Divaina - සිසුන් දිරි ගැන්වීමට මහින්දත් කොළඹ පාසල්වලට යයි...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new

mahinda555

තම තමන්ගේ මැතිවරණ කොට්ඨාසවල පිහිටි පාසල්වලට ඊයේ (21දා* ගොස් එම පාසල්වල ආරක්ෂක තත්ත්වයන් සොයා බලා පාසල් පැමිණීම සඳහා සිසුන්් දිරිගැන්වීමට කටයුතු කරන ලෙස විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට හා පළාත් පාලන නියෝජිතයින්ට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබා දී තිබුණි.

ඒ අනුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද පෞද්ගලිකවම මැදිහත් වෙමින් ඊයේ පෙරවරුවේ කොළඹ හා ඒ අවට පිහිටි තර්ස්ටන්, රාජකීය, විශාකා, හින්දු විද්‍යාලය, ආනන්ද, නාලන්ද, ගෝතමී යන පාසල්වලට ගොස් පාසල් ළමුන්, දෙමාපියන්, ගුරුවරුන් හා විදුහල්පතිවරුන් හා ආරක්ෂක නිලධාරීන් සමග අදහස් හුවමාරු කර ගනිමින් පාසල් හා ඒ අවට ආරක්ෂක තත්ත්වයන් සොයා බැලීමට කටයුතු කළේය.

මේ සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලූත්ගමගේ, කනක හේරත්, විපක්ෂ නායක ලේකම් හර්ෂ විජේවර්ධන යන මහත්වරු ද එක්වූහ. ඡුායාරූපයේ දැක්වෙන්නේ එම අවස්ථාවකි.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles