Divaina - සිම්බාබ්වේ ආරම්භක පිතිකරුවෝ ශී‍්‍ර ලංකාවට අභියෝග කරති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

p16 1ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ඊයේ (19 වැනිදා* ආරම්භ විය. එ් අනුව හරාරේ කී‍්‍රඩාංගණයේදී සිය පළමු ඉනිම ඇරඹූ සිම්බාබ්වේ කණ්ඩායම ‘දිවයින’ මුද්‍රණයට යන විටදී කඩුලූ 1ක් දැවී ලකුණු 108 ක් ලබා සිටියේය. නොදැවී පන්දුවට පහරදෙමින් සිටි කෙවින් කසූසා ලකුණු 48 ක් සහ කේ‍්‍රග් එර්වින් ලකුණු 4ක් ලබා සිටියේය.
 
 ඊයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායකයා පළමු පිති ප‍්‍රහාරය දියත් කිරීමට තීරණය කළේය. එහිදී ඉනිම ඇරැුඹූ පි‍්‍රන්ස් මාසූර් සහ කෙවින් කසූසා සිම්බාබ්වේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 96ක් සිය කණ්ඩායමට එක් කළේය. පන්දු 149කට මුහුණ දෙමින් මිනිත්තු 215ක් පුරා කඩුල්ල රැුකගත් පි‍්‍රන්ස් මාසූර් හතරේ පහර 7ක් සමගින් ලකුණු 55ක් වාර්තා කළේය.
 
 හරාරේ කී‍්‍රඩාංගණයේදී මන්දගාමීව ලකුණු පුවරුව කි‍්‍රයාත්මක කළ සිම්බාබ්වේ පිතිකරුවෝ පළමු ලකුණු 100 වාර්තා කිරීම සඳහා පන්දුවාර 53ක් වැය කළේය. එ් අනුව දළ ලකුණු ලබා ගැනීමේ වේගය පන්දුවාරයකට 1. 90ක් පමණ වූ අතර එම ලකුණු 100 සඳහා හතරේ පහර 12ක් සහ එක් හයේ පහරක් එල්ල කිරීමට ඔවුහු සමත් වී සිටියහ.
 
 ලකුණු සටහන
 
 සිම්බාබ්වේ පළමු ඉනිම පන්දුවාර 57කදී කඩුලූ 1ක් දැවී ලකුණු 108 යි (පි‍්‍රන්ස් මාසූර් 55, කෙවින් කසූසා (නොදැවී* 48, කේග් එර්වින් (නොදැවී* 04, ලසිත ඇඹුල්දෙණිය 1/38*

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

gold250

මීවිත

inspect250

More Articles