Divaina - ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ දකුණු ආසියාවේ මලල කී‍්‍රඩා අණසක පතුරවති - ඉතිහාසයේ පළමු වරට මල්ලවපොර කී‍්‍රඩිකාවෝ රන් දිනති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

p16 1නේපාලයේ පැවැත්වෙන දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ රන් පදක්කම් ගණන 33 දක්වා ඉහළ දමා ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ (08 වැනිදා) සවස් වන විට සමත් වී සිටියේය. එ් අනුව මෙවර තරගාවලියේ පදක්කම් සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන ශ‍්‍රී ලංකාව මේ වන විට දිනා ඇති මුළු පදක්කම් ගණන 174ක් වන අතර ඊට රිදී පදක්කම් 58ක් සහ ලෝකඩ පදක්කම් 83ක් ඇතුළත් වේ.
 
 2019 දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ පදක්කම් සටහනේ පෙරමුණේ පසුවන ඉන්දියාව ඊයේ සවස් වන විටදී සිය පදක්කම් ගොන්න 218 දක්වා ඉහළ දමා ගැනීමට සමත් වී සිටියේය. ඊට රන් පදක්කම් 112ක් සහ රිදී පදක්කම් 69ක් සමගින් ලෝකඩ පදක්කම් 37ක් ඇතුළත් වේ. දෙවැනි ස්ථානයේ පසුවන නේපාලය රන් පදක්කම් 43ක්, රිදී පදක්කම් 34ක් සහ ලෝකඩ පදක්කම් 65ක් සමගින් පදක්කම් 142ක් දිනා ගැනීමට සමත්ව තිබිණි.
 
 මේ අතර ආසියානු කී‍්‍රඩා උළෙලේ වසර 28ක ඉතිහාසය වෙනස් කිරීමට මෙවර ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා කණ්ඩායමට හැකියාව ලැබිණි. මෙතෙක් කාලයක දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලකදී දිනා ගත් වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවට හිමිකම් කියමින් ආසියාවේ පෙරමුණ ගැනීමට ඔවුන් සමත් විය. එ් අනුව මෙවර තරගාවලියේදී ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා කණ්ඩායම රන් පදක්කම් 15ක් දිනා ගැනීමට සමත් වූ අතර එය විදෙස් රටකදී පැවැති ආසියානු කී‍්‍රඩා උළෙලකදී ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා කණ්ඩායම වැඩිම රන් පදක්කම් ගණනක් දිනු පළමු අවස්ථාව ලෙසින්ද සටහන් විය. මීට පෙර 1991 වසරේදී ශී‍්‍ර ලංකාව සත්කාරකත්වය දැරූ 5 වැනි දකුණු ආසියානු කි‍්‍රඩා උළෙලේදී රන් පදක්කම් 15ක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් වී තිබිණි.
 
 මල්ලවපොර කණ්ඩායම රන් දිනයි
 
 දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලකදී මල්ලවපොර තරග ඉසව්වෙන් පළමු වරට රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවෝ ඊයේ සමත් වූහ. කිලෝ ග‍්‍රෑම් 65 බර පන්තිය යටතේ තරග වැදුණු දිල්හානි වීරබාහු එම ඉසව්වේ රන් පදක්ම දිනා ගැනීමට සමත් වූවාය. මීට අමතරව කිලෝ ග‍්‍රෑම් 72 බර පන්තිය යටතේ තරග වැදුණු අයෝමි සෙනෙවිරත්න එහි රන් පදක්කම ශී‍්‍ර ලංකාවට දිනා දීමට සමත් වූවාය.
 
 බීච් වොලිබෝල් කණ්ඩායම්  රන් පදක්කම් අභියස
 
 බීච් වොලිබෝල් තරගාවලියට සහභාගී වූ ශ‍්‍රී ලංකා කාන්තා හා පිරිමි කණ්ඩායම් හතරම එහි අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත්ව තිබේ.
 
p16 5 ශ‍්‍රී ලංකා ‘ඒ’ හා ’බී’ පිරිමි කණ්ඩායම් දෙක පාකිස්තාන පිරිමි කණ්ඩායම් දෙක පරාජය කරමින් මෙවර රන් පදක්කම සඳහා පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගනිද්දී, කාන්තා ‘ඒ’ හා ‘බී’ කණ්ඩායම් නේපාල කණ්ඩායම් දෙක පරාජයට පත් කරමින් එහි රන් පදක්කම සඳහා පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුකම් ලබා ගත්තේය.
 
 ඒ අනුව ශ‍්‍රී ලංකාවට මෙම තරග ඉසව්වෙන් පමණක් රන් පදක්කම් 2ක් සහ රිදී පදක්කම් 02ක් දිනා ගැනීමට දැනටමත් අවස්ථාව උදා වී තිබේ.
 
 කාන්තා කි‍්‍රකට් පිල රිදී දිනයි
 
 තරගාවලියේ කාන්තා කි‍්‍රකට් තරග ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට ශී‍්‍ර ලංකා කාන්තාවෝ සමත් වූහ. අවසන් මහා තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම හමුවේ ලකුණු 2ක පරාජයක් ලැබීම හේතුවෙන් ඔවුන්ට අදාළ තරගයේ රන් පදක්කම අහිමි වී ගියේය.
 
 කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායිකා පළමුව පන්දුවට පහර දීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කර සිටි අතර ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 8කට ලකුණු 91ක් රැුස් කිරීමට බංග්ලාදේශ ක‍්‍රීඩිකාවෝ සමත් වූහ. එ් අනුව ජයග‍්‍රහණය සඳහා ලකුණු 92ක ඉලක්කය
 
 හඹාගිය ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලූ 8ක් දැවී රැුස්කර ගතහැකි වූයේ ලකුණු 89ක් පමණි.
 
 ලකුණු සටහන
 
 බංග්ලාදේශ කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20කදී කඩුලූ 8ක් දැවී 91 (සංජිදා ඉස්ලාම් 15, නයිගර් සුල්තානා නොදැවී 29, ෆහීමා කහුටුන් 15, උමේෂා තිමාෂිනී 4/08)
 
 ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20දී කඩුලූ 8ක් දැවී 89 (හර්ෂිතා මාධවී 32, ලිහිණි අප්සරා 25, නහීඩා අක්තාර් 2/09)
 
 23න් පහළ කණ්ඩායම රන් පදක්කමට  කිට්ටු කරයි
 
 බංග්ලාදේශය සමගින් ඊයේ පැවැති අවසන් පූර්ව තරගය කඩුලූ 9කින් ජයගත් ශී‍්‍ර ලංකා 23න් පහළ කි‍්‍රකට් කණ්ඩායම අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීය. එ් අනුව මේ දක්වා තරගාවලියේ අපරාජිතව සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායම සමග අද (09 වැනිදා) අවසන් මහා තරගයට කී‍්‍රඩා කිරීමට නියමිතව සිටී.
 
 කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට බංග්ලාදේශයට ආරාධනා කරසිටි අතර ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 6ක්් ලකුණු 150ක් රැුස් කිරීමට ඔවුන් සමත් විය. ජයග‍්‍රහණය සඳහා ලකුණු 151ක ඉලක්කය හඹාගිය ශ‍්‍රී ලංකා වයස 23න් පහළ කණ්ඩායම පන්දුවාර 16.1කදී එක් කඩුල්ලක් පමණක් අදාළ ඉලක්කය පසුකර ගියේය.
 
 ලකුණු සටහන
 
 බංග්ලාදේශ වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම පන්දුවාර 20දී කඩුලූ 6ක් දැවී 150 (මහිදුල් ඉස්ලාම් 44, යසීර් අලි 51, සකීර් හසන් නොදැවී 20, අසිත ප‍්‍රනාන්දු 2/29)
 
 ශ‍්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම පන්දුවාර 16.1කදී කඩුල්ලක් දැවී 151 (පැතුම් නිස්සංක නොදැවී 67, ලසිත් කෲස්පුල්ලේ නොදැවී 73)

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles