Divaina - අන්තර් ක‍්‍රීඩා සමාජ රග්බි - සී. එච්.ට ගුවන් ප‍්‍රහාරයක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

p12 3අන්තර් ක‍්‍රීඩා සමාජ රග්බි තරගාවලියේ පළමු වටයේ අවසන් සති අන්තයේ ක‍්‍රියාත්මක වූ තරගවලදී මහනුවර සහ ගුවන් හමුදාව ජය ලබාගත් අතර පොලිසිය සහ යුද හමුදාව අතර තරගය සමව අවසන් විය.
 
 රත්මලාන ගුවන් හමුදා  ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ගුවන් ක‍්‍රීඩකයන් විසින් සී. එච්. පිල ලකුණු 39-22 ක් වශයෙන් පරාජය කර දැමුවේය. ගුවන් හමුදාව පිට පිටම තරග හයක් පරාජයට පත්වීමෙන් පසු මෙම ජය ලැබීම විශේෂත්වයකි.
 
 තරගයේ පළමු අර්ධය නිමා වන විටත් ගුවන් හමුදාව ලකුණු 27-8 ක් වශයෙන් පෙරමුණ ගත්තේය. තරගයේ ආරම්භයේ සිටම ලකුණු ලබා ගැනීමට ගුවන් හමුදා ක‍්‍රීඩකයන් සමත් වෙද්දී ඔවුන්ගේ විදෙස් ක‍්‍රීඩකයා වන ටුටෙයොයා ජේම්ස් උත්සාහක දිනුමක් සාර්ථක කරමින් එය ගෝලයක් බවට පත් කළේය.
 
 පොලිසිය සහ යුද හමුදාව කරට කර නවතියි
 
 හත්වැනි සති අන්තයේ පැවැති තරගවලදී සුවිශේෂී සටනක නියැළුණ පොලිස් කණ්ඩායම සහ යුද හමුදාව අතර පැවැති තරගය ලකුණු 26-26 ක් වශයෙන් සමව අවසන් විය.
 
 දෙපිලම කරට කර සටනක නියැලෙද්දී පළමු වටයද ලකුණු 21-21 ක් වශයෙන් නිමා විය. නාවික හමුදා කී‍්‍රඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව ලකුණු ලබා ගැනීම පොලිස් කණ්ඩායම විසින් ආරම්භ කළ අතර පොලිසිය විසින් ගෝල දෙකක් සමගින් ලකුණු 14 ක් පළමු මිනිත්තු 10 ඇතුළතදී වාර්තා කළේය. අනතුරුව යුද හමුදාව විසින් තවත් ගෝල දෙකක් ලබා ගනිමින් ලකුණු තත්ත්වය සම කරගත් අතර එතැන් සිට දෙපිලම කරට කර ලකුණු ලබා ගත්තේය.
 
 මහනුවර අපරාජිතව ඉදිරියට
 
 අන්තර් ක‍්‍රීඩා සමාජ රග්බි තරගාවලියේ තව දුරටත් අපරාජිත බව රැුක ගත් ප‍්‍රබල මහනුවර කණ්ඩායම ඉකුත් සති අන්තයේදී හැව්ලොක්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 31-13 ක පහසු ජයක් වාර්තා කිරීමට සමත් විය.
 
 හැව්ලොක්ස් කණ්ඩායම තරග පහක ජය ලබා තිබියදී මහනුවර කණ්ඩායම හමු වුවද ප‍්‍රබල මහනුවර ක‍්‍රීඩකයෝ ආරම්භයේ සිටම ක‍්‍රියාශීලීි ක‍්‍රීඩා විලාශයක නිරත වෙමින් පළමු භාගය අවසන් වන විට ලකුණු 22-05 ක් වශයෙන් පෙරමුණ ගැනීමට සමත් විය.
 
 මහනුවර කණ්ඩායම වෙනුවෙන් බුද්ධිම පියරත්න, බුවනෙක උඩංගමුව සහ කවිඳු පෙරේරා එක් උත්සහක දිනුම බැගින් වාර්තා කළ අතර තරින්ද රත්වත්තේ එක් ද`ඩුවම් පහරක් සහ ප‍්‍රවර්ථන දෙකක් මගින් මහනුවර කණ්ඩායම ඔසවා තැබීමට සමත් විය.
 
 හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් තුනක් වාර්තා වූ අතර එම උත්සාහක දිනුම් කෙශාන් කාවින්ද, ශව්කට් ලාහීර් සහ සංදේශ් ජයවික‍්‍රම විසින් වාර්තා කරන ලදී.

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

gold250

මීවිත

inspect250

More Articles