Divaina - නවසීලන්ත දේවස්‌ථානයක යාඥා කරමින් සිටි බැතිමතුන් 49කට වෙඩි තබා මරයි ; බංග්ලාදේශ ක්‍රිකට්‌ කණ්‌ඩායම අනූනවයෙන් බේරෙයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

main500


 
 
 ඝාතකයා ඔස්‌ටේ්‍රලියානු ජාතිකයෙක්‌
 
 උපාලි ද සේරම් සහ ජනිත සෙනෙවිරත්න
 
 නවසීලන්තයේ ක්‍රයිස්‌ට්‌චර්ච් නුවර ඉස්‌ලාම් දේවස්‌ථාන දෙකකට ඊයේ (15 වැනිදා) දහවල් ආයුධ සන්නද්ධ පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් පුද්ගලයන් 49 දෙනකු මියගොස්‌ තවත් 50 කට අධික පිරිසක්‌ තුවාල ලබා ඇතැයි විදෙස්‌ මාධ්‍ය සඳහන් කරයි.
 
 එරට වේලාවෙන් දහවල් 12.30 ත් 1.30 ත් අතර කාලයේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
 
 හමුදා කැලෑ ඇඳුමින් සැරසුණු පුද්ගලයකු පළමුව එක්‌ දේවස්‌ථානයකට ඇතුළු වී එහි යාච්Æ කරමින් සිටි පුද්ගලයන්ට වෙඩි තැබීම ආරම්භ කර තිබේ.
 
 එසේ වෙඩි තබන අතර ඔහු එය තම හිස්‌වැසුමේ සවිකර තිබූ කැමරාවකින් වීඩියෝ ගත කිරීමක්‌ ද සිදුකර ඇත. ඉන්පසු ඔහු මෝටර් රථයක නැඟ ලින්බ්‍රඩ් ප්‍රදේශයට ගොස්‌ එහිදී ද ඉස්‌ලාම් දේවස්‌ථානයකට වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ.
 
 එසේ යන අතර මඟ ද ඔහු මාර්ගයේ දෙපසට වෙඩි තබමින් ගමන් කර ඇත.
 
 මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධව නවසීලන්ත පොලිසිය පුද්ගලයන් සිවු දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. ඉන් තිදෙනකු පිරිමින් වන අතර අනෙක්‌ තැනැත්තා කාන්තාවකි.
 
 වෙඩි තැබූ පුද්ගලයා බ්‍රෙන්ටන් ටැරන්ට්‌ නැමැති ඔස්‌ටේ්‍රලියානු ජාතිකයකු බව එරට පොලිසිය සඳහන් කරයි.
 
 මෙම ප්‍රහාරය එල්ලවන අවස්‌ථාවේ බංග්ලාදේශ ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ක්‍රීඩකයන් පිරිසක්‌ ද ක්‍රයිස්‌ට්‌චර්ච්හි දේවස්‌ථානයේ දේව මෙහෙයට සහභාගි වීම සඳහා පැමිණ ඇත.
 
 ඔවුන් දේවස්‌ථානයට යැමට පෙර වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බැවින් බංග්ලාදේශ ක්‍රිකට්‌ කණ්‌ඩායමේ කිසිදු ක්‍රීඩකයකුට මින් හානියක්‌ සිදු වී නැත.
 
 කෙසේ වෙතත් මෙම ප්‍රහාරය සමඟ බංග්ලාදේශය සමඟ අද (16 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ තෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගය අවලංගු කිරීමට නවසීලන්ත ක්‍රිකට්‌ බලධාරීන් පියවර ගෙන තිබේ.
 
 වෙඩි ප්‍රහාරය එල්ල කළ තැනැත්තා හෝ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සම්න්ධව මීට පෙර කිසිදු පැමිණිල්ලක්‌ වාර්තා වී නැතැයි නවසීලන්ත පොලිසිය සඳහන් කරයි.
 
 නවසීලන්ත අගමැති ජසින්ඩා ආඩන් එරට මාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙය ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ බවත් නවසීලන්තයේ අඳුරුම දින අතුරින් එකක්‌ බවත් ය.
 
 තුවාලකරුවකු රෝහල වෙත රැගෙන යමින් වෙඩි තැබූ පුද්ගලයා.
 
 මෙම ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන් කිසිවකුටත් අනතුරක්‌ සිදු වී නොමැති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles