Divaina - ජාතික ආරක්‍ෂාවට අසාධ්‍යයි - රණවිරු දඩයම දිගටම

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

maa500එකී ගිනි අවිය එල්ටීටීඊයේ හිටපු ස්නයිපර් ගිනිඅවි පිළිබ`ද විශේෂඥයකු වූ ඉලක්කියන් මාස්ටර් නමැති කොටි ත‍්‍රස්තයා අතට පත්වූ බව පසුගිය කාලයේ හෙළිවී තිබිණි. එහෙත් මේ වන විට මෙකී ඉලක්කියන් මාස්ටර්ද ආගිය අතක් නැත. එයද ප‍්‍රබල අභිරහසක් බවට පත්ව ඇත. මේවා සිදුවූයේ පණික්කියාගේ පදේට නටන නයා මෙන් කාගේ හෝ වුවමනාවකට පසුගිය කාලයේ බුද්ධි අංශවලට එරෙහිව විමර්ශන සිදු කළ පොලිසියේ අලජ්ජී කෙරුවාව නිසා නොවේද?

අයිඑස් අයිඑස්, අල්කයිඩා, ජිහාඞ් ආදී වශයෙන් වූ අන්තවාදී ත‍්‍රස්ත සංවිධානවල බැල්ම ශී‍්‍ර ලංකාව දේසට යොමුවී තිබෙන බව අනාවරණය වෙමින් තිබුණේ අප එල්ටීටීඊ ත‍්‍රස්තවාදය අවසන් කර වසර දෙකතුනක් ගෙවී යමින් තිබියදීය.

ඒ බව යම්තාක් දුරට සනාථ කිරීමට ඉවහල් වූ කරුණු කාරණා බිෙ`දන් බි`ද ඒ දිනවල නැගෙනහිර පළාතේ මුතූර්, කින්නියා වැනි ප‍්‍රදේශවලින් මෙන්ම පුත්තලම, උඩප්පුව සහ මන්නාරම ආදී ප‍්‍රදේශවලින්ද වාර්තා වන්නට විය.

මෙහිදී පැවති රාජපක්‍ෂ රජය එල්ටීටීඊ ත‍්‍රස්තවාදයේ පාඩම් ආදර්ශයට ගෙන සියල්ල ලත් තැනම ලොප් කර දමන අන්දමේ ඍජු වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවනු ලැබිණි. ඉකුත් 2010 සහ 2012 වර්ෂයන් අතරතුරදී සෞදි අරාබියේ සිටි සංචාරක වීසා මගින් මෙරටට පැමිණ කොළඹ මාළිගාවත්ත කේන්ද්‍ර කරගෙන සිටිමින් නැගෙනහිර පළාතට මෙන්ම පුත්තලම, කල්පිටිය වැනි ප‍්‍රදේශ දක්වා විහිදී ආගමික ප‍්‍රචාරයේ යෙදුණු අන්තවාදී පිරිස් හඹා යමින් ඔවුන්ව රටින් පිටුවහල් කිරීමට එකල රජය පසුබට නොවීය.

එහිදී මෙකී අන්තවාදී පිරිස් පිළිබ`ද උකුසු ඇස යොමා ඔවුන්ව නිවැරදිව හ`දුනාගෙන රජයට තොරතුරු ලබා දුන්නේ ආරක්‍ෂක බුද්ධි අංශය. ඉන් තහවුරු කෙරුණේ රටේ ආරක්‍ෂාවය. ඇහිරී ගියේ රට සහ රටේ මතු පරපුර තවත් භිෂණයකට ගොදුරු කර ගැනීමට තිබූ ඉඩකඩය.

එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය වීමෙන් පසුත් යළි ත‍්‍රස්තවාදය මතු කරන්නට විදේශගත කොටි ඩයස්පෝරාව ඇතුළු ජාත්‍යන්තර බලවේග සහ බෙදුම්වාදී දෙමළ දේශපාලනය සූෂම ලෙස කි‍්‍රයාත්මක වුවද සියල්ල මර්දනය කරමින් රටේ ආරක්‍ෂාව තහවුරු කරනු ලැබුවේ ඒ වන විට ඉතා සාර්ථකව ජාත්‍යන්තර මටිටමින් කි‍්‍රයාත්මක වෙමින් තිබූ අපේ ආරක්‍ෂක බුද්ධි ජාලය මගිනි.

ලොව අංක එකේ ඔත්තු සේවාවක් සිදු කරන මට්ටමේ මෙහෙයුමක් විදේශයකදී සිදුකර යුද්ධයෙන් පසු එල්ටීටීඊයේ එවකට විදේශගත නායකයා ලෙස කි‍්‍රයාත්මක වූ කුමරන් පද්මානාදන් හෙවත් කේපී මැලේසියාවේදී අල්ලාගෙන රහසේ මෙරටට රැුගෙන ඒම තුළින්ම එකල ශී‍්‍ර ලංකා ආරෂක ඔත්තු සේවාවන්හි පැවති කි‍්‍රයාන්විත ශක්තිය මුළු ලෝකයටම අවබෝධ විය. කේපී අත්අඩංගුවට ගත් මෙහෙයුම සැලවූ වහා විදේශගත කොටි ඩයස්පෝරාව සලිතවී

ගියේය.

ඒ අනුව මෙහිදී ද්‍රෝහී විජාතික ක`දවුරත්, එල්ටීටීඊ ඩයස්පෝරාව සහ බෙදුම්වාදී කණ්ඩායමුත් මැනවින් අවබෝධ කරගත් සහ කල්පනා කළ එක් වැදගත් කරුණක් තිබිණි. එය වූයේ ශී‍්‍ර ලංකාව යළි බෙදුම්වාදය තුළින් අරාජික කිරීමට නම් සහ බෙදා වෙන් කිරීමට නම් පළමුවෙන්ම පහර දිය යුත්තේ අපේ ආරක්‍ෂක ඔත්තුසේවා හෙවත් බුද්ධි ජාලයට යන්නය.

ඔවුන් ඒ ප‍්‍රහාරයට සූදානම් වන බව ඉකුත් 2014 වසරේ ආරම්භයේදී පමණ සාධාරණ සමාජයක් ස`දහාවූ ව්‍යාපාරය ඔස්සේ අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නැගීසිටීමත් සම`ග ආරක්‍ෂක ඔත්තු සේවා මගින්ම රජයට දැනුම් දෙනු ලැබිණි. එසේ දැනුම් දීමෙන් පසුවත් කුමකින් කුමක් සිදුවුවද කම් නැතැයි යන චේතනාවෙන් ඔවුහු අඛන්ඩව රට වෙනුවෙන් සිය යුතුකම ඉටු කළහ.

එහෙත් සත්‍ය එය වෙද්දී එදා මහින්ද රාජපක්‍ෂ රජය කළේ අධිතක්සේරුව හමුවේ ජාතියේ අවාසනාවකට මෙන් කිසිවක් මායිම් නොකර කටයුතු කිරීමය. එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ ඉකුත් 2015 අගොස්තු මස 18 වැනිදා කුන්ත‍්‍රණකාරී දේදුණු විප්ලවය විජයග‍්‍රාහීව නිමා කරමින් ඓතිහාසික ‘මිලේනියම් සිටි‘ මහා පාවාදීමේ පව්කාරයන්ට යළි මේ රටේ බලය හිමිවීම විය.

එතැන් පටන් මේ රට තුළ සිදුවූයේ අප ඉහතින් සටහන් කළ පෙළගැස්ම නොවේද? සියලූ ද්‍රෝහී පාර්ශ්ව එජාපය වටා එක් ක`දවුරක් සේ රොදබැ`ද ගත්හ. විදේශගත එල්ටීටීඊ ඩයස්පෝරාවත් විජාතික කුමන්ත‍්‍රණකරුවෝ සහ බෙදුම්වාදී දෙමළ දේශපාලනය ඔවුන් පසුපස වූහ. සියල්ලෝ එකතුව එල්ටීටීඊ ත‍්‍රස්තවාදය පරාජය කිරීමට දිවි හිමියෙන් කැපවී අවසානයේ අන්තවාදී සන්නද්ධ ව්‍යාපරවලින් සහ යළි හිස එසැවීමට වෙර දැරූ කොටි ත‍්‍රස්තවාදයෙන් මේ රට ආරක්‍ෂා කරගිනිමින් පවුරක් ලෙස කි‍්‍රයාත්මක වූ ආරක්‍ෂක ඔත්තු සේවාවන්ට පහරපිට පහර දෙන්නට වූහ.

rana1මෙහිදී යම් සහනයක් ආරක්‍ෂක ඔත්තු සේවාවන්ට ලැබුණේ නම් එය වචනයකින් හෝ එය සිදු කරනු ලැබුවේ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පමණකි.

මෙකී පහරදීම තුළ රටේ ජාතික ආරක්‍ෂාව බි`ද වැටෙද්දී යළි පිබිදීමට වෙර දරන එල්ටීටීඊ ත‍්‍රස්තවාදයට අදාළ මුල්ම සිදුවීම ඉකු් 2016 වසරේදී චාවාකච්චේරියෙන් වාර්තා විය. එඞ්වඞ් ජුලින් නම් වූ ප‍්‍රබල ත‍්‍රස්තවාදියකු මරාගෙන මැරෙන බෝම්බ ඇ`දුම් කට්ටලයක් සම`ග චාවාකච්චේරියේ නිවසකින් මතුවීම එකී සිද්ධිය විය.

තමන්ට කොතෙක් පහර වැදුණද එහිදීත් බුද්ධි සේවා නිලධාරීහු තම යුතුකම් ඉටු කිරීම නිසා එඞ්වඞ් ජුලියන්ගේ පැටිකිරිය ඒ දිනවල බිෙ`දන් බි`ද හෙළිවෙමින් තිබිණි. එහෙත් අවසානයට සිදුවූයේ කොටි ත‍්‍රස්තවාදය පසෙක තිබියදී බුද්ධි අංශවල ඒ කැපවීමද පාරා වළල්ලක් සේ ඔවුන් වෙතටම කඩාපාත්වීමය.

එදා අත්අඩංගුවට පත්වූ එඞ්වඞ් ජුලියන් පිළිබ`ද විමර්ශනය පසෙක තැබූ අද වැලිකඩ කූරු ගණින පොලිස් ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයේ ප‍්‍රධානියාව සිටි ඞීඅයිජී නාලක සිල්වා ආරක්‍ෂක මණ්ඩලය හමුවට ගොස් එඞ්වඞ් ජුලියන් යනු රජය පෙරළ දැමීම ස`දහා ආරක්‍ෂක බුද්ධි අංශ කළ නිර්මාණයක් යැයි පැවසූ බව පසුකාලීනව මාධ්‍ය මගින් වාර්තා කරනු ලැබීය.

එදා ඞීඅයිජී නාලක එසේ කරනු ලැබුවේ කුමණ අරමුණකින්දැයි යන්න අපි අදටත් රහසක්ව තිබෙන්නකි. ඔහු එසේ කළේ රජය නොම`ග ්‍යැවීමටද නැතහොත් එජාපය ප‍්‍රධාන යහපාලන රජයේ වුවමනාවටදැයි දන්නේ ද නාලක සිල්වාමය. නාලක සිල්වා වැනි පොලිස්කාරයන් මෙසේ හැසිරෙද්දී ඉකුත් 2015 වසරේ බලයට ආ යහපාලනයත් සම`ග උද දක්වාම සීඅයිඞීය කරගෙන යනු ලබන කැකිල්ලේ විමර්ශනවලදීත් අඛන්ඩව පහර දුන්නේ ආරක්‍ෂක ඔත්තුසේවාවලටය. ජාතික ආරක්‍ෂකව දිගින් දිගටම ගරා වැටෙද්දී මෙකී සීඅයිඞී විමර්ශන මගින්ද සිදු කෙරුණේ බුද්ධි නිලධාරීන් පෝලිමේ සිරගත කිරීමය.

මේ අතරේ එල්ටීටීඊයේ නැවත මතුවීමට දරණ උත්සාහයේ ඊළඟ සිදුවීම මෑතකදී ඔඞ්ඩුසුඩාන් ප‍්‍රදේශයෙන් වාර්තා විය. තමන්ට කොතෙක් පහර වැදුණද වසර එකහාමාරක් තිස්සේ ආරක්‍ෂ බුද්ධි අංශ මගින් ඇස ගසාගෙන සිටි එකී එල්ටීටීඊ උත්සාහය අහම්බයකින් මෙන් පොලිසියට හසුවීමෙන් පසුවත් සිරගත වීමට පෙර එකී විමර්හන භා වූ ඞීඅයිජී නාලක සිල්වා ඔඞ්ඩුසුඩාන් බෝම්බ ගෙන පෙරළා පහර දුන්නේ යදු හමුදා සන්නද්ධ බුද්ධි බළකායට විය.

ඵසුව ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණ චෝදනාව හමුවේ ඞීඅයිජී නාලක හිරේ ගියේය. ඒ වන විට ඔහු මෙන්ම සීඅයිඞීයේ විමර්ශන හමුවේ ආරක්‍ෂ ඔත්තු සේවා පැවතියේ නැත්තට නැතිකර අවසන්වය. මීට මාස කිහිපයකට පෙර මඩකලපුව වව්නතිව්හිදී පොලිස් නිධාරීන් දෙදෙනකු අමානුෂික ලෙස ඝාතනය කරන්නට හිටපු කොටින්ට හැකිවූයේ මේ නොවේද?

rana3අපි වගකීමෙන් කියමු. අදටත් මේ පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කළ සිද්ධියේ නියම කොටි ත‍්‍රස්තයන් පොලිසියට කොටුවී නැත. ඒ මිනීමරුවෝ මේ බිමේ කොතැනක හෝ තවමත් සැරිසරමින් සිටින්නාහ. එසේම ඊළ`ග බරපතළ කරුණ වන්නේ නාලක අද සිගතව සිටින හිටපු ඞීඅයිජී සිල්වා විසින් විමර්ශන කරන්නට ගොස් ආරක්‍ෂක ඔත්තු සේවාවන්ට පහර දුන් ඔඞ්ඩුසුඩාන් සිද්ධියෙන් හෙළිවූ අධිබල ස්නයිපර් ගිනි අවියක් අදටත් අතුරුදන්ව තිබීමය.

එකී ගිනි අවිය එල්ටීටීඊයේ හිටපු ස්නයිපර් ගිනිඅවි පිළිබ`ද විශේෂඥයකු වූ ඉලක්කියන් මාස්ටර් නමැති කොටි ත‍්‍රස්තයා අතට පත්වූ බව පසුගිය කාලයේ හෙළිවී තිබිණි. එහෙත් මේ වන විට මෙකී ඉලක්කියන් මාස්ටර්ද ආගිය අතක් නැත. එයද ප‍්‍රබල අභිරහසක් බවට පත්ව ඇත. මේවා සිදුවූයේ පණික්කියාගේ පදේට නටන නයා මෙන් කාගේ හෝ වුවමනාවකට පසුගිය කාලයේ බුද්ධි අංශවලට එරෙහිව විමර්ශන සිදු කළ පොලිසියේ අලජ්ජී කෙරුවාව නිසා නොවේද?

මෙසේ ජාතික ආරක්‍ෂාව බි`ද වැටෙද්දී තවත් බරපතළ සිදුවීම් දෙකක්ද පසුගිය දිනවල වාර්තා විය. ඉන් එකක් වන්නේ ඉකුත් දිනවල වව්නියාව පුලියන්කුලම්හිදී බොම්බ මල්ලක් ඇතහැර පැනගිය රාසයියා ආනන්දරාසා නමැති ප‍්‍රබල කොටි ත‍්‍රස්තවාදියාගේ සිද්ධියය.

අදටත් රටේ ජනතාව නොදන්නා කරුණ වන්නේ මෙකී ආනන්දරාසා නමැති ත‍්‍රස්තයාගේ කතාව එල්ටීටීඊයේ ප‍්‍රබල ජාලයක් එස්සේ ඉන්දියාව දක්වම විහිදී ගිය එකක් යන්නය. එහෙත් මේ මොහොත වන විටත් ආනන්ද රාසා හෝ ඔහු සමග සිටි ප‍්‍රබල ත‍්‍රස්තවාදීන් අත්අඩංගුවට පත්ව නැත. ඔවුහු නිදැල්ලේ සිටින්නාහ.

පසුගියදා වනාවිල්ලූව ප‍්‍රදේශයෙන් අන්තවාදී කණ්ඩායමක් සම`ග අධිබල පුපුරණ ද්‍රව්‍ය තොගයක් හසු වන්නේ ආනන්ද රාසලාගේ කතාව එසේ වී තිබියදීය. මෙකී අන්තවාදී කල්ලියද ඉන්දියාව සම`ගසබ`දතා පැවත්වූ බව මේ වන විට හෙළවී ඇත. එසේ නම් මේ සිදුවෙමින් තිබෙන්නේ කිසියම් ජාත්‍යන්තර දේශපාලන වුවමනාවක් අනුව විදේශ ඔත්තුසේවාවක සහායෙන් මේ රට තුළ ජාතිවාදී ගින්නක් ඇවිලවීමට ගන්නා උත්සාහයක්ද?

කණාගාටුවට කරුණ වන්නේ ඒ පිළිබ`ද සොයන්නට දැන් අපේ ආරක්‍ෂක ඔත්තු සේවා ජාගයක් නොමැති වීමය. සියල්ල වනසා අවසන්ය. එහෙත් එය තවමත් නතර වී තාබේද? නැත. මේ මොහොතේත් රට වෙනුවෙන් සුවිශාල මෙහෙයක් කළ බුද්ධි නිලධාරීන් සිව්දෙනකුම සීඅයිඞී විමර්ශන හමුවේ බන්ධනාගාරගතව සිටින්නාහ. ලූතිනන් කර්නල් එරන්ත පීරස්, ලූතිනන් කමාණ්ඩර් දචයානන්ද, ලූතිනන් කමාණ්ඩර් පූසාද් චන්දන හෙට්ටිආරච්චි සහ කෝප‍්‍රල් උළුගෙදර ය නඅය එම නිලධාරීහු වෙති. එපමණක්ද රට වෙනුවෙන් වැඩකරන්නට ගොස් මරණීය දණ්ඩනයට යටත්වූ හමුදා නිලධාරීහු තිදෙනකුද වන්නාහ. ඒ මේජර් ඩික්සන් රාජමන්ත‍්‍රී, කෝප‍්‍රල් රාජකරුණා සහ කෝප‍්‍රල් සුනිල් රත්නායකය.

ජනාධිපතිතුමනි, මේ සිදුව ඇත්තේ වහා නිවැරදි වියයුතු වරදක් නොවේද? අල එසේ කියන්නේ ජාතික ආරක්‍ෂාවේ නාමයෙන් වහා ඔබේ අවධානය මේ කෙරෙහි යොමුකර ද්‍රෝහීන්ට පාඩමක් කියාදෙන අතරේ වරද නිවැරදි කළ යුතු කාලය දැන් එළැඹ තිබෙන නිසාය.

සමන් ගමගේ

 

rana4
 

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles