Divaina - අබිඞ් අලී වීරයා වෙමින් ලෝක වාර්තාවක් තබයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

p16 1පාකිස්තානයට ඓතිහාසික ටෙස්ට් තරගයේ අවසන් දිනය උණුසුම් වෙයි


පන්දුවාර 167 කට පමණක් සීමාව වූ පාකිස්තානය සහ ශ‍්‍රී ලංකාව අතර රාවල්පින්ඩි හිදී පැවැති ඓතිහාසික ටෙස්ට් ක‍්‍රිකට් තරගය ඊයේ (15 දා) විසඳුමකින් තොරව නිමා වෙද්දී ධනංජය ද සිල්වා (102), අබිඞ් අලී (109) සහ බාබර් අසාම් (102) ශතක වාර්තා කිරීමට සමත් වූහ. ඔවුන් තිදෙනාම නොදැවී ශතක ලබා ගැනීම විශේෂත්වයක් වෙද්දී තරගය නවතා දමන විට පළමු ඉනිම ක‍්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලූ 2ට ලකුණු 252 ක් ලබා සිටියේය.

වසර දහයකුත් මාස නවයකට පසුව පාකිස්තානයේ පැවැති ඓතිහාසික ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී ශතකයක් වාර්තා කළ අබිඞ් අලී නව ලෝක වාර්තාවක් පිහිටුවමින් කාලගුණයෙන් බාධා එල්ලවූ තරගයට නව ජීවයක් ලබා දුන්නේය. තරගයේ තීරණයක් දෙපිලට නොලැබෙන බව හොඳින් වටහාගත් දස දහසකට අධික පේ‍්‍රක්ෂක සංඛ්‍යාවක්ද තරගය නැරඹීමට පැමිණ සිටියේ ඔවුන්ගේ රටේ ටෙස්ට් වසන්තය යළි උදාවීමේ අවස්ථාව සැමරිමටය. එම පේ‍්‍රක්ෂකයන් අතර ශ‍්‍රී ලංකාවට සුබ පැතුම් එක් කළ නාම පුවරු රාශියක්ද තිබුණ අතර ඔවුන් කණ්ඩායම් දෙකටම එක ලෙස සහයෝගය දැක්වූහ.

අබිඞ් අලී සිය පළමු එක්දින තරගයේදී ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව ඉකුත් මාර්තු මසදී ශතකයක් (112) වාර්තා කළේය. 32 හැවිරිදි අබිඞ් අලී ටෙස්ට් සහ එක්දින වරම් ලැබු පළමු තරගයේදීම ශතක වාර්තා කරමින් එවැනි දස්කමක් කළ පළමු ක‍්‍රීඩකයා බවට ඊයේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ඉතිහාසගත විය. මීට පෙර ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේ පළමු ටෙස්ට් තරගයේදී සහ එක්දින තරගයේදීම ශතකයක් වාර්තා කර ඇත්තේ එංගලන්ත කාන්තා කණ්ඩායමේ එනිඞ් බැක්වෙල් වන අතර ඇය 1968 දී පළමු ටෙස්ට් ශතකයත් 1973 පළමු එක්දින ශතකයත් වාර්තා කර තිබේ. ඒ අනූව අබිඞ් අලී නව වාර්තාවක් පාකිස්තානයට ඓතිහාසික වැදගත්කමක් වූ ටෙස්ට් තරගයේදී තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය.

තරගයේ තීරණයක් ගැනීමේ බලාපොරොත්තුව කාලගුණයෙන් විනාශ වෙද්දී ධනංජය ද සිල්වාගේ හය වැනි ශතකය වෙනුවෙන් නැවතත් පිති ප‍්‍රහාරය ඇරඹු ශ‍්‍රී ලංකා පිල ඊයේ පන්දුවාර 5.1 ක් ක‍්‍රීඩා කිරීමෙන් අනතුරුව පළමු ඉනිම නවතා දමා පාකිස්තානුවන්ට පිති ප‍්‍රහාරය භාර කළේය. ඒ වන විට හය වැනි ටෙස්ට් ශතකය සහ පාකිස්තානයට එරෙහිව පළමු ශතකය වාර්තා කරගත් ධනංජයගේ ඉනිම පන්දු 166 කදී හතරේ පහර 15 කින් අලංකාරවත්ව තිබුණි. ලකුණු 127 කට ශ‍්‍රී ලංකා පිලේ කඩුලූ හතරක් බිද වැටී තිබියදී පැමිණි ධනංජය ද සිල්වා ශ‍්‍රී ලංකා ඉනිම ඔසවා තැබීමට සමත් විය. පළමු දින හතරේදී කාලගුණයෙන් බාධා පැමිණීම හේතුවෙන් තරගයට පන්දුවාර 283 ක් පමණක් අහිමි විය.

28 වැනි වියේ පසුවන ධනංජය ද සිල්වා මෙම ශතකයට පෙර පිළිවෙලින් ඔස්ටේ‍්‍රලියාවට (129), සිම්බාබ්වේට (127), ඉන්දියාවට (119), බංග්ලාදේශයට (173) සහ නවසීලන්තයට (109) එරෙහිව ශතක ලබා තිබුණි. ධනංජය පිට පිටම ටෙස්ට් තරග දෙකකදී ශතකයක් වාර්තා කිරීමද කැපි පෙනෙන අතර ඔහු අගෝස්තු මාසයේදී නවසීලන්තය සමග පැවැති ටෙස්ට් තරගයේදීද ශතකයක් වාර්තා කිරීමට සමත් විය.

රාවල්පින්ඩි ක‍්‍රීඩාංගණයේදී ශ‍්‍රී ලංකා පිතිකරුවකු රැුස් කළ දෙවැනි ශතකය මෙන්ම එය වසර 19 කින් වාර්තා වීමද විශේෂත්වයකි. මීට පෙර 2000 වසරේදී අරවින්ද ද සිල්වා රාවල්පින්ඩි ක‍්‍රීඩාංගණයේදී ශතකයක් වාර්තා කරමින් ශ‍්‍රී ලංකාව ජයග‍්‍රහණය කරා ඔසවා තබන්නට සමත් වු අතර එම තරගයෙන් පසුව ශ‍්‍රී ලංකාව රාවල්පින්ඩි ක‍්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයකට සහභාගි වූ පළමු අවස්ථාවද මෙය වේ.

පාකිස්තානු ඉනිමේ පළමු කඩුල්ල තෙවැනි පන්දුවාරයේදීම ගලවා දැමීමට කසුන් රාජිත සමත් වෙද්දී ෂේන් මෂුඞ්ට ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වීමට සිදුවිය. අනතුරුව අබිඞ් අලී සහ නායක අසාර් අලී එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 87 ක් කරමින් සිටියදී ළහිරු කුමාර විසින් පාකිස්තාන් නායකයාව  ක‍්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් විය.

පළමු කඩුල්ල අහිමි වී ගියද පාකිස්තාන් ඉනිමට ජීවයක් ලබාදුන් බාබර් අසාම්ද පන්දු 118 කදී ශතකය උදුරා ගනිද්දී හතරේ පහර 14 ක්ම එල්ල කර තිබුණි. අසාම්ගේ තෙවැනි ටෙස්ට් ශතකයද මෙය වේ. ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් සාර්ථක වූ කසුන් රාජිත පන්දුවාර හයක් යවමින් ලකුණු 5 කට එක් කඩුල්ලක් ලබා ගත්තද එතැන් සිට අනෙක් පන්දු යවන්නන්ට අවස්ථාව ලබාදීමට ශ‍්‍රී ලංකා නායකයා තීරණය කරද්දී රාජිතට විවේකයක් ලැබුණි. දෙරට දෙවැනි ටෙස්ට් තරගය කරච්චි නුවරදි ලබන 19 වැනිදා ආරම්භ වීමට නියමිතය.

අසේල විතාන රාවල්පින්ඩි සිට

p16 4

p16 3

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles