Divaina - සුහදව ජීවත්වූ මුස්ලිම් ජනයා මෑතක සිට තනි වෙනවා; ඇමැති රවුෆ් හකීම් ඇමරිකානු තානාපති ඇලින ටෙප්ලිස්ට් සාකච්ඡාවේ නිරතවෙමින්...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

සිරිමන්ත රත්නසේකර

 

telina
 
 අප රටේ සියලූ ජන කොට්ඨාසයන් සම`ග ඉතා සුහදව ජීවත් වූ මුස්ලිම් සමාජය මෑතකදී ඇති වූ අවාසනාවන්ත සිදුවීම්වලින් පසුව තනිවීමකට ලක් වී ඇති බව දැනෙන බව නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන ඇමැති රාවුෆ් හකීම් මහතා පෙරේදා (13 වැනිදා* සඳහන් කළේය.
 
 බියෙන් ජීවත්වන මුස්ලිම් සමාජය එම බිය සැක තුරන් කිරීමට ඉක්මන් පියවර ගත යුතු බවත් ඇමැති රවුෆ් හකීම් මහතා කියා සිටියේය.
 
 නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන ඇමැති රාවුෆ් හකීම් මහතා සහ එක්සත් ඇමරිකානු තානාපති ඇලිනා බී. ටෙප්ලිස්ට් මහත්මිය අතර සාකච්ඡුාවක් පෙරේදා (13 වැනිදා* ඇමැතිවරයාගේ නිල නිවසේ පැවැති අවස්ථාවේදී හෙතෙම එසේ කීවේය. මෙම අවස්ථාවට ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු භාර නිලධාරී ජෝ ඇන්නා ද සහභාගී විය.
 
 මෙම සිදුවීම පිටුපස සිටින හස්තයන් සොයා ගැනීමට රජය වැඩි අවධානයක් යොමු කරන බවත් මීට කලින් ඇති වූ යුද්ධය සහ සිදුවීම්වලට වඩා මෙම ත‍්‍රස්ත ක‍්‍රියාව වෙනස් ආකාරයේ එකක් බවත් හෙතෙම කීවේය.
 
 මද්‍රසා අධ්‍යාපනයට ආගමික විෂයන්වලට අමතරව ලොව පිළිබඳ පොදු විෂයයන් ද ඇතුළත් කිරීමේ අවශ්‍යතාවයක් උද්ගත වී ඇති බවත් හකීම් මහතා පැවසීය. අප රටේ විශ්වවිද්‍යාලවල තත්ත්වයන් වැඩි දියුණු කිරීමේ ක‍්‍රමවේද අනුගමනය කරන බවත් සඳහන් කළේය.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles