Divaina - යොවුන් කී‍්‍රඩකයෝ පළමු පුහුණු තරගය දිනති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

p16 2වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට පෙර ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහභාගී වූ පළමු පුහුණු තරගය සත්කාරක දකුණු අප‍්‍රිකානු පිලට එරෙහිව පසුගියදා (12 වැනිදා) පැවැත්විණි. එ් අනුව අදාළ තරගයේදී ලකුණු 15 ක ජයක් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා යොවුන් ක‍්‍රීඩකයෝ සමත් වූහ.
 
 ඩොබ්සන්විලීහි පැවැති අදාළ පුහුණු තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 48.4 කදී සියලූ දෙනා දැවී ලකුණු 197 ක් රැුස් කරගත් අතර පිළිතුරු ඉනිම හඹා ගිය සත්කාරක පිලට පන්දුවාර 44.1 කදී සියලූදෙනා දැවී රැුස් කර ගත හැකි වූයේ ලකුණු 182 ක් පමණි.
 
 දකුණු අපි‍්‍රකානු පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 48 ක සාර්ථක ආරම්භයක් එක් කිරීමට ආරම්භක පිතිකරුවන් සමත් වුවද එම සම්බන්ධතාවය බිඳ දැමීමට සුදීර තිලකරත්න සමත්වීමත් සමඟ දකුණු අප‍්‍රිකානු පිලේ හඹා යෑම බිඳ වැටිණි. කෙසේ වෙතත් සිය අන්තය ආරක්ෂා කරගත් අනෙක් ආරම්භක පිතිකරු ජොනතන් බර්ඞ් ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින් ලකුණු 71 ක් රැුස් කිරීමට සමත්විය. පන්දු 76 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු
 
 රැුස් කළ බර්ඞ් දකුණු අප‍්‍රිකානු ඉනිමේ පස්වැනි පිතිකරුවා ලෙසින් දවා ගැනීමට නිපුන් ධනංජය සමත්වීමත් සමඟ තරගයේ වැඩි වාසි ශ‍්‍රී ලංකා පිල වෙත නතු විය.
 
 මැද පෙළ ශක්තිමත් කළ ජැක් ලීස් ලකුණු 46 ක් රැුස් කිරීමට සමත්විය. පන්දු 70 කට මුහුණ දුන් ලීස් අශේන් ඩැනියෙල්ගේ සුපිරි පන්දු රැුකීම හමුවේ දුවද්දී දැවී යෑමකට හසුවීම මත ශ‍්‍රී ලංකා ජයග‍්‍රහණයට ඉක්මන් විය. පන්දු යැවීමේදී අම්ෂි ද සිල්වා කඩුලූ 2 ක් දවා ගැනීම හැරුණු කොට වෙනත් කිසිම පන්දු යවන්නකු එක් කඩුල්ලකට වඩා දවා ගැනීමට අපොහොසත් වූහ.
 
 ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායමට වේගවත් ආරම්භයක් සැපයූ නවෝද් පරණවිතාන හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සමඟ පන්දු 64 කදී වෙගවත් ලකුණු 68 ක් ලබා ගැනීමට සමත්විය. නවෝද්ට පසු ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 20 සීමාව ඉක්මවා ගිය පිතිකරුවන් බවට පත්වූයේ මැද පෙළින් පන්දුවට පහර දීමට පැමිණි අහන් වික‍්‍රමසිංහ සහ අවසන් පිතිකරුවා වූ කවිඳු නදීෂාන් පමණි. මැද පෙළ ශක්තිමත් කරමින් අහන් ලකුණු 34 ක්  රැස් කරද්දී කවිඳු ලකුණු 22 ක්  රැස් කළේය. ශ‍්‍රී ලංකා ඉනිමේ 9 වැනි පිතිකරුවා ලෙසින් අහන් මුලූ ලකුණු සංඛ්‍යාව 159 දී දැවී ගිය නමුත් අවසන් කඩුල්ලට එක් වූ කවිඳු සහ සුදීර තිලකරත්න ලකුණු 38 ක සම්බන්ධතාවක් එක් කරමින් ශ‍්‍රී ලංකා ඉනිම ලකුණු 200 සීමාවේ ආසන්නයට රැුගෙන ආහ.
 
 ලකුණු සටහන -
 
 ශ‍්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 48.4 කදී සියලූ දෙනා දැවී ලකුණු 197 යි (නවෝද් පරණවිතාන 68, අහන් වික‍්‍රමසිංහ 34, කවිඳු නදීෂාන් 22, මෙරික් බ්‍රෙට් 30/2, වෑන් වූරන් 15/2)
 
 දකුණු අප‍්‍රිකානු යොවුන් පිල පන්දුවාර 44.1 කදී සියලූ දෙනා දැවී ලකුණු 182 යි (ජොනතන් බර්ඞ් 71, ජැක් ලීස් 46, අම්ෂි ද සිල්වා 30/2)

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

gold250

මීවිත

inspect250

More Articles