Divaina - කින්නියා පැරණි දාගැබේ සංරක්‍ෂණ කටයුතුවලට කෝවිල් භාරකාර මණ්ඩලයේ විරෝධය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

p1 3ත‍්‍රිකුණාමලය කින්නියා උණු දිය ළිං පුරාවිද්‍යා පරිශ‍්‍රයේ පුරාවිද්‍යා නිලධාරීන් විසින් කැණීම් කර මතු කරගත් අනුරාධපුර මුල් යුගයට අයත් පැරණි දාගැබේ සංරක්‍ෂණ කටයුතු සිදුකරමින් සිටියදී කෝවිල් භාරකාර මණ්ඩලයේ යැයි කියන පිරිසක් විසින් එම කටයුතුවලට විරෝධය පෑම නිසා එකී සංරක්‍ෂණ කටයුතු ජුනි 10 වැනිදා තෙක් තාවකාලිකව නැවැත්වීමට ත‍්‍රිකුණාමලය දිසාපති එන්. ඒ. ඒ. පුෂ්පකුමාර මහතා පියවර ගනු ලැබීය.

මෙම ඉපැරැණි දාගැබ මතුපිට කෝවිලක් තිබූ බවට කෝවිල් භාරකාර මණ්ඩලයේ යැයි කියන පිරිසක් විසින් එල්ල කළ විරෝධතාව මත එම ස්ථානය පරීක්‍ෂා කළ දිසාපතිවරයා එම දාගැබෙහි සංරක්‍ෂණ කටයුතු තාවකාලිකව නැවැත්වීමටත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් පී. බී. මණ්ඩාවල මහතාට එම ස්ථානයේ සිට දුරකථනයෙන් දැනුම් දීමටත් කටයුතු කළේය.

වෙල්ගම් වෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සීලවංශ තිස්ස හිමි, කෝවිල් භාරකාර මණ්ඩලයේ යැයි කියන පිරිස හා ත‍්‍රිකුණාමලය ප‍්‍රාදේශීය සහකාර පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ඩබ්ලිව්. එච්. ඒ. සුමනදාස මහතා සහ පොලිසියද මෙම ස්ථානයට පැමිණ සිටියහ.

මෙහිදී කෝවිල් භාරකාර මණ්ඩලයේ යැයි කියන පිරිස කියා සිටියේ මෙම ස්ථානයේ කෝවිලක් තිබූ බවත්, එය හින්දු කටයුතු අමාත්‍යාංශයේ ලියාපදිංචි කර ඇති බවත්ය. මේ අවස්ථාවේදී කින්නියා උණුදිය ළිං පරිශ‍්‍රය ඇතුළු උණුදිය ළිං රජමහා විහාරය සහිත අක්කර අටක භූමිය තමන්ට අයත් බව කියමින් තවත් කාන්තාවක් එම ස්ථානයට පැමිණ විහාරාධිපති හිමියන්ට බැණවැදී තර්ජනය කිරීමත් සමග තත්ත්වය තරමක් උණුසුම් විය. අනතුරුව දිසාපතිවරයා කියා සිටියේ පැරණි දේවල් මෙම ස්ථානයෙහි දක්නට ලැබෙනවා. පුරාවිද්‍යා ස්ථානයක් ලෙස ගැසට් කිරීමෙන් පසුව එම ස්ථානයේ කටයුතුවලට බාධා කරන්නට හෝ කිසිවකුටත් එම ස්ථානය සම්බන්ධයෙන් හිමිකම් පැවසීමට නොහැකියි. කෙසේ වෙතත් රටේ පවතින තත්ත්වය මත ගැටුමකට යෑම වැළැක්වීම සඳහා මෙම ස්ථානයෙහි සංරක්‍ෂණ කටයුතු තාවකාලිකව නවත්වනවා.

සහකාර පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ඩබ්ලිව්. එච්. ඒ. සුමනදාස මහතා මෙහිදී පැවසූයේ මෙම පරිශ‍්‍රය 2011 සැප්තැම්බර් 09 වන දින අංක 1723 දරණ ගැසට් නිවේදනයෙන් දාගැබ, පිළිම ගෙය හා උණුදිය ළිං හත පුරාවිද්‍යා ස්මාරක ලෙස ගැසට් කර ඇති බවත් මේ වන විට කැණීම් කර ඇති දාගැබ සහිත ප‍්‍රදේශය තුළ යුග දෙකකට අයත් පැරණි නටබුන් හමුවන බවත්ය. එමෙන්ම මෙතෙක් හමුවූ සියලූ නෂ්ඨාවශේෂ බෞද්ධ ඒවා බවත්, සිරිපතුල් ගල් පහක් ගල් කණු රැුසක් හා අනුරාධපුර මුල් යුගයට අයත් සෙල් ලිපියක කොටස් දෙකක් මෙම ස්ථානයෙන් හමුවු බවද කියා සිටියේය.

මෙතැන වුණේ මෙහේ ඉන්න දේශපාලනඥයන්ගේ බලපෑමට දාගැබේ සංරක්‍ෂණ කටයුතු දිසාපති විසින් නවත්වපු එකයි. කැණීම්වලින් සොයාගත් සියල්ල සංරක්‍ෂණය කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීමක්. ගැබ සංරක්‍ෂණය කරන්න අනුමත වෙලා තියෙනවා. පුරාවිද්‍යා ස්ථානයක සංරක්‍ෂණ කටයුතු දේශපාලන බලපෑම් මත නැවැත්වීම විහිළු සහගතයි. මීට වසර තුනකට පෙර දාගැබේ කැණීම් කටයුතු සිදුකරද්දී මෙම විරෝධතාවය මතුවුණේ නැහැ. දැන් සංරක්‍ෂණ කටයුතු කිරීමට යෑමේදී විරෝධතාවක් මතුවීම ප‍්‍රාදේශීය දේශපාලනඥයන්ගේ උසිගැන්වීමක් බව පෙනී යනවා. මෙම ස්ථානය දෙමළ ජාතික සන්ධානයට බලය හිමි ත‍්‍රිකුණාමලය නගර හා කඩවත් ප‍්‍රාදේශීය සභාවට ලබා ගැනීමේ උත්සාහය මේ පිටුපස තිබෙන්නේ යැයි සහකාර අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් පැවසීය.

ත‍්‍රිකුණාමලය - සමන් මල්ලවආරච්චි
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles