Divaina - වෝනර් වීරයා වෙද්දී පාකිස්තානයට 2-0 ක තරගාවලි පරාජයක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

p16 4පාකිස්තාන් දෙවැනි ඉනිම විනාශ කර දැමූ නෙදන් ලයන් (69/5) ඇඩිලේඞ් හී පැවැති දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී ඔස්ටේ‍්‍රලියානුවන්ව ඉනිමක සහ ලකුණු 48 ක ජයග‍්‍රහණයක් කරා රැුගෙන යෑමට ඊයේ (02 දා) සමත් විය.
 
 පිට පිටම දෙවැනි ඉනිම ඇරඹු පාකිස්තානයට එහිදී ලබාගත හැකිවූයේ ලකුණු 239 ක් පමණි. පළමු ඉනිමේදී පාකිස්තානුවන්ගේ එකදු කඩුල්ලක් හෝ දවා ගැනීමට නොහැකි වූ නෙදන් ලයන් දෙවැනි ඉනිමේදී පන්දුවාර 25 ක් යවමින් ලකුණු 69 කට පාකිස්තාන් පිතිකරුවන් පස්දෙනකු දවා ගත්තේය.
 
 සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ පළමු ත‍්‍රිත්ව ශතකය (335) වාර්තා කළ ඬේවිඞ් වෝනර් තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. තරගාවලිය 2-0 ක් වශයෙන් පරාජය වූ පාකිස්තානයට ටෙස්ට් ලෝක ශූරතාවයේදී එකදු ලකුණක් හෝ හිමි නොවූ අතර ඔස්ටේ‍්‍රලියානුවන් අදාළ තරග දෙකේදී ප‍්‍රසාද ලකුණු 120 ක් එකතු කරගනිමින් ටෙස්ට් ලෝක ශූරතා ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 176 දක්වා ඉහළ දමා ගත්තේය.
 
 පාකිස්තානයේ නව ටෙස්ට් නායක අසාර් අලීගේ පළමු නායකත්වය සහිත සංචාරයද මෙය විය.
 
 පාකිස්තාන් පළමු ඉනිමේදී නම් දැරූ පිතිකරුවන් අසාර්ථක වෙද්දී අංක අට පිතිකරුවා වූ යසීර් ෂා පළමු ටෙස්ට් ශතකය (113) වාර්තා කළ අතර දෙවැනි ඉනිමේදී ඔහු ලකුණු 13 කට දැවී ගියේය.
 
 ලකුණු තත්ත්වය
 
 ඔස්ටේ‍්‍රලියාව පළමු ඉනිම කඩුලූ 3 ට ලකුණු 589 යි.
 
 පාකිස්තානය පළමු ඉනිම 302 යි. දෙවැනි ඉනිම 239 යි. (ෂේන් මෂූඞ් 68, අසාද් සාෆික් 57, ඉෆ්තිකාර් අහමඞ් 27, මොහොමඞ් රිස්වාන් 45, නෙදන් ලයන් 69/5, හෙසල්වුඞ් 63/3 යි.)
 

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles