Divaina - CR ට CH පරදී අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

p16 6අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ CH&FC සහ CR&FC  කණ්ඩායම් අතර පසුගියදා පැවැති තරගයේදී ලකුණු 23-17ක ජයක් අත්කර ගැනීමට CR&FC කණ්ඩායම සමත් විය. තරගය පසුගියදා කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්විණි.
 
 තරගයේ පළමු අර්ධය නිමා වන විටදී ලකුණු 17ක් ලබා ගනිමින් ජයග‍්‍රහණයේ මාවත විවිර කර ගැනීමට CR&FC කණ්ඩායම සමත් වී සිටියේය. පළමු අර්ධය නිමාවන විටදී 
CH&FC කණ්ඩායම ලබා සිටියේ ලකුණු 07ක් පමණි.
 
 CR&FC‍ කණ්ඩායම වෙනුවෙන් ජනිදු දිල්ශාන් සහ ගැමුණු චේතිය උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළ අතර රීස් මුබාරක් ප‍්‍රවර්ථන 3ක් සහ දඬුවම් පහර 3ක් එල්ල කිරීමට සමත් විය.
 
 CH&FC කණ්ඩායම වෙනුවෙන් සත්‍ය රණතුංග උත්සාහක දිනුම් 2ක් සහ ප‍්‍රසාද් මදුසංක එක් උත්සාහක දිනුමක් වාර්තා කළේය. අර්ෂාඞ් ජමාල්ඞීන් එක් ප‍්‍රවර්ථනයක් සාර්ථක කළේය.
 
 තරගයේ වීරයා ලෙසින් රිසා මුබාරක් නම් කෙරිණි.
 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles