Divaina - කෝඩුකාරයෝ රෑනක් සමග සිම්බාබ්වේ පිල හෙට ශ‍්‍රී ලංකාව හමුවෙයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

dimuks135ශ‍්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන නව වැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (19 දා* හරාරේහිදී පැවැත්වේ. දෙරට අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවට අයත් නොවුනද ශ‍්‍රී ලංකාව මෙම තරගාවලියට පිවිසෙන්නේ සිය දක්ෂතාව මුවහත් කර ගැනීමේ අපේක්ෂාවෙනි.
 
 හෙට තරගය වෙනුවෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වශයෙන් නායක දිමුත් කරුණාරත්න සහ ඕෂධ ප‍්‍රනාන්දු ක‍්‍රීඩා කරන අතර අංක තුන කුසල් මෙන්ඩිස්ට හා අංක හතර ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව තිබේ. අංක පහ පිතිකරු වශයෙන් දිනේෂ් චන්දිමාල්ද අංක හය පිතිකරු වශයෙන් ධනංජය ද සිල්වා කටයුතු කර අතර නිරෝෂන් දික්වැල්ල අංක හත පිතිකරුවා ලෙස කටයුතු කරනු ලබයි. ඩිල්රුවන් පෙරේරා දග පන්දු යවන්නා වශයෙන් කටයුතු කරන අතර ඔහුගේ සහයකයා වශයෙන් ලක්ෂාන් සදකැන් හෝ ලසිත් ඇඹුල්දෙණිය ක‍්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂා කළ හැක. වේග පන්දු යවන්නන් දෙදෙනා වශයෙන් ළහිරු කුමාර සහ සුරංග ලක්මාල් ක‍්‍රීඩා කිරීමට නියමිතව තිබේ.
 
 පළමු වරට ශ‍්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ටෙස්ට් තරගයක් පවත්වා ඇත්තේ 1994 දීය. එදා ශ‍්‍රී ලංකා පිල අර්ජුන රණතුංග විසින්ද සිම්බාබ්වේ කණ්ඩායම ඇන්ඩි ෆ්ලවර් විසින්ද මෙහෙය වූ අතර තරග තුනකින් සමන්විත එම ටෙස්ට් තරගාවලිය විසදුමකින් තොරවම නිමාවිය. දෙරට අතර පැවැති සමාරම්භක ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිම්බාබ්වේ ආරම්භක පිතිකරුවා වූ ග‍්‍රාන්ට් ෆ්ලවර් වත්මන් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුවා වීමද විශේෂත්වයකි.
 
 ශ‍්‍රී ලංකා පිලේ පසුගිය
 
 1994 දී දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගාවලිය විසදුමකින් තොරව නිමා වුවත් ඉන් අනතුරුව පැවැති තරගාවලි හතම ජය ගැනීමට ශ‍්‍රී ලංකාව සමත්ව තිබේ. එ් අනූව දෙරට අතර මෙතෙක් පැවැති ටෙස්ට් තරග 18 කදී ශ‍්‍රී ලංකාව තරග 13 ක් ජයගෙන ඇති අතර තවත් තරග පහක් විසදුමකින් තොරව නිමාවී තිබේ.
 
 සිම්බාබ්වේ මෙතෙක් සහභාගි වී ඇති ටෙස්ට් තරග 107 කින් ජය ලබා ඇත්තේ තරග 12 ක් පමණි. එහිදී අවසන් ටෙස්ට් ජයග‍්‍රහණය 2018 වසරේදී බංග්ලාදේශයට එරෙහිව ලබා තිබේ. 2018 වසරෙන් පසුව සිම්බාබ්වේ කණ්ඩායමට අයි.සී.සී.යෙන් තහනමක් පැනවූ අතර අනතුරුව ඔවුන් මුහුණ දෙන පළමු ටෙස්ට් තරගයද මෙය වේ.
 
 සිම්බාබ්වේ ටෙස්ට් සංචිතයට ටෙස්ට් වරම් නොලැබූ නවක ක‍්‍රීඩකයන් පස්දෙනකුම ඇතුළත්ව තිබීම විශේෂත්වයකි. නායකත්වය 33 හැවිරිදි ෂේන් විලියම්ස්ට ලබාදී ඇති අතර ඔහු ටෙස්ට් තරග දහයකට පමණක් සහභාගි වී ඇති වමත් පිතිකරුවෙකි.
 
 ශ‍්‍රී ලංකා කණ්ඩායම
 
 දිමුත් කරුණාරත්න (නායක*, ඕෂධ ප‍්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ඩිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, ලසිත් ඇඹුල්දෙණිය, ළහිරු කුමාර, ලක්ෂාන් සදකැන්, විශ්ව ප‍්‍රනාන්දු, ළහිරු තිරිමාන්න
 
 සිම්බාබ්වේ කණ්ඩායම
 
 ෂේන් විලියම්ස් (නායක*, ෂිකන්දර් රාසා, රෙගිස් චකබ්වා, ක්‍රෙග් අර්වින්, කේල් ජාර්විස්, කෙවින් කසූෂා, ටිම්කෙන් මස්රුමා, ප‍්‍රින්ස් මස්වර්, බ‍්‍රයන්
 
 මුද්සින්ලග්යමා, කාර්ල් මුම්බා, අයින්ස්ලි එන්ඞ්වෝ, වික්ට්පර් නයුචි, බ්‍රෙන්ඩන් ටේලර්, ඩොනලඞ් ටි‍්‍රපානෝ, චාර්ල්ටන් තුස්මා

 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

gold250

මීවිත

inspect250

More Articles