Divaina - රත්ගම ඝාතනයේ සැකකරුවෝ 27 දක්වා යළි රිමාන්ඞ්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new

rath500
 
 වැලිවිටිය දිවිතුර උපුල් මහේෂ්
 
 රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඝාතනය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් හත්දෙනා යළි අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස 27 දින දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගාල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.
 
 අදාල ව්‍යාපාරිකයින් දෙදෙනා මෙම සැකරුවන් විසින් ඝාතනය කර ඇති බවට සාක්‍ෂි රැුසක් ලැබි ඇති බව අධිකරණය හමුවේ කරුණු දක්වමින් රජයේ අධිනීතීඥවරුන් පැවසුහ. මොවුන් දෙදෙනා ඝාතනය කර පුළුස්සා දැමූ ස්ථානයට ආසන්නව ඔවුන්ගේ ඇදුම්ද පුළුස්සා දමා ඇති අතර එම කොටස් හා ඔවුන් පාවිච්චී කරන ලද දුරකථනවල කොටස් රජයේ රස පරික්‍ෂකවරයා වෙත ඉදිරිපත් කිරිමට අවසර ලබාදෙන ලෙස රජයේ අධිනීතිඥවරයා මහේස්ත‍්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය. එහිදි මහේස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විසින් එම අවසරය ලබාදුන්නාය.
 
 මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කිරිම සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කරන ලද ප‍්‍රධාන පොලිස් පරික්‍ෂකවරයෙක්, පොලිස් පරික්‍ෂකවරයෙක්, උප පොලිස් පරික්‍ෂකවරු දෙදෙනෙක්, පොලිස් කොස්්තාපල්වරුන් දෙදෙනෙකු සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බිට්ටු වන නිලධාරියෙක් ඇතුළු හත්දෙනෙකු මේ වනවිට රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇත.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

upessa250

දියග

teacher250

මීවිත

vio250

More Articles