Divaina - තඹුත්තේගම ආහාරවල සුරක්ෂිතභාවය තහවුරු කෙරේ;

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

තලාව - වසන්ත බණ්ඩාර කළුආරච්චි
 
 food500තඹුත්තේගම නගරයේ ආහාරවල සුරක්ෂිතභාවය තහවුරු කිරීමට තඹුත්තේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීහු කටයුතු කරති.
 
 ඊට සමගාමීව නගරයේ වඬේ වෙළෙන්දන් හා පලතුරු බීම නිෂ්පාදනය කරන ආයතනවල සේවකයන් අනිවාර්යයෙන්ම හිස්වැසුම්, අත් වැසුම් හා ආරක්ෂිත ඇඳුම් ඇඳ සිටිය යුතුය.
 
 මෙම වෙළෙන්දන් හා එහිසේවය කරන සියලූම සේවකයින් වෛද්‍ය පරීක්ෂණයකටද භාජනය කර තිබේ. මෙම සංකල්පය තඹුත්තේගම කොට්ඨාසභාර මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්. එස්. එන්. වාසල මහතාගේ සංකල්පයක් අනුව ක‍්‍රියාත්මක වන අතර මහජන සෞඛ්‍ය පරීක්ෂක බුද්ධික මල්ලවාරච්චි මහතාද සහයෝගය දක්වයි.
 
 කොට්ඨාස භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ආහාර නිපදවීමේදී ඇති සුරක්ෂිත භාවය පරීක්ෂා කිරීමට ගොස් සිටියදී ‘දිවයින’ කැමරාවේ සටහන් වුයේ මේ අයුරිනි.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles