කිව්වා. කොහොමද තව්හිද් ජමාත් එකට සල්ලි ආවේ. එයාලාගේ පල්ලි සියල්ල මුස්ලිම් විරෝධීයි. සම්ප‍්‍රදායික මුස්ලිම්වරුන් වන අප කළ පැමිණිලි ගණන් ගත්තේ නෑ.
 
 රාජිත සේනාරත්න මහතා - තවුහිද් පල්ලිය ලිබරල්, කාන්තාවන්ට යන්න පුළුවන්. කැමති ඕනෑම ඇඳුමක් අඳින්න පුළුවන්. ඔවුන්ගේ පැවතුම් සම්ප‍්‍රදායික මුස්ලිම්වලට වඩා නිදහස්, එනිසානේ ප‍්‍රශ්න ඇතිවුණේ.
 
 සාක්ෂිකරු - නෑ. ලිබරල් කියන්න බෑ. රාමසන් කාලයට විතරයි කාන්තාවන්ට වෙනම තැනක් වෙන්කර දෙන්නේ. ඇයි අබ්දුල් රාසික්ව අත්අඩංගුවට ගන්නේ නැත්තේ කියා මා ඉල්ලා අස්වෙන්න කලින්
 
 ජනාධිපතිගෙන් ඇහුවා. ජනාධිපති පොලිස්පතිගෙන් යමක් ඇසුවා. කුටුකුටු ගෑවා එච්චරයි. කතාව නතර වුණා.
 
 අයි එස් අයි එස් නායකයාගේ නම කියද්දි එයාගේ මවිල් කෙලින් වෙනවා කියා අබ්දුල් රසික් කියනවා. එයම ඇති ඔහු අත්අඩංගුවට ගන්න. මම ජනාධිපතිට තුන්පාරක් විතර කිව්වා.
 
 සරත් ෆොන්සේකා මහතා - අබ්දුල් රසික්ගේ දේශනවල වීඩියෝ තියෙනවාද?
 
 සාක්කිකරු - ඔව්. සාක්කිකරු සිය ටැබ් පරිගණකය මගින් එය පෙන්වා සිටියි.
 
 කමිටුව - අපිට සීඞී දෙනවාද?
 
 සාක්ෂිකරු - ඔව් පුළුවන්. එයා කියන්නේ අයිසිස් යන්නේ කුරාන් එක අනුව කියා බොරුවක්. මෙයාගේ නායකයා ඉන්නේ තමිල්නාඩුවල. චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ ඒ නායකයා ලංකාවට ආවා. ඉන් පසු පිටුවහල් කළා. 1995 යළි ආවා. මෙයා හතරපාරක් ආවා. එන්න හැදුවා මම නතර කළා.
 
 සරත් ෆොන්සේකා මහතා - අබ්දුල් රසික් සහරාන් යටතේ ඉන්න කෙනෙක්ද?
 
 සාක්ෂිකරු - තව්හිද් ජමාත් එකට පටන් ගත්තා. ආපු මුදල් බෙදාගන්න බැරිව හත අටකට කැඩුණා. මෙයාලාගේ පල්ලිවලට ගියාම හත්අට දෙනකුට වඩා නෑ. ශී‍්‍ර ලංකා තව්හිද් ජමාත් එකේ හිටියේ. දැන් යළි කඩාගෙන ගිහින්. ඔහු ප‍්‍රචණ්ඩත්වය දේශනා කළා. දින සීය ආණ්ඩුවේදී අගමැති හමුවී පැවසුවා හොඳ මුස්ලිම් කෙනෙක්ව දාන්න බදුර්දීන් නැතිව කියලා. ඇමැතිතුමාගේ මල්ලි ෆාහිම් තමයි තව්හිද් ජමාත් පල්ලි රෙජිස්ටර් කළේ. අයියා අහිංසක මිනිහෙක්.
 
 2018 දී ආරක්‍ෂක ලේකම්තුමා හමුවී මේ ගැන අපි කිව්වා. ත‍්‍රස්තවාදීන් බෝම්බ ගහනතුරු අපි දන්නෙ නෑනේ. ඒක නිසා තමයි අපි සැරෙන් සැරේ කිව්වේ. අපි කිව්ව දේ ඇහුවා නම් මෙහෙම වෙන්නේ නෑ. මේකේ සහරාන්ට අමතරව තව ඉන්නවා. මෙතැන කියන්න බෑ.
 
 අබ්දුල් රසික් ඇතුළු 28 දෙනකුට සල්ලි ගෙවනවා.
 
 නැගෙනහිර පළාතේ අයි එස් අයි එස් කොඩි දාගෙන පෙළපාළි යද්දී අපේ බුද්ධි අංශ කෝ. අබ්දුල් රාසික් ඉන්නේ කොළඹ පොලිසිය එක්ක.
 
 මාව අත්අඩංගුවට ගත්තේ අනාවැකියක් කියපු නිසා. සාක්ෂි නැතිව මාව අත්අඩංගුවට ගත්තා. ගෝඨාභය රාජපක්ෂ ලේකම් කාලයේ ඒ කාලේ ගෝඨාභය මහතා තමයි උදව් කළේ.
 
 ශී‍්‍ර ලංකා තව්හිද් ජමාත් අනුගාමිකයන් ලක්ෂයක්වත් නෑ. ශී‍්‍ර ලංකා තව්හිද් ජමාත් එක මම හැර වෙන කාටත් වැඩිපුර බනින්නේ නෑ. ඒ වීඩියෝ රතන හිමියන්ට දෙන්න ඕනේ. මාව අයින් කරන්නත් ඕනේ කිව්වනේ.
 
 මුස්ලිම් ජනතාව ත‍්‍රස්තවාදීන් බවට පත් කිරීමයි අපි කියන්නේ. ත‍්‍රස්තවාදීන්ව අත්අඩංගුවට ගත්තා නම් අපි නිදහස් කරන්න කියන්නේ නෑ. ඔවුන්ව මරලා දැම්මත් කමක් නෑ. ත‍්‍රස්තවාදීන්ට විරුද්ධව වැඩ කළ අපිව ත‍්‍රස්තවාදීන් කරනවා.
 
 සහරාන් කොළඹ ලකී ප්ලාසා එකේ දිවුරුම් දුන් වීඩියෝ එක හැම කෙනෙක්ගෙම ජංගම දුරකථනයේ තියෙනවා. ඒක තිබුණා කියලා අපේ තරුණයන්ව අත්අඩංගුවේ තියාගෙන ඉන්නවා.
 
 නැගෙනහිර මැතිවරණය එක්ක තමයි සහරාන් බිහි වන්නේ. තරග කරන අය ඔහු සමඟ ගිවිසුමක් අත්සන් කළ යුතුයි කීවා. අමිර් අල්මත් කිව්වා. මෙයා කොහොමද ඔක්කොටම සහාය දෙන්නේ කියා අමිර් අලි කිව්වා. ඒ නිසා හිස්බුල්ලා එක්ක ගිවිසුම් අත්සන් කළා. කාත්තන්කුඩි මිනිස්සු හරි බයෙන් හිටියේ සහරාන්ට.
 
 2015 මැතිවරණයේදී හිස්බුල්ලාට සහරාන් උදව් කළා.
 
 මුස්ලිම් ආගමේ දිවිනසා ගැනීම තහනම්. මැරුණු අයව අපේ සුසාන භූමිවලට ගෙනෙන්න එපා කීවේ ඒ නිසා.
 
 21 වැනිදා ප‍්‍රහාරයටයි මුස්ලිම් නීතියටයි තියෙන සම්බන්ධය මොකද්ද? මට තේරෙන්නේ නෑ. අපිට ෂරියා අවශ්‍යයි.
 
 ආශු මාරසිංහ මහතා - රටට නීති කීපයක් ඇයි?
 
 සාක්ෂිකරු - අද ඊයේ එකක් නොවේ. කාලෙක ඉඳලා ආපු එකක්.
 
 අබ්දුල් රසික් එළියෙ ඉන්න නිසා ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නය තවමත් තිබෙන බව මා හිතනවා. අබ්දුල් රසික්ගේ මූලධර්මවාදී අදහස් තියෙනවා. ඔහු අයි එස් අයි එස් එකට අනුබල දෙනවා.
 
 මේ ප‍්‍රහාරයෙන් පස්සේ ආරක්ෂක මණ්ඩලය වාගේ එකකට මාව කැඳෙව්වා. එදා අගමැතිතුමාත් හිටියා.
 
 මීළඟට සමස්ත ලංකා ජමයිතුල් උලමා සංවිධානයේ සභාපති එම්. රිස්වි මහතා සාක්ෂි දෙමින් මෙසේ කීවේය.
 
 මම මුස්ලිම් ප‍්‍රජාව නියෝජනය කරමින් මේ කාරක සභාවට සහභාගි වෙනවා. ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පීඩාවට පත්වූ පවුල්වලට කනගාටුව ප‍්‍රකාශ කරනවා. ඉවසීම, ආදරය, කරුණාව සහිතව අප කටයුතු කර රටට හිතවත් ලෙස සේවය කර තිබෙනවා.
 
 සමස්ත ලංකා ජමයිතුල් උලමා සංවිධානයේ 1924 සිට අද දක්වා පෙර ගමන්කරුවන් වන්නේ අප.
 
 2012 දී නොවැම්බර් 08 දා මුස්ලිම් විරෝධී සංහාරය අද දක්වා කි‍්‍රයාත්මක වෙනවා. එය ඇරඹුවේ හලාල් විරෝධී කි‍්‍රයාවකින් 2014.07.07 දී අප ආරක්ෂක අමාත්‍යාංශයට ලිපියක් දී තිබෙනවා වෛරී ප‍්‍රකාශ සිදුවන බව. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාට. බොදුබල සේනා සංවිධානයට එරෙහිව අප මේ පැමිණිල්ල සඳහන් කර තිබෙනවා.
 
 2014 දී අලූත්ගම මුස්ලිම් විරෝධී කලබල ගැන තමයි පළමුව කටයුතු කළේ. අයි එස් අයි එස් සංවිධානයට එරෙහිව කටයුතු කළ පළමු පුද්ගලයා මා.
 
 අලූත්ගම සිද්ධිය අයි එස් අයි එස් පිළිබඳ පළමුවරට අදහසක් තරුණයන් අතරට පැමිණියා. තරුණයන් කිහිප දෙනෙක් අයි එස් අයි එස් ගැන කතා කළා. ඒ ඉස්ලාමයට. හලාල්වලට එරෙහිව ඉදිරිපත් වූ වෛරී ප‍්‍රකාශ නිසා.
 
 අඛණ්ඩවම වසර දෙකක් ඉස්ලාමයට, කුරානයට එරෙහිව කතා කිරීම දරාගන්න බැරි තරමට පත් වුණා. රිස්වි .... ලෙස සඳහන් කළේ නෑ. ඒ මා අයි එස් අයි එස් සංවිධානයට විරුද්ධව කටයුතු කළ, කතා කළ නිසා. රිස්වි නමැත්තා තරුණයෙක්. දැන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
 කිසිවකු ඔබට වෛර කරනවා නම් විනීතව පිළිතුරු දෙන්න කියා කුරානයේ උගන්වනවා. අදත් මා කිසිම ස්වාමීන් වහන්සේ කෙනකුට වෛර කරන්නේ නෑ.
 
 අයි එස් අයි එස් වෙනුවෙන් සිරියාවට ගිය නිලාම් ගැන 2015 දී අප දැනගත්තා. අප මෙරට සියලූ මුස්ලිම් සංවිධාන විසින් අයි එස් සංවිධානය ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරමින් අපේ කාර්යභාරය ඉටු කළා.
 
 මේ මරාගෙන මැරෙන ප‍්‍රහාරය කුරානය අනුමත කරන්නේ නෑ. කිසිවකු ඝාතනය කරන්නකු මුළු මිනිස් වර්ගයාම ඝාතනය කරන්නකු ලෙසයි කුරානයේ සඳහන් වන්නේ.
 
 සහරාන් සහ ඔහුගේ කණ්ඩායමට ඉස්ලාම් දහම සමඟ සම්බන්ධයක් නෑ. මේ බව අප 2016 දීත් ප‍්‍රකාශ කළා. තව්හිද් ජමාත් අන්තවාදී සංවිධානයක් බව 2015 දී අප හඳුන්වාදී තිබෙනවා. ඒ වෙද්දී එක තව්හිද් ජමාත් සංවිධානයක් පමණයි තිබුණේ.
 
 මේ අන්තවාදයට සෘජුවම සම්බන්ධ වී සිටින්නේ පන්සීයකට වඩා අඩු සංඛ්‍යාවක්. ඉන් කීප දෙනෙක් ගූගල් අන්තවාදීන්. පවුල් තිහක් හතළිහක් සිරියාවට ගියා. පසුව ඔවුන්ට ශී‍්‍ර ලංකාවට එන්න ඉඩ සලස්වා තිබුණා.
 
 මේ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳව පළමුව බලධාරීන්ට දැනුම් දුන්නේ 2019 ජනවාරි මාසයේ ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා හමුවී සහරාන් පිළිබඳ සීඞී තැටියක් භාර දුන්නා. මේ තමයි මා ආරක්ෂක බලධාරීන් හමුවූ පළමු අවස්ථාව.
 
 ලොව පුරා මුස්ලිම් ප‍්‍රජාවට අයි එස් අයි එස් සංවිධානය තර්ජනයක්. රටවල් එකසිය ගණනක් කියා තිබෙනවා අයි එස් සංවිධානය මුස්ලිම් ආගමට සම්බන්ධයක් නෑ කියා.
 
 වැඩබලන පොලිස්පති තුමා කියනවා සියයට අනූනවයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා කියා. අවසන් ආරක්ෂක කවුන්සිල රැුස්වීමටත් මා සහභාගි වුණා. අපි කියන්නෙ නෑ මෙහෙයුම් නතනර කරන්න කියා. අවසාන පුද්ගලයාවත් අත්අඩංගුවට ගෙන මෙය නතර කළ යුතුයි.
 
 කාත්තන්කුඩි පල්ලියේ සභාපති අබුසාලි උවයිස් මවුලවිතුමා
 
 සහරාන් කියන්නේ පස්වැනි ශ්‍රේණිය දක්වා ඉගෙන ගත් කෙනෙක්. ඉන්පසු ඔහු අරාබි විiාලයට බැඳී වසර අටක් ඉගෙන ගෙන මවුලවි සහතිකයක් ලබා ගත්තා. ඔහුගේ විනයක් නැති කම නිසා ඉස්ලාම් පරිපාලක මණ්ඩලය විසින් ඔහුව මවුලවි ඉගෙනීමෙන් ඉවත් කළා. ඉන්පසු කුරුණෑගලට ගිිහින් මද්‍රසා පාසලකට බැඳී ඉගෙනීම් කළත් ඔහුගේ මතවාද නිසා එම පාසලෙනුත් ඉවත් කළා. ඔහු යළි කාන්තන්කුඩි ඇවිත් ‘දාරුල් ආදර්’ කියන සංවිධානය පටන් ගත්තා. ඒ 2006 දී. ඔහු ලේ දන්දීම් කටයුතු ශ‍්‍රමදාන කළා. ඔහු පිළිගත නොහැකි මත ඉදිරිපත් කළා. ඒ මත නිවැරදි කරන්න කටයුතු කළත් අපේ ඒ උත්සාහය නිවැරදි කරන්න ඔහු අකැමැති වුණා. අපි අපේ ජනතාවට කිව්වා සහරාන්ගේ සංවිධානයට සල්ලි දෙන්න එපා කියලා. ඒ සමඟ ඒ ගැන පොලිසියටත් පැමිණිල්ලක් දැම්මා. පාසල්වල ගුරුවරුන්ට ශිෂ්‍යයන් ගරු කළ යුතු නෑ කියා සහරාන් ඉගැන්නුවා. ඒ 2011 වගේ කාලයේදී.
 
 සහරාන්ගේ කි‍්‍රයාකාරකම් උත්සන්න වුණා. ඔහු ජමයිතුල් උලමා සංවිධානය විවේචනය කළා. ඔහු අයි එස් අයි එස් සංවිධානයට පක්ෂපාති පුද්ගලයෙක් බව කීවා. ඔහු රටේ ස්වෛරීත්වයට හානිදායක ලෙස කතා කළා. හිස්බුල්ලා සංස්කෘතික ශාලාවේදී ඔහු මේ බව ප‍්‍රකාශ කළා. ආරක්ෂක නිලධාරීන්, බුද්ධි අංශ නිලධාරීන් මේ රැුස්වීමට එක්වූ බව දැනගන්න ලැබුණා. අයි එස් සංවිධානය කාත්තන්කුඩියේ කි‍්‍රයාකාරීව කටයුතු කළ බව කවුරුත් දැන සිටියා.
 
 සහරාන්ගේ අනුගාමිකයෝ කඩු, පිහි, ගල් ප‍්‍රහාර එල් කළා. 2017 මාර්තු 17 පැවත රැුස්වීමකදී තුවාල ලැබුවත් සහරාන්ගේ අය රෝහලට ගියේ නෑ. ඒ රැුස්වීමේදී සහරාන්ගේ අය සියක් විතර හිටියා. ඉන්පසු සහරාන්ට විරුද්ධව නඩු පැවරුවා. පුද්ගලයන් දෙදෙනයි ඒ අවස්ථාවේදී අත්අඩංගුවට ගත්තේ නෑ. ඉන්පසු වරින්වර තවත් පුද්ගලයන් අත්අඩංගුවට ගත්තා. සහරාන්ට සහ ඔහුගේ සහෝදරයාට විවෘත වරෙන්තු නිකුත් කළා. මේ අයගෙන් දෙන්නෙක් මරාගෙන මැරෙන බෝම්බකරුවන්. ඉන්පසු සහරාන්ව කාත්තන්කුඩියේ මිනිස්සු දැක්කේ නෑ.
 
 2017 දී කඩු මුගුරු පාවිච්චි කළ සහරාන්ට පාස්කු ප‍්‍රහාරයේදී ප‍්‍රබල අවි ආයුධ ලැබුණේ කියා. ඔහු මූල්‍ය අතින් ශක්තිමත්ව සිටියේ නෑ. අපිට දැන ගන්න ලැබුණා සහරාන් තමයි පාස්කු ප‍්‍රහාරයේ මහ මොළකරු කියා.
 
 සහරාන් වගේ කි‍්‍රයාකාරීන් තව නෑ කියා මට කියන්න බෑ. අත්අඩංගුවට ගත් හැටහය දෙනාගෙන් වැඩි පිරිස කාත්තන්කුඩි අය. කාත්තන්කුඩියේ සහරාන්ගේ අනුගාමිකයන් සංඛ්‍යාව බොහෝම නොසලකා හැරිය හැකි සංඛ්‍යාවක්.
 
  ================================================================
 
 හෙට හිස්බුල්ලා සහ ඉලංගකෝන් කැඳවයි
 
 අජිත් අලහකෝන්
 
 නැගෙනහිර හිටපු ආණ්ඩුකාර ඒ. එල්. ඒ. එම්. හිස්බුල්ලා, හිටපු පොලිස්පති ඉලංගකෝන් සහ රාජ්‍ය පරිපාලන ලේකම්වරයා හෙට (13 දා* විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දීමට කැඳවා ඇත.
 
 විශේෂ තේරීම් කාරක සභාව යළි හෙට (බ‍්‍රහස්පතින්දා* සවස 2.00 දක්වා කල්තැබිණි.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles