Divaina - ගුරු වර්ජනයෙන් පාසල් අඩපණයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new

p1 4ඉල්ලීම් 3 ක් මුල් කර ගනිමින් ගුරු හා විදුහල්පතිවරුන් ඇතුළු ඒකාබද්ධ ගුරු සේවා සංගමය ඊයේ (13 දා) දිවයින පුරා විරෝධතා උද්ඝෝෂණ පැවැත්වීය. ගුරු සංගම් 15 කින් සමන්විත ඒකාබද්ධ ගුරු සේවා සංගමය කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී ඊයේ උදෑසන විරෝධතාවක නිරතව සිටි අයුරු. ඡායාරූපය - ජූඞ් ඩෙන්සිල් පතිරාජ
 
 ඉල්ලීම් තුනක් මුල් කර ගනිමින් ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති 30ක් ඊයේ (13 වැනිදා* ක‍්‍රියාත්මක කළ අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගය හේතුවෙන් උතුරු නැගෙනහිර හැර දිවයිනේ සෙසු සියලූම පාසල්වල අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය විය. 04 වැනි පිටුවට
 
 උතුරු හා නැගෙනහිර පළාත්වල සියලූ ගුරුවරු හා විදුහල්පතිවරු මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගයට සම්පූර්ණයෙන් ම සහාය පළ කරමින් කළු පටි පැළැඳ පාසල්වලට පැමිණ සිය කටයුතුවල නිරත වූහ. එම පළාත්වල දිගින් දිගටම හර්තාල ක‍්‍රියාමාර්ග පැවති හෙයිින් නිවාඩු දැමීමේ ගැටලූව මත කළු පටි පැළැඳ සේවයට වාර්තා කිරීමට ඔවුන් තීරණය කර තිබිණී.
 
 ප‍්‍රධාන පෙළේ ජාතික පාසල් කිහිපයක හැරුණු කොට සෙසු සියලූ ම ජාතික පාසල්වල ගුරුවරුන්ද අසනීප නිවාඩු වාර්තා කර තිබිණි. සිසුන්ගේ පැමිණීමද ඉතාම පහළ මට්ටමක පැවති අතර ගුරුවරුන් නොපැමිණීම නිසා සිසුන්ට ආපසු හැරී යෑමට සිදු විය.
 
 තමන්ගේ ගැටලූ විසඳීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට කල් දෙන්නේ අප‍්‍රියෙල් 22 වැනිදා තෙක් පමණක් බව ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසීය.
 
 දෙලක්‍ෂ හතළිස් තුන්දහසක් පමණ වන ගුරුවරුන්ගෙන් දෙලක්‍ෂ හතළිස් එක්දහසක්ම අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකළ බව ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය. විදුහල්පතිවරුන් පහළොස් දහසක් පමණ ද මෙම ක‍්‍රියාමාර්ගයට සම්බන්ධ වූ බව පැවසූ හෙතෙම මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය නිහඬව සිටින්නේ නම් ඉදිරියේදී තවත් ක‍්‍රියාමාර්ග ගැනීමට වෘත්තීය සංගම් සූදානම් බවත් කීවේය.
 
 අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමය මෙන්ම ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තීය සංගමය ද මෙම ක‍්‍රියාමාර්ගයට සහාය පළ කළ අතර ඉදිරියේදී ගන්නා ක‍්‍රියාමාර්ගයන්ට සම්බන්ධ වීමට ද එම සංගම් තීරණය කර තිබේ.
 
 වසර 22ක් තිස්සේ පවතින වැටුප් විෂමතා ඉවත් කර වැටුප් වැඩි කිරීම, ඉගැන්වීමට අමතරව ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට නියම කර ඇති අමතර කටයුතු නතර කිරීම හා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6ක් අධ්‍යාපනයට වෙන් කිරීම මෙම වෘත්තීය සමිතිවල ඉල්ලීම් වෙයි.
 
 ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය, ලංකා විදුහල්පති සංගමය, ශ්‍රේණිධාරී විදුහල්පති සේවා සංගමය, ශ‍්‍රී ලංකා ජාතික ගුරු සංගමය, ශ‍්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය, සමස්ත ලංකා උපාධිධාරී සංගමය හා ලංකා ප‍්‍රගති ගුරු සංගමය ඇතුළු සංගම් 30ක සාමාජිකයෝ මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගයට එක්ව සිටියහ.
 
 ඊයේ පාසල් පැමිණි දරුවන්ට දැඩි අපහසුතා
 
 ගුරු විදුහල්පති වෘත්තීය කි‍්‍රයා මාර්ගය නිසා ඊයේ (13 වැනිදා* දිවයින පුරා පාසල්වල අධ්‍යාපන කටයුතු අඩපණ වීමත් සමඟ පාසල් පැමිණි සිසු සිසුවියෝ දැඩි අපහසුතාවට පත් වූහ.
 
 ගුරුවරුන් නොමැති නිසා යළි නිවෙස් බලා යෑමට ප‍්‍රවාහන පහසුකම් නොමැති වීමෙන් බොහෝ දරුවන්ට පාසල අවසන් වන වේලාව දක්වා පාසල් තුළම රැුඳී සිටීමට සිදු විය. සේවයට වාර්තා කළ විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සිටි පාසල්වල දරුවන් යළි නිවෙස් බලා යනතුරු එම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් පාසලේ රැුඳී සිටින ආකාරය ද දක්නට ලැබිණි.
 
 ඇතැම් පාසල්වල ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් ගුරු විදුහල්පති වර්ජනය පිළිබඳව දරුවන් රැුගෙන පාසල් වෙත පැමිණි දෙමාපියන්ට දැනුම් දීමට පියවර ගත් අතර එහිදී දෙමාපියෝ තම දරුවන් යළි නිවෙස් කරා රැුගෙන ගියහ.
 
 බොහෝ පාසල්වල ගුරුවරුන් පෙරේදා (12 වැනිදා* මෙම වැඩ වර්ජනය ගැන සිසුන්ට දැනුම් දී තිබීම නිසා ඉහළ ශ්‍රේණිවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පැමිණීම අඩු වුවත් පහළ ශ්‍රේණිවල සිසුන්ගේ පැමිණීමේ යම් ප‍්‍රතිශතයක් දක්නට ලැබිණි. කෙසේ වෙතත් කිිසිදු පාසලක් ඊයේ වසා තිබුණේ නැත.
 
 පසුබිම් වාර්තා
 
 ගාල්ල - එස්. කේ. කළුආරච්චි, ලලිත් චාමින්ද, දෙබරවැව - ඒ. ඒ. පේමසිරි, දොඩංගොඩ - එඞ්වඞ් සමරවීර, කළුතර සමූහ - විජයසිරි විiාසේකර, බලන්ගොඩ අතිරේක - හර්බට් චින්තාමනී, මහගල්කඩවල - සේනක ඉලංගකෝන්්, නිවිතිගල - ධර්මසිරි ජයවර්ධන, කලවාන - රණසිංහ ආරච්චිගේ, අක්මීමන - කේ මතිලාල්, දඹුල්ල - සරත් එරමිනිගම්මන, බඩල්කුඹුර - රවිඳු ගුණතිලක, ගලේවල විශේෂ, දඩයම්තලාව - පී. ජයසිංහ, අනුරාධපුර - පර්සි කුරුනේරු, නාත්තන්ඩිය - රෙක්ස් හැරිසන්, අරණායක - ගරුමුණි තිලකරත්න, බෙලිඅත්ත - රාමනායක, පොළොන්නරුව - රොෂාන් තුෂාර තෙන්නකෝන්, හැටන් - මනුර සුදත් සෙල්ලහේවා, මහවිලච්චිය - සමන් විජිත කුමාර, මැදවච්චිය - ගයාන්, කන්තලේ - ඩබ්ලිව්. එම්. වික‍්‍රමසිංහ, බඩල්කුඹුර - රවිඳු ගුණතිලක, පාදුක්ක - නීල් රාජපක්ෂ, පදියතලාව විශේෂ - භාෂණ සත්‍යපි‍්‍රය
 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles