Divaina - අන්තරේ පා ගමනට කඳුළු ගෑස් - ජල ප‍්‍රහාර: කැඳවුම්කරු අත්අඩංගුවට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new

p1 6අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ (13දා) පැවැත්වූ විරෝධතා පා ගමනේදී එහි කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙණිය අත්අඩංගුවට ගත් පොලිසිය පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ දී කඳුඵ ගෑස් සහ අධි පීඩන ජල ප‍්‍රහාර එල්ලකර විරෝධතාව විසුරුවා හැරීමට කටයුතු කළේය.

සිසු කම්කරු පොදුජන අරගල මැඩලීමට රජය ගෙන එන ප‍්‍රතිත‍්‍රස්ත පනත පැරදවීම, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කිරීම ඇතුඵ ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබිණි.

සිසුන් පාර්ලිමේන්තු සංකීර්ණයට පිවීසීමට කළ උත්සාහය වළක්වාලීම සඳහා කඳුඵ ගෑස් සහ අධි පීඩන ජල ප‍්‍රහාර එල්ල කිරීමට පියවර ගත් බව පොලිසිය සඳහන් කරයි.

කැරලි මර්දන ඒකකය ,පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ යොදා මෙම විරෝධතා පා ගමන නවතාලීමට කටයුතු කර තිබුණද පාර්ලිමේන්තු වට රවුම ආසන්නයේ විශාල මාර්ග තදබදයක්ද ඇතිව තිබිණි. මෙම විරෝධතා පා ගමන නිසා ගැටුම්කාරි අවස්ථාවක් ඇති වුවහොත් එය පාලනය කිරීම සඳහා පොලිස් කොස්තාල්වරියන්ද යොදවා තිබිණි.

සුජීව තත්සර

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

upessa250

දියග

teacher250

මීවිත

vio250

More Articles