Divaina - රතන හිමි ඇතුළු පිරිස ‘ෂරියා’ නිරීක්ෂණයට යද්දී නොසන්සුන්තාවක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new


  චතුර පමුණුව

ratan500
 
 
 චතුර පමුණුව
 
 පාර්ලිමේන්තු මන්ත‍්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු පිරිසක් ඊයේ (11 දා* මඩකලපුවේ ඉදිකෙරෙන ෂරියා විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණයක නිරත විය. මේ සඳහා භික්ෂූන් වසන්සේ දස නමක් පමණ එක්වී සිටියහ.
 
 රතන හිමි ඇතුළු පිරිසට එක්වරම විශ්වවිද්‍යාල පරිශ‍්‍රයට ඇතුළුවීමට ඉඩ නොලැබීම නිසා එහි නොසන්සුන් තත්ත්වයක්ද හට ගත්තේය.
 
 මෙම සංචාරයට එක්ව සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන නැගෙනහිර හිටපු පළාත් සභා මන්ත‍්‍රී ප‍්‍රියන්ත පතිරණ මහතා බලහත්කාරයෙන් ෂරියා විශ්වවිද්‍යාලයට ඇතුල්වීමට උත්සහ ගත් අවස්ථාවේ හමුදා භටයන් සමග උණුසුම් තත්ත්වයක් ඇති විය. පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ මඩකලපුව විශ්වවිද්‍යාලය නිරීක්ෂණය කිරීමට පැමිණියේ ඊයේ (11 දා* පස්වරුවේදීයි.
 
 මේ අවස්ථාවේදී යුද හමුදාවට අමතරව පොලිස් සහ පොලිස් විශේෂ කාර්යය බළකායේ දැඩි ආරක්ෂාවක්ද විශ්වවිද්‍යාල පරිශ‍්‍රයට ඒ වන විට යොදවා තිබිණි.
 
 කෙසේවෙතත් රතන හිමි ඇතුළු පිරිස මෙම ස්ථානයට පැමිණ මිනිත්තු 45 කට පමණ පසු විශ්වවිද්‍යාලය තුළට පිවිසීමට අවසර ලැබුණ ද එය ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව හිමි වූයේ නැත.
 
 මෙහිදී අදහස් දක්වමින් රතන හිමි කියා සිටියේ, තමාගේ පණ තිබෙන කල් ශ‍්‍රී ලංකාවේ අනන්‍යතාව නැති කරන වැඩක් සිදු කිරීමට ඉඩ නොදෙන බවත් එවැනි වැඩක් සිදු වන්නේ නම් එය නිරීක්ෂණය කිරීමට අයිතියක් ඇති බවත්ය. හිස්බුල්ලාගේ පෞද්ගලික ආයතනයක් වන මෙය ආරක්ෂක අංශ යොදවා ආරක්ෂා නොකළයුතු බව ද උන්වහන්සේ මෙහිදී කියා සිටියේය. මෙය රජයට පවරාගෙන හමුදාවට තාක්ෂණික දැනුම දෙන විශ්වවිද්‍යාලයක් බවට පත් කළයුතු බව අවධාරණය කළේය.
 

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles