The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90

Divaina

අසේල විතාන

bangla135
 
වෙනස්‌කම් කිහිපයක්‌ සමග නැවුම් බලාපොරොත්තු පොදි බැඳගෙන සිටින ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පිල 2018 වසරේ පළමු අභියෝගය ජය ගැනීමට අද (13 දා) පෙරවරුවේ බංග්ලාදේශය බලා පිටත් වීමට නියමිතව තිබුණි.
 
 සුපුරුදු පරිදි සංචාරයකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ පවත්වන ආගමික වතාවත්වලින් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස්‌ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල බංග්ලාදේශයේදී පළමුව තුන්කොන් එක්‌දින තරගාවලියට සහභාගි වේ. සත්කාරක බංග්ලාදේශය සහ සිම්බාබ්වේ එහිදී ශ්‍රී ලංකා ප්‍රතිවාදීන් බවට පත්වන අතර එක්‌ කණ්‌ඩායමක්‌ සමග තරග දෙකකට සහභාගි වේ. ඒ අනූව මුලික වටයේදී කණ්‌ඩායමක්‌ තරග හතරකට සහභාගි වන අතර එහිදී ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්‌ඩායම් දෙක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබයි.

bangla1අදාළ තුන්කොන් එක්‌දින තරගාවලියෙන් පසුව ටෙස්‌ට්‌ තරග දෙකකට සහ විස්‌සයි විස්‌ස තරග දෙකකටද ශ්‍රී ලංකා පිල සහභාගි වේ.
 
 නව පුහුණූකරු චන්දික හතුරුසිංහ සහ නව නායක ඇන්ජලෝ මැතිව්ස්‌ දෙදෙනාට පූර්ණ නිදහස ලැබී ඇති සමයක මෙම තරගාවලිය යළිත් ශ්‍රී ලංකාවට ක්‍රිකට්‌ වසන්තය උදාවන තරගාවලියක්‌ වනු ඇතැයි ප්‍රේක්‍ෂකයන්ගේ බලාපොරොත්තුව වී තිබේ. කණ්‌ඩායමේ සංයුතිය නායකයාට සහ පුහුණුකරුට අවශ්‍ය පරිදි තේරීම් කමිටුවේ සහයෙන් ලබාදී තිබේ.
 
 "හතුරුසිංහ අපිට උදව් කරනවා නෙමෙයි. අපි හතුරුට උදව් කරනවා." යෑයි ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්බ්‍රොaයි පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ජයග්‍රාහී මාවතට තල්ලු කිරීමට අවශ්‍ය උදව්ව පුහුණුකරුවාට නොපැකිළිව ලබා දෙන බව ඉඟි කරමිනි.
 
 තුන්කොන් එක්‌දින තරගාවලියේ සියලුම තරග දිවා රාත්‍රී තරග ලෙසින් පැවැත්වෙන අතර අවසන් මහා තරගය ලබන 27 වැනිදා පැවැත්වේ.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

cinema

නවලිය

malani250

දියග

diyaga250

මීවිත

roy250

More Articles