Divaina - සිම්බාබ්වේ පිතිකරුවෝ සාර්ථක ප‍්‍රහාරයක - ඇඹුල්දෙණියගෙන් කඩුලූ 5ක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

p16 2පළමු පිතිකරුවන් තිදෙනාම අර්ධ ශතක ලබා ගැනීම හේතුවෙන් හරාරේ හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ සැලසුම් සහගත ලකුණු සංඛ්‍යාවක් වෙත ගිය සිම්බාබ්වේ පිල ඊයේ (20 දා) දෙවැනි දින තේ පානය වන විට කඩුලූ 9ක් දැවී ලකුණු 349ක් ලබා සිටියේය.
 
 පළමු දිනයේදී මන්දගාමී පිති ප‍්‍රහාරයක නිරත වූ සිම්බාබ්වේ පිතිකරුවන් නිලකුණු පන්දුවාර 31 ක් සටහන් කළද ඊයේ දිනයේදී තරමක් වේගයෙන් ලකුණු ලබා ගැනීමට උත්සහ කළේය. එහි ප‍්‍රතිඵලයක් වූයේ දිවා ආහාරය වන විට යවන ලද පන්දුවාර 26 දී ලකුණු 51 ක් තුළ කඩුලූ තුනක් බිඳ වැටීමයි.
 
 සෙමින් සීරුවේ තෙවැනි ටෙස්ට් ශතකයට කිට්ටු වෙමින් සිටි ක්‍රෙග් අර්වින්ගේ ඉනිම ලකුණු 85 දී නවතා දැමීමට සුරංග ලක්මාල් සමත් වූයේ ඔහුගේ කඩුල්ලටම පන්දුව යොමු කරමිනි. අර්වින් දැවී යන විට මිනිත්තු 256 ක් කඩුල්ලේ රැුදී සිටිමින් හතරේ පහර පහකින් සහ හයේ පහර තුනකින් ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ට සංග‍්‍රහ කර තිබුණි.
 
 සුරංග ලක්මාල් ඊයේ දිවා ආහාරයට පෙර සිම්බාබ්වේ පිතිකරුවන් දෙදෙනකුම දවා ගත් අතර බ්‍රෙන්ඩන් ටේ‍්‍රලවර්ව ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගත්තේය. ටේ‍්‍රලර් පන්දු 47 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 21 ක් ලබා ගත්තේය. සිම්බාබ්වේ නායක ෂේන් විලියම්සන් පන්දු 46 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු අතරට පැමිණෙමින් සිටියදී ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවිය.
 
 සිම්බාබ්වේ පසුපෙළ ඉනිම ඔසවා තැබූ ෂකන්දර් රාසා ලකුණු 41ක් ලබා සිටියදී ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ දික්වැල්ලගේ ස්ටම්ප් කිරීමකින් දැවී ගියේය. සිම්බාබ්වේ පළමු ඉනිමේ කඩුලූ 5 ක් ලකුණු 114කට බිඳ දැමීමට ඇඹුල්දෙණිය සමත් විය. 

p16 3

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

gold250

මීවිත

inspect250

More Articles