Divaina - 113 හරී රට රකින ‘ජන මහිමය’ ජන රැලිය අමතමින් ජනපති කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new

p1 2නායකතුමා සමග හැප්පෙන්න බෑ කියලා කරු - සජිත් අගමැතිකම එපා කිව්වා
 
 මම පත් කළේ රනිල්ව පෙරළගෙන යන්න පුළුවන් අගමැතිකෙනෙක්
 
 රට පාලනය කළේ තීන්දු තීරණ ගත්තේ සමනල රැලක් - රනිල්ලා ජාත්‍යන්තරයට වැරදි තොරතුරු දුන්නා
 
 ජනපති ගත්තේ ඓතිහාසික තීන්දුවක්.. මේ එකතුව කේලාම්වලින් කඩන්න ඉඩ තියන්නේ නෑ...- අගමැති මහින්ද රාජපක්‍ෂ
 
 මොන තර්ජන පීඩා ආවත් ගත්ත තීරණ පස්සට ගන්නෙ නෑ.. අපි එකට එකතු වෙලා රට හදමු.. වැරදි දේවල් නිවැරදි කරගමු- ජනපති මෛති‍්‍රපාල සිරිසේන
 
 අගමැතිත් මමත් උතුරේ ජනතා ප‍්‍රශ්න වෙනුවෙන් කැපවෙනවා
 
 අනුර බාලසූරිය සහ රනිල් ධර්මසේන
 
 නව ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 113 ක් වන මන්ත‍්‍රීවරුන්ගේ බහුතරය දැනටමත් සූදානම් යැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
 
 ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ නව ආණ්ඩුවට සහාය පළ කරමින් සංවිධානය කළ ‘ජන මහිමය’ මහජන රැුලිය ඊයේ
 
 (05 දා) පාර්ලිමේන්තු වටරවුම අසලදී පැවති අවස්ථාවේදී ය.
 
 හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එකට කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක්‌ උදා වූ නිසා අගමැති ධුරය කරු ජයසූරියට හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ට භාරගන්නා ලෙස තමා ඉල්ලීමක්‌ කළ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
 
 ඒ සෑම අවස්‌ථාවකදීම නායකතුමා සමඟ හැප්පෙන්න බෑ කියා ඔවුන් අගමැති ධුරය ප්‍රතික්‌ෂේප කළ බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.
 
 රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කටයුතු කිරීමට නොහැකිවීම හේතුවෙන් වඩාත් සුදුසුම පුද්ගලයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත් කළ බවත් මහින්ද රාජපක්‍ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාව පෙරළාගෙන යා හැකි අගමැතිවරයකු බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
 
p5 2 පසුගිය කාලය තුළදී රට වෙනුවෙන් තීන්දු තීරණ ගත්තේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා නොවන බවත් එම තින්දු ගනු ලැබුවේ සමනල රැළක්‌ විසින් බවත් මෙහිදී කියා සිටි ජනාධිපතිවරයා ජනතා බලවේග එක්‌ක සෙල්ලම් නොකළ යුතු බව ද මෙහිදී කියා සිටියේය.
 
 පසුගිය කාලයේදි රනිල්ලා ජාත්‍යන්තරයට වැරදි තොරතුරු දුන් බවත් ඉන්දියාව තමාගෙන් වෙන් කිරීමට හිටපු අගමැතිවරයා අසත්‍ය ප්‍රකාශ සිදුකළ බවත් මෙහිදී කියා සිටි ජනාධිපතිවරයා ඉදිරියේ මොන තර්ජන පීඩා ආවත් ගත්ත තීරණ වෙනස්‌ කරන්නේ නැතැයි ද කියා සිටියේය. ඉදිරියේ තමාත් නව අගමැතිවරයා සමඟ එකතු වී උතුරේ ප්‍රශ්න විසඳන බවත්, අප ගත් තීන්දුව මේ රටේ ජනතාවගෙන් 80% ක්‌ ම අනුමත කරන බවත් කී ජනාධිපතිවරයා වැරදි නිවැරදි කරගෙන එකතු වී රට හදමු යෑයි ද යෝජනා කළේය.
 
 zජන මහිමයZ මහජන රැලියට එකතු වෙමින් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගත් තීන්දුව ඓතිහාසික බවයි. ඒ ගැන ගෞරව කරන බව ද මෙම එකතුව කේළාම්වලින් කැඩීමට ඉඩ නොදෙන බව ද අගමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.
 
 කිසි විටෙකත් ජනාධිපතිවරයා සමඟ වැඩ කිරීම අසීරු කටයුත්තක්‌ නොවන බවත් අතීතයේදී තමා හා ජනාධිපතිවරයා එක්‌ව කටයුතු කළ බවත් පැවසූ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා, නූපන් දරුවන්ගේ අයිතිය රැකගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයා මෙම ඓතිහාසික තීන්දුව ගත් බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

 

 

 

 

p5 4

 

 

p6 2

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles