Divaina - බ‍්‍රාවෝ යළි කැඳවයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

p16 3අයර්ලන්තයට එරෙහි විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය සඳහා ඩෙවේන් බ‍්‍රාවෝ කැඳවීමට කොදෙව් කණ්ඩායම තීරණය කර තිබේ. බ‍්‍රාවෝ වසර 4කට පසු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක් කී‍්‍රඩා කරන පළමු අවස්ථාව මෙය වන අතර අවසන් විස්සයි විස්ස තරගය ඔහු 2016දී කී‍්‍රඩා කර තිබිණි.
 
 පාකිස්තානයට එරෙහිව අබුඩාබි හිදී පැවැති අවසන් විස්සයි විස්ස තරගයට පසු කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවූ බ‍්‍රවෝ 2018 ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියෙන් විශ‍්‍රාම ගත්තේය. එ් අනුව විශ‍්‍රාම ගියද විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා නැවත කී‍්‍රඩා කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
 
 36 වැනි වියේ පසුවන ඩෙවේන් බ‍්‍රාවෝ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 66කට කී‍්‍රඩා කරමින් ලකුණු 1142ක් සහ කඩුලූ 52ක් දවා ගැනීමට සමත්වී තිබෙන අතර අර්ධ ශතක 4ක් එ් අතර වේ. කෙසේ වෙතත් අයර්ලන්තය සමග පැවැති එක්දින තරගාවලියේදී ඇති වූ ආබාධ හේතුවෙන් ෆේබියන් ඇලන් සහ කීමෝ පෝල් අයර්ලන්තයට එරෙහි විස්සයි විස්ස කොදෙව් සංචිතයෙන් ඉවත් කෙරුණු අතර ජේසන් හෝල්ඩර් විවේක ගැන්වීමටද තේරීම් කමිටුව පියවරගෙන තිබේ.
  

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles