ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙහෙයවනු ලබන ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු ශූරතාවලියේ (2017/2018) අවසන් මහා තරගය හෙට (14 දා) ප.ව. 6.30 ට කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වේ.
ඉකුත් වසරේ ශූරයන් වන කොළඹ එෆ්.සී. කණ්ඩායම සහ රිනවුන් ක්‍රීඩා සමාජය අතර මෙම අවසන් මහා තරගය පැවැත්වෙන අතර මේ වන විට ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රිනවුන් පිලට හිමිව තිබේ.
අවසන් මහා තරගය විසඳුමකින් තොරව අවසන් වුවහොත් ශූරතාව රිනවුන් පිලට හිමිවන අතර කොළඹ එෆ්.සී. පිල ජය ගතහොත් වත්මන් ප්‍රසාද ලකුණු සටහන අනුව දෙපිලටම හිමිවන ලකුණු සංඛ්‍යාව 40 කි. එසේ වුවත් ශ්‍රේණිගත කිරීම් අනුව කොළඹ එෆ්.සී. පිලට යළිත් ශූරතාව හිමිවේ.